Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ආයතනය තුළ විධිමත් ප්‍රවර්ධන මඟක් ගැනීමට ළමයි හදන වැඩේ කරන්න ලොක්කට ඉඩ දෙන්න ඔින -
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂකවරිය මුහුණු පොතේ තැබූ සටහන

ක්‍රීඩා හා යෞවන කටයුතු  අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අවධානය පිණිසයි...

රාජ්‍ය සේවය තුල ලිංගික හිංසනය මෑතකාලයේ එතරම් ඇසුණ ප්‍රවෘත්තියක් ‌නොනොවෙයි.මුහුණු පොතෙහි අභිමානයවත් රාජ්‍ය සේවය නම් සමුහයේ දුටු සටහනකින් රාජ්‍ය සේවකයින් මෙන්ම සාමාන්‍ය ජනතාවද වික්ෂිප්තවී තිබෙනවා. ඒය මේවන විම සමාජජාලා තුල උණු කැවුම් සේ හුවමාරු ‌වෙමින් පවතිනවා.

එහි වයේ හිට්ලර් වැනි අන්තවාදී ප්‍රධානියකුගේ අවිධිමත් ක්‍රියා කලාපයන්ය. මෙහි කතෘ වන්නේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ පුහුණු නිළධාරිනියයකි. ඇය සදහන් කරන ආකාරය ‌ අප මෙලෙස උපුටා දක්වමු.අද සවස් කල දෙපාර්තමේන්තුවක ආරාධනය මත, කාර්ය මණ්ඩලය සඳහා සතිමත් පුහුණුවකට ඇරයුමකි .ඒ මගේ නිල නොවන සේවයයි.පුහුණුව අවසන, නිලධාරිනියක මගේ නිල සේවා ආයතනයෙහි පුරප්පාඩුවක් තිබේ දැයි විමසුවාය.

මගේ නිල සේවා ආයතනයේ රැකියාව ලැබුනේ, මගේ උපන්දිනය දා ය.මා හට පත්වීම් ලබාදුන් ආයතන ප්‍රධානියා, මගේ මරණය හා අකර්මණ්‍යතාවය තීරණය කළ පුද්ගලයා බව, ඒ වන විට නොදැන සිටියෙමි.
ආයතනය තුළ විධිමත් ප්‍රවර්ධන මඟක් වෙනුවට තිබුණේ විවාහය, දරුවන් සෑදීම වැනි කරුණුය.අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් අදාල නැත.

වඩාත්ම සුදුසුකම් ලැබුවේ, සිය කලත්‍රයා සමඟ අමනාපව පසුවන්නන් ය. නිලධාරීන් අතර අහිතකර තරගයක් ද ඇති කර තිබුනේ, පීඩනයට පත්වන නිලධාරීන් නිසගයෙන්ම ඉවත්වන ලෙසට ය.
ආචාර්ය උපාධිය මග නවතා,මෙම ආයතනයේ රැකියාවට පැමිණි මා විවිධ අධ්‍යාපන හා වෘත්තිය අත්දැකීම් ලබා ගැනීමට උනන්දු වෙමින් සිටි අයෙකු විනා, දරුවන් සෑදීම සඳහා අවධානය යොමු නොකළ අයෙකි.මට එහි අවශ්‍යතාවයක් ද නොවීය.

නමුත් ආයතනික සංස්කෘතිය මත විවාහ වී, දරුවන් සෑදීමට උත්සුක වුණෙමි.එය අපට ස්වභාවිකව කළ නොහැකි විය.ඒ අනුව කෘත්‍රිමව සත් වරක් උත්සාහ කළෙමි.නමුත් සාර්ථක නොවීය.
එහි අතුරු ඵලයක් ලෙස, මගේ ශරීරයේ අභ්‍යන්තර අවයව විනාශ වීම ඇරඹුණි.
 
මම ආයතනයට මහත් සේ ආදරය කරමි.ආයතනයක ප්‍රධානියෙකු ලෙස පත් විය යුත්තේ, නිලධාරියකු මිස වසර 10 කට වඩා රැදී සිටින පුද්ගලයකු නොවේ.

ඔබගේ ආයතනය තුළ අනියම් ප්‍රවර්ධන මාර්ග වළකා, විධිමත් ප්‍රවර්ධන මගක් සකසා ගන්න.මෙය සටහන් කරන්නේ, මෙවැනි අකර්මණ්‍යතා වළකා ගත හැකි බව මා හොඳින්ම දැන සිටියද, ආයතනික අනවශ්‍ය පීඩනය මත මා මුලා වූ නිසාය. උපුටා ගැනීම අවසන්

පැත්ත ගියත් ඇත්ත කියන ගොසිප්99  අප මෙම ප්‍රවෘත්තිය පලකිරීමට ප්‍රථම මේ පිළිබද සනාථකර ගැනීමට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රධාන කාර්‍යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල සිටින නිළධාරීන්ගෙන් විමසීම් කල අතර ඔවුන් මේ බව සනාථකල අතර මෙම ප්‍රධානියා  අධික ස්තීලෝලියකු බව ප්‍රචලිත කරුණකි. මොහු යටත් නිළධාරීන් අධික ලෙස මානසික පිඩාවට ලක් කරන අතර ඒ තුලින් ඔහුගේ පහත් ආශාවන් ඉටුකරගන්න බවත් බොහෝ නිළධාරීන් පැවසුවා.

අන් මතයකට කිසිදු ලෙසකට සවන් නොදෙන අතර අශීලාචාර ආකාරයෙන බැන වදීන අතර පුදුම කාරණයනම් වසර 11 ක් මෙම තනතුරේ රැදී සිටීමයි. මේ පිලිබදව ගරු ජනාධිපතිරයාගේ හා ක්‍රීඩා ආමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අවධානය යොමු වෙතයි අප බලාපොරොත්තු වෙනවා. මෑත කාලීන කළමනාකරණය සංකල්ප යටපත් කරමින් අපව නැවත ගල්‍ යුගයට ගෙනයන මෙවන් පහත් නිළධාරීන් රාජ්‍ය සේවයට හා රටට පිළිලයකි.

ක්‍රීඩා හා යෞවන කටයුතු  අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අවධානය පිණිසයි...


අප වෙබ් අඩවියතුල පිළිතුරු දීමේ අයිතිය සදහා අවස්තාව සලසාදී ඇත

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook