Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


සමගියේ අවුල
 - ජාතික ලයිතු මනත්‍රී ධුරයට ඇනකොටා ගනියි 
හිරුනිකාට දෙනවාට ඉර මාධ්‍ය ජාලයෙන් සජිත්ට තහංචියක්
පිරිසක් අද රනිල්ගේ සහයට
සමගි ජන බලවේගයේ හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ, නීතිඥ අජිත් පී. පෙරේරා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් අතර දැඩි තරගයක් ඇති වී තිබෙන බවට වාර්තා වනවා.
මේ හේතුව නිසා සමගි ජන බලවේගයේ පක්ෂ අභ්‍යන්තරයේ ගැටළුකාරී තත්වයක් මතුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සමගි ජනබලවේගයෙන් නෙරපීමට එම පක්ෂය ගනු ලැබූ තීරණය නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමගින් මෙතෙක් දවස් ජනාදිපතිවරනය වෙනුවෙන් සිදුකල යුතු වැඩකටයුතුද පසෙක තබා මන්ත්‍රීදූරය ලබා ගැනීමේ සටනක් ආරම්බ කල ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ඔහුගෙන් පුරප්පාඩු වූ ආසනය එම පක්ෂයේ ඊ ළඟට වැඩිම මනාප ලබාගත් බන්දුලාල් බණ්ඩාරිගොඩ මහාතාට හිමිව තිබෙනවා.

ජාතික ලැයිස්තුවෙන් තේරි පත්වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ පුරප්පාඩු වූ ආසනය වෙනුවට ඉහත නම් සඳහන් කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ සහ මන්ත්‍රීවරියගේ දැඩි තරඟකාරිත්වයක් ඇතිව තිබෙන බවත් එම ආසනය කෙසේ හෝ ලබාගැනීමට ඔවුන් තිදෙනාම උත්සහ කරමින් සිටින බවත් වාර්තා වනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර උසාවියෙන් වැරදිකරු වී අභියාචනාවක් ඉදිරිපත් කර නිදහස්ව සිටින නිසා ඇයට මෙම මන්ත්‍රී ආසනය ලබා නොදිය යුතු බවට සජිත් ප්‍රේමදාස හමුවේ දැඩි ස්වර්යෙන් ගියවර ජනතාව ගෙදර යෑවු මෙම තරුණ හිටපු ඇමතිවරයා දිගින් දිගටම පක්ෂ නායකත්වයට පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ ගැටළුව දිගින් දිගටම ඉදිරියට ගියහොත් සමගි ජන බලවේගයට කොළඹ දිස්ත්‍රික්කයේ පැහැදිලි ඡන්ද අඩුවීමක් වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එය සමගි ජන බලවේගයේ පක්ෂ නායක මෙන්ම ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද පදනමට විශාල ලෙස බලපෑමට ඉඩ ඇති හෙයින් ඒ මහතා මේ සම්බන්ධයෙන් දැඩි අපහසුතාවකට ලක්ව ඇති බව සඳහන් වනවා.

ඇතිව තිබෙන ගැටළුකාරි තත්වය හේතුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා සමගි ජන බලවේගය තවමත් කිසිඳු තීරණයක් ගෙන නොමැති අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය නම්කිරීම ප්‍රමාද කරමින් සිටින බව දක්නට තිබේ.

මේ අතර සමගි ජන⁣බලවේගයේ සිට පිරිසක් අද රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයට එක්වන බව වාර්තාවේ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook