Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ඉතා අඩු මුදලකට මිලදී ගන්නා ලද සම පැහැපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් තබාගෙන අලෙවි කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඇය විසින් අදාළ ක්‍රීම් වර්ග අලෙවි කරන ආයතන දෙකකින් රුපියල්, 2000, 3000, 5000, හා 6000ක මුදලකට මිලදී ගෙන ඒවා නැවත ඇසුරුම් කර අලෙවි කර ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.

අදාළ අයාතන දෙකෙහි සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වී ඇත.

මෙලෙස අඩුමිලට ලබාගන්නා ආලේපන වර්ග ඇය විසින් ඇසුරුම් කර රුපියල් විසි අට දහසේ සිට තිස් තුන්දහසක් දක්වා මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවත් ඇය විසින් ව්‍යාපාර නාම හතරකින් ලියාපදිංචි කර මෙම ව්‍යාපාරය සිදුකර ඇති බවත් හෙළිකරගෙන ඇත.

ඇය විසින් වට්ස්ඇප් හා ඉන්ටර්ග්‍රෑම් ගිණුම් හරහා එම ක්‍රීම්වර්ග ප්‍රවර්ධනය කර අලෙවි කර ඇති අතර එමගින් දිනකට රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර මුදලක් උපයාගෙන ඇති බවද මේ ව්‍යාපාරයෙන් ලද ආදායම්වලින් ඇය රුපියල් ලක්ෂ 700කට අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගී ජීප් රථයක් හා රුපියල් ලක්ෂ 280කට අධික වටිනා මෝටර් රථයක් ද මිලදී ගෙන ඇති බවය විමර්ශනවලදී අනාවරණ වී තිබිණි.

එමෙන්ම කොළඹ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 1400කට අධික වටිනා නිවසක් ද ඇය විසින් අදාළ මුදල් යොදවා මිලදීගෙන තිබිණි.

කෙසේ වෙතත් ඇය විසින් සත්‍යවශයෙන්ම මෙම ක්‍රීම් වර්ග අලෙවියෙන්ම මුදල් උපයාගෙන ඇති ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඉතා කෙටි කලක් තුළ නවීන පන්නයේ මෝටර් රථ හා මහල් නිවාස මිලදීගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන බවත්, මෙලෙස වත්කම් මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සහ ඇය විසින් නිති විරෝධී ක්‍රියාවන් සිදුකරන මුදල් උපයාගැනීමක් සිදුකර තිබේද යන්න පිළිබඳ මගෙන් රටට සංවිධානය විසින් පසුගියදා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකෙරිණි.

Aruna News

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook