Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Showing posts with label wimal weerawansa. Show all posts

විමල් වීරවංශ අත්අඩංගුවට?

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද නිකුත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයක් සම්බන්ධයෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් අද කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරණ ලදි.

විමල් වීරවංශත් ආණ්ඩුවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම ඉතා අසීරු කටයුත්තක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එනිසා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකතු වී වැඩ කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ද හෙතෙම කියා සිටියේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් යන වචනයට අකමැති නම් තමන් ඒ වචනය ඉවත් කර සර්ව පාක්ෂික පාලනයක් ඇති කළ යුතු බවද ඔහු සඳහන් කළේය.


යුගදනව් බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධ වන කැබිනට් පත්‍රිකාව විධිමත් ලෙස ඉදිරිපත් නොකළ බව අධිකරණය හමුවේ කරුණු දක්වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.


ආණ්ඩුවේ තනතුරු දරමින් ආණ්ඩුව විවේචනය කරනවාට වඩා කොන්ද පණ තිබේ නම් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී ආණ්ඩුව විවේචනය කරන්නැයි දන්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

පොහොට්ටුවේ නායකයන්ගේ පස්ස පැත්තට පයින් ගහන එන අයට කන පැලෙන්න ගහන්න පසුපෙල මන්ත්‍රීවරුන් සුදානම් බවද ඔහු පැවසීය.


කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අයගේ අමාත්‍යාංශවල විෂය පථයන්හි නව වෙනස්කම් සිදුකිරීමට නියමිත බව සති අන්ත දිවයින පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඔවුන්ගෙන් ඉවත් කරන ලද එම විෂය පථයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකට තවත් ඇමතිධූර කිහිපයක් නිර්මාණය කිරීමට යොදාගනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.


විමල් වීරවංශ මහතා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශයෙන් තවත් කොටසක් ඉවත් කිරීමට නියමිතව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

එසේ ඉවත් කිරීමට දැනට සාකච්ඡා සාකච්ඡා කරමින් ඇත්තේ කහටගහ ග්‍රැෆයිට් සමාගම යයි ද වාර්තාවේ දැක්වේ.


අද වන විට ආණ්ඩුව තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධව සිටින සෙසු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීම එම කුමන්ත්‍රණ යැයි ද ඇමැතිවරයා පැවැසීය.


අමාත්‍ය විමල් වීරවංශ මහතාට බෝම්බ ගැසීමට සූදානම්ව ඇති බව පවසමින් 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානය වෙත ලද දුරකථන පණිවුඩය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව වැල්ලවත්ත පොලිසිය කියයි.


දේශපාලන ඇතිවන කුණාටු අලුත් ගොඩබිම් නිර්මාණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.


ඇමැති විමල් වීරවංශ මහතා සිදුකරමින් සිටින්නේ ජනාධිපතිගේ කොන්ත‍්‍රාත්තුවක්දැයි සැකයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටාර් අප්පුහාමි මහතා සඳහන් කරයි.


ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව වාර්තාවේ.


විමල් වීරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශයන් සමඟ මත ගැටුම් ඇති කර නොගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ වල නායකයන්ට දැනුම් දී ඇත.


2015 මහින්ද රාජපක්ෂ මහතාගෙන් පරාජයෙන් පසු විමල් වීරවංශ මහතා විශාල කර්තව්‍යයක් කළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කරයි.


කොළඹ වරායේ උපායමාර්ගිකව ඉතාමත් වැදගත් පර්යන්තය වන නැඟෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල, 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ඓතිහාසික තීන්දුවක් බවත් එය හෑල්ලුවට ලක් කරන්නේ එදා ‘යහපාලන ආණ්ඩුව’ හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණා දමන විට ‘බකන් නිලාගෙන’ සිටි පිරිසක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.


පෙර කලක තමන් විසින් ‘දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර’ ලෙස හැඳින්වූ රනිල් වික්‍රමසිංහ නැමති දේශපාලනඥයා පසුව ‘දියසෙන් කුමාරයා’ ලෙසින් පිළිගත් අවස්ථාවාදයේ කප්පිත්තකු වන පා.ච. රණවක වැන්නකු සමග කවර දේශපාලන පෙරමුණු දැයි ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර සිටියි.


රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟම ඔහුත් සමඟ පසුගිය දෙසැම්බර් මස ප්‍රිය සම්භාෂණයක විනෝද වූ දේශපාලඥයන් රැසකට කොරෝනා වෛරසය වැළදිමේ වැඩි ඉඩකඩක් මතුවී ඇතැයි වාර්තා වේ.

LUX , Lifebuoy සමට පිලිකාකාරකයි
යුනිලීවර් සමාගම විෂ සබන් විකුණන හැටි

අඹ ගහකට ගල් 10 ක් ගසද්දී එයින් අඹ ගෙඩියකට වදින්නේ ගලක් නැත්නම් දෙකකි.එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැය ශීර්ෂය පිළිබද විවාදයේදී හරි ඉලක්කයටම ගලක් වැදුණි. ප්‍රහාරය එල්ල කළේ ඇමැති විමල් වීරවංශය.

විමල් ගැහුවේ මේ රටේ සිටින ලොකුම බහුජාතික බූවල්ලා වූ යුනි ලීවර් සමාගමටය. ඔහු කළේ ඓතිහාසික ප්‍රකාශයකි. මේ රටේ ජනතාව ගේ ජීවිතවලට බලපාන ප්‍රකාශයකි.

“…ශරීරයට හානිකර සබන් වර්ග පිළිබඳව උසාවිවල නඩු තිබුණා. ඒත් ඒ නඩු ප්‍රතිඵල මාධ්‍යවල පළ වුණේ නැහැ. ඒවා එතරම් ප්‍රබලයි. ඒ සබන් පිළිකාකාරකයි, හානිකරයි කියලා නඩු තීන්දුවෙන් කියවුණා. කෝ පුවත්පත්වල පළ වුණාද? නැහැ.


ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ද්විත්ව පුරවැසි වගන්තය ඉවත් කරන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වූ හෙයින් අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේවා නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, මහාචාර්ය තිස්ස විතරණ ඇතුළු පිරිස විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

2015 ජනවාරි නවය දින සිට මහින්ද රාජපක්ෂව දේශපාලන පොළවේ නැවත දෙපයින් සිට ගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතව කැප කිරීමක් කල සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පයින් ගසා තිබේ. ඒ කැලුම් ජයසුමන නම් ප්‍රභල ෆේස්බුක් ක්‍රියාකාරියාට නාම යෝජනා ලබා නොදීමෙනි.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කල කැලුම් ජයසුමන එම පක්ෂයේ තිබූ අනන්ත මගඩි වලට එරෙහි වී පක්ෂයෙන් අයින්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමත් සමඟ එහි නායක විමල් වීරවංශ හා සාමාජිකයෝ කැලුම් ජයසුමන සමඟ වෛර බැදගත් බව නොරහසකි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook