හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු පක්ෂ හතක සන්ධානයක් වන 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය' එළඹෙන මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ (මාලිමාව) ජයග්‍රහණය සඳහා සියයට සීයක්ම සහයෝගය පළ කරන බව ප්‍රකාශ කරති.
වසර 2013දී සරත් ෆොන්සේකා මහතා පිහිටවූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඔහු ඉවත්වීමත් සමඟ එහි නව නායකයා ලෙස ආචාර්ය සේනක හරිප්‍රිය ආර්නෝල්ඩ් ද සිල්වා මහතා පත් වූ අතර තමා සභාපති ධුරයට පත් වූ බව ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා කීය.

තම පක්ෂය ප්‍රභා ගනේෂන් මහතා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තබමින් මෙවර මැතිවරණයට මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙකටම තම පක්ෂයෙන් අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, අපේ මවුබිම පක්ෂය, එක්සත් මහජන පෙරමුණ, එක්සත් කොන්ග්‍රස් පක්ෂය, ජාතික පාරිභෝගික සංවිධානය, සමස්ත ලංකා ජනතා කවුන්සලය, එක්සත් ලංකා ජනහඬ පක්ෂය යන පක්ෂ හත එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය බිහි කොට ඇත.
එහි මහලේකම් ආචාර්ය සුරේෂ් ගංගාදරන්, සභාපති මොහාන් පෙරේරා, උප සභාපති වි. ජ. මු. දමිත් ලොකුබණ්ඩාර යන මහත්වරු ඇතුළු දේශපාලන ක්‍රියාකාරින්, වෘත්තියවේදීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නව සන්ධානය ගොඩ නැගූ බවද ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වචනයෙන් නොව ක්‍රියාවෙන් නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දෙමින් මාලිමාව යටතේ පොදු ජනතාව බලාපොරොත්තු වන නාස්තිය, දූෂණය, අල්ලස සහ හොරුන් මැඩලීමට ගෙන යනු ලබන වැඩපිළිවෙළට උපරිමයෙන් සහයෝගය දැක්වීම තම පක්ෂයේ අරමුණ බවද ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සභාපතිවරයා අවධාරණය කළේය.
ඒ අනුව ශ්‍රී ලාංකික දේශපාලනයේ වෙනසක් සිදුකළ යුතු යැයි කල්පනා කරමින් කටයුතු කරන වත්මන් තරුණ පරපුර ඇතුළු සියලු පුරවැසියන්ගේ බලාපොරොත්තු ඉටුකරලීමට දක්ෂ උගත් බුද්ධිමත් නීතිඥවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, බැංකුකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්, ව්‍යවසායකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන්ගෙන් මැතිසබය සමන්විත කරවීමට ක්‍රියා කළ යුතුය. ඒ අනුව ඔවුන්ගේ සැදුම්ලත් පිරිපුන් නාමයෝජනා පත්‍ර සෑම දිස්ත්‍රික්කයකටම තම පක්ෂයෙන් ඉදිරිපත් කොට ඇතැයි කී ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුව විද්වතුන්ගෙන් පුරවාලීම ඡන්ද දායක පුරවැසියන්ගේ වගකීමක් බව ද පැවසීය.