Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

DSI රාජපක්‍ෂ හොර සහෝදරයන්ගේ ගැහැලි මාට්ටු

සිය සමාගම් සමූහයට අයත් සමාගම් කිහිපයකින් තමන් දැරූ කළමනාකාර අධ්‍යක්ෂ ධූරවලින් හා අධ්‍යක්ෂධූරවලින් තමන්ව අයුතු සහගත ලෙස ඉවත් කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනමියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා DSI සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ගිහාන් සජිත් රාජපක්‍ෂ මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබන මස අටවෙනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ජනවාරි 19 වන දින නියම කළේය. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති DSI සමාගමේ කසුන් රාජපක්ෂ, තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, නෙලානි රාජපක්ෂ, අනුර ද සිල්වා, අසංක රාජපක්ෂ ඇතුළු සෙසු අධ්‍යක්ෂකවරුන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා පෙත්සම ලබන දෙවැනි දා යළි කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය.සිය සේවා දායකයා ඔහු දැරූ සමාගම්වල තනතුරු වලින් ඉවත්කොට ඇත්තේ සමාගම් පනතට සම්පූර්ණයෙන්ම පටහැනි ආකාරයෙන් හා ස්වභාව යුක්ති ධර්මයට පටහැනිව නිසි පෙර දැනුම්දීමකින් තොරව වන්නේ යැයි සජිත් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට පැවසීය. එකී සමාගම් සමූහයට අයත් සමාගම් අතරින් සියයට හැටකට අධික ශුද්ධ ලාභයක් සිය සේවා දායකයා මෙහෙය වූ සමාගම උපයා ඇති බවත් එකී දක්‍ෂභාවයන් හේතුවෙන් අනෙකුත් සමාගම්වල මූලිකයන් ලෙස කටයුතු කළ වගඋත්තරකරුවන්, ද්වේශ-සහගතව එකී කුමන්ත්‍රණය දියත් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය.

තවදුරටත් කරුණු අනාවරණය කරමින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ DSI සමූහ ව්‍යාපාරයේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ සහ ඩිල්ශාන් රාජපක්ෂ යන අය මෙරටින් පිට විවිධ පාවහන් හා සම්බන්ධ ව්‍යාපාර ආරම්භ කොට කූට ලෙස මව් සමාගමේ මුදල් විනිමය නීති වලට පටහැනි ආකාරයෙන් පිටුවහල් කර වංචා කර ඇති බවයි. මෙලෙස සමාගමට අහිමි කර ඇති මුළු මුදල මිලියන 400කට අධික බව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අධිකරණයට දක්වා ඇති කරුණු අනුව Azamaq Novelties Trading LLC යන ඩුබායි සමාගම හරහා මව් සමාගමට රුපියල් මිලියන එකසිය හතරක මූල්‍ය අවභාවිතාවක් ද, Y Communications QLD PTY LTD යන ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත සමාගම හරහා රුපියල් මිලියන 120ක මූල්‍ය අවභාවිතාවක් ද, Lakeland Footwear International Limited යන එක්සත් රාජධානියේ ස්ථාපිත සමාගම හරහා රුපියල් මිලියන හැත්තෑවක මූල්‍ය අවභාවිතාවක් ද වශයෙන් අති විශාල මූල්‍ය අවභාවිතා සිදු වී ඇති බව තහවුරු වී ඇත. තවද Samson Footwear Private Limited ආයතනය හරහා ඉන්දියාවේ ද ආයෝජනයක් සිදුකර ඇති අතර එම ආයෝජනයෙන් ද මව් සමාගමට පාඩු සිදුවී ඇති අතර Premier Synthetic Leather Manufacturing (Pvt) Ltd හරහා මව් සමාගමෙන් රුපියල් බිලියනයකට අධික ඇපකර ලබාගෙන ඇති බවද වැඩිදුරටත් අනාවරණය විය.

මෙවන් පසුබිමක සජිත් රාජපක්ෂ ප්‍රමුඛ රණතුංග රාජපක්ෂ පවුල විසින් මෙහෙයවනු ලබන සමාගම් සමූහයේ ලාභදායීම ව්‍යාපාර කූට ලෙස තමන් අණසකට ගැනීමට සජිත් රාජපක්ෂ එම තනතුරුවලින් ද්වේෂ සහගතව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් පෙන්වා දී ඇත.

මෙම ක්‍රියාදාමය හරහා දේශීය වශයෙන් දස දහස් ගණනකට රැකියා සපයන DSI සමූහ ව්‍යාපාරය ඉතා බරපතල අර්බුදයකට නුදුරේදීම පත් විය හැකි බවට කරුණු අනාවරණය වී ඇත.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook