Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කොළඹ එන්න එපා
අද සිට Online මගින් විදේශ ගමන් බලපත්‍ර අයදුම්කල හැකියි
ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්න

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන සේ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ක්‍රම වේදයක් හඳුන්වාදීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

එසේ මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්හට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදුකල හැකිය.
විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීමෙ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී 15.06.2023 එනම් අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා පවසයි.

නව වැඩපිලිවෙල ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති බවද ඔවුන් කියා සිටී.

විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන බවත්
මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා දෙන බවත් ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගත හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල

දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කාර්යාල

අම්පාර- සමන්තුරේ, පොතුවිල්
අනුරාධපුර- නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පතාන
බදුල්ල= මහියංගනය, හපුතලේ
මඩකලපුව- කෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි
කොළඹ- සීතාවක, හෝමාගම
ගාල්ල- කරන්දෙනිය, අක්මීමන, නෙළුව
ගම්පහ- මීගමුව, මීරිගම, ගම්පහ
හම්බන්තොට- තංගල්ල, තිස්සමහාරාමය
යාපනය- චාවකච්චේරි, පේදුරුතුඩුව
කළුතර- ඉංගිරිය, මතුගම, පානදුර
මහනුවර- ගම්පොල, කුන්ඩසාලේ, පූජාපිටිය
කෑගල්ල- ගලිගමුව, රුවන්වැල්ල
කිලිනොච්චිය කරච්චි
කුරුණෑගල- පු.ලි.දෙ. වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය
මන්නාරම- මන්තායි බටහිර
මාතලේ- නාවුල
මාතර- අතුරලිය, දෙවිනුවර
මොනරාගල- බුත්තල
මුලතිව්- මුලතිව්
නුවරඑළිය- අඹගමුව, වලපනේ
පොලොන්නරුව- ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ
පුත්තලම- පුත්තලම, හලාවත
රත්නපුර- බලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය
ත්‍රිකුණාමලය- කින්නියා
වව්නියාව- වෙංගලසෙට්ටිකුලම

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook