ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා අනාවරණය කරයි
අදාල තීරණය ගැනීමට පක්ෂයේ රැස්වීමක් පැවැත්වෙන බවක් වත් තමා නොදන්නේ යැයි පවසන සේනාරාධිරාජා මහතා එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙන බවට ගත් තීරණයක් ගැනද තමා නොදන්නා බව පවසනවා.
එහෙයින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිල තීරණයක් ලෙස මෙම තීරණය සැලකීමට හැකියාවක් නොමැති බවද සේනාධිරාජා මහතා පැවසුවා.
සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම පක්ෂය ගත් පොදු තීරණයක් නොවේ යැයිද දෙතුන් දෙනෙකු විසින් ගත් පෞද්ගලික තීරණයක් යැයිද සේනාධිරාජා මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.
තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා ලෙස පත්කර ගත් එස්.ශ්‍රී ධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.සී යෝගේශ්වරන්, ශ්‍රී නේෂන් මහත්වරුන් ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් අදාල තීරණය ගත් රැස්වීමට සහභාගී වී නැතැයි ද මාවෙයි සේනාධිරාජා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.