Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මට අවංක ආදරයක් කවදාවත් ලැබිලත් නැහැ  
මට ආදරේයි කියලා මුලින් හිටපු පෙම්වතුන් තුන් දෙනාම මාව මිස්‍ යූස් කරා 
ලිවින් ටුගෙදර් ඉන්න කැමතියි - 
යුරේනි නොෂිකා

යුරේනි නොෂිකා මේ නම, රූපය, කට හඩ නොදන්න කෙනෙක් නැහැ. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න යුරේනි නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. ආකර්ෂණීය විලාසිතා නිසා කවුරුත් ආදරේ කරන ඇය මේ දවස්වල නම් කතාබහට ලක් වෙලා ඉන්නේ හිරු රූපවාහිනීයේ විකාශය වෙන Happy hour වැඩසටහන නිසයි. කටකාර දඟකාර විදිහට සමාජය දැක්කත් ඇයත් දුක, සතුට, වේදනාව විදින යුවතියක්. මේ කතාබහ ඇය ගැනයි.

හිරු නාළිකාවේ ඉරිදා උදේ විකාශය වෙන Happy hour වැඩසටහන නිසයි ඔය කතාබහ යන්නේ. මට නම් ඒක තුන් තේරවිලි වගේ. ලෝකේ නම් ඕන තරම් ඕපන් කතා කරන වැඩසටහන් තියෙනවා. නමුත් ලංකාවේ ඒ වගේ වැඩසටහන් කරන එක අභියෝගයක්. ඒත් හිරු නාළිකාවෙන් ඒ අභියෝග ය මට භාර දුන්නා. කොහොම නමුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද එන තරුත් ඕපන් කතා කරනවා. 

සමහර කලාකරුවන් ගොඩක් දේ හංගලා චරිත මේන්ටේන් කරන්න තමයි වැඩසටහන්වලට එන්නේ. නමුත් මේ වැඩසටහනේදි එහෙම නැතුව හැමෝම ඕපන් කතා කරනවා. අපි සෙක්ස් ගැනත් ඕපන් කතා කරනවා. සෙක්ස් ගැන ඕපන් කතා කරා කියලා මොකුත් වෙන්නේ නැහැ . මිනිස්සු නම් බැණ බැණ බලනවා කියලා ලැබෙන ප්‍රතිචාර වලින් තේරෙනවා. හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ පිටරට ඉන්න ලාංකිකයින්ගෙන්.

ඔය වැඩසටහන නිසා යුරේනි ප්‍රසිද්ධියේ අපහසුතාවට පත් වෙලා නැද්ද ..?

කොහෙත්ම නැහැ. නිෂ්පාදක මට කියලා තියෙන්නේ අකමැති හෝ අපහසුතාවට පත් වෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවා අයින් කරලා වැඩසටහන කරන්න කියලා. නමුත් මට කෝකත් එකයි. මම කැමතියි වෙනස් දේ කරන්න. ඒ නිසා මම එන කලාකරුවන් අපහසුතාවට පත් නොකර ඔවුන් අකමැතිද අහලා කතා කරනවා. එන හැමෝමත් හරිම කැමැත්තෙන් ඕපන් කතා කරනවා.

වැඩසටහනට ආරාධනා කරද්දී ඒ ෆෝමැට් එකට වැඩ කරන්න ඔබ එකඟ වෙන්නේ වැඩිපුර ප්‍රසිද්ධියක් බලාගෙන ද?

කලාකරුවන් කියන්නේ ජනප්‍රියත්වය හෝ ප්‍රසිද්ධිය තියෙන්න ඕන. ඒවා බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කියන්නේ බොරුවක්නෙ. නමුත් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15ක්. එදා ඉඳලම මගේ ජනප්‍රියත්වය එක සේ තියෙන්නේ මගේ වාසනාවට. ඒක වැඩි කරගන්න ඕන කියලා මේක භාර ගත්තේ නැහැ. මම එහෙම ප්‍රසිද්ධිය බදාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. නමුත් මේ වැඩසටහනට ආරාධනා කළාම වෙනස් ෆෝමැට් එකක් නිසා භාර ගත්තා. ෂුවර්! මේක මට හැරෙන්න වෙන කෙනෙකුට කරන්න බැහැ.

ඉස්සරට වඩා දැන් අයුතු යෝජනාත් වැඩි වෙලා ඇති ..?

කොහෙත්ම නැහැ. මම හිතන්නේ මට එහෙම යෝජනා කරන්න මිනිස්සු බයයි වගේ. මම කිදුරංගනා නාට්‍යයේ කොටට ඇඳලා ෆැෂනබල් විදිහට චරිතය කරපු කාලේ නම් පැයකට ගාන කීයද වගේ අහලා කෝල්ස් ආවා. දැන් ඉන්ස්ටර්ග්‍රෑම් ෆේස්බුක් මැසෙජ් එන අවස්ථා තියෙනවා රැයක් මගෙත් එක්ක ගත කරන්න එන්න පුළුවන්ද? ඩිනර් අවුට් එන්න කැමතිද වගේ මැසෙජ්. ඕවා ඉතිං ගණන් ගන්න ඕන දේවල් නෙමෙයි. වචන විතරයි.

පිරිමි පාර්ශ්වය යුරේනිට කෙලින් අයුතු යෝජනා කරන අවස්ථා තියෙනවාද?. ඒ වගේ අවස්ථාවල ඔබ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ?

කෙළින් අහලා නැහැ. මම කලින් කිව්වා වගේ මට බයයි පිරිමි එහෙම අහන්න. ඒක මගේ වාසනාවක්. මම කොහොමත් හයියෙන් හිනා වෙලා විහිළු කරලා ප්‍රතිචාර දක්වනවා එහෙම යෝජනා ආවොත්.

“මම ඇයි මෙහෙම චාටර් වෙන්නේ“ කියලා හිතිලා නැද්ද ඔබට ලැබෙන අවලාද ප්‍රතිචාර එක්ක..?

නැහැ. මම විශ්වය එක්ක ගනුදෙනු කරන කෙනෙක්. උදේ නැගිටලා පළමු පැය වෙන් කරන්නේ ඒකට. මගේ මනස දියුණුයි. ඉස්සර නම් කම්පා වුණු අවස්ථා තියෙනවා

ප්‍රේම කරන මුවාවෙන් ඔබව පාවිච්චි කළ අය ඇති, ?

අම්මෝ මට ආදරේයි කියලා මුලින් හිටපු පෙම්වතුන් තුන් දෙනාම මාව මිස්‍ යූස් කරා. මගේ ජනප්‍රියත්වයට ඒ අය ආදරේ කරන්න ඇති. මනුස්සයෙක් එක්ක යහන්ගත වෙන්නත් විස්වාසයක් ඉමෝෂනල් ෆීලිං එකක් තියෙන්න ඕනනේ. එහෙම විශ්වාස කරලා ආදරේ කරපු තුන් දෙනාම මාව පාවිච්චි කළා.

ඔය හේතු නිසාද තනිකඩව ඉන්නේ..?

ඔව්. අවංකව ආදරේ කළේ යුරේනි නොශිකා කියන රංගන ශිල්පිණිය අදාළ කරගත්තේ නැතිව එක්කෙනයි. ඒ තමයි අවුරුදු 15 කලින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ෆිට්නස් කෝච්. ආදරේ ආරක්ෂාව ගෞරවය ඔක්කොම තිබ්බේ එයා ළඟ. එතකොට මම පොඩි වයසක හිටියේ. ඒ ආදරේ හරි ආදරණීයයි. 2009 ඉඳලා මේ වෙනකල් අවංක ආදරයක් ලැබිලත් නැහැ. මම අවංකව ආදරේ කළෙත් නැහැ.

ලිවින් ටුගෙදර් සංකල්පයට කැමති ද..?

ඔව්, විවාහයකට නොගියොත් මට හොඳ කෙනෙක් ලැබුණොත් ලිවින් ටුගෙදර් ජීවත් වෙනවා. ප්‍රශ්න ඇති වෙන බැඳිම් නම් ඕන නැහැ. ඊට වඩා තනියම ඉන්න එක වටිනවා.

ඔය හැම කතාබහක් වගේම ඔබ මිල අධික වාහනයක් මිලදි ගත්තේ...? නොයෙක් දෙනා කියන කතාවේ ඇත්ත මොකක්ද?

මම කවදාවත් මැරීගෙන හම්බ කරලා නැහැ. මම වැරැදි වැඩ කරලා රුපියලක්වත් හම්බ කරලා නැහැ. මම අවුරුදු එකොළහක් තිස්සේ විශ්ව ශක්තිය විශ්වාස කරමින් එය අනුගමනය කරමින් ජීවත් වෙන කෙනෙක්. මිනිස්සු කතා කියනවා. මම ඒවා මේ කනෙන් අහලා අනෙක් කනෙන් පිට කරන කෙනෙක්. මම ඍණාත්මක සිතුවිලි එක්ක ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා වාසනාවට මට ලැබිම් තියෙනවා.

silumina

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook