Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඇමති ටිරාන්ගේ ඉල්ලීමට ඕමාන ව්‍යාපාරිකයා එකඟවෙයි
ලංකාවෙන් නොයන බව කියයි

ආරක්ෂාව තර කිරීමට දැඩි පියවර ගෙන ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට කටාන අල් ඔබෙයිදානි ඇපරල් කර්මාන්තශාලාවේ හිමිකරුගෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ එම කර්මාන්තශාලාවේ හිමිකරු කලීෆා අල් ඔබෙයිදානි සමග පැවති සාකච්ඡාවකදීයි.

එමෙන්ම මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන බවත් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවටත් එහිදී ඕමාන ව්‍යාපාරිකයාට අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර තමන් ඇතුලු‍ අයෝජන මණ්ඩල නිලධාරින්ද මෙම ඕමාන ව්‍යාපාරිකයා සමග කළ සාකච්ඡාවේදී කර්මාන්තශාලාව මෙරටින් රැගෙන නොයාමට ඔහු එකගතාව පළ කළ බවයි අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලු‍ම් අමුණුගම ප්‍රකාශ කළේ.

කටාන - හල්පේ - කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටි අල් ඔබෙයිදානි කර්මාන්තශාලාවේ කළමනාකරණ අධ්‍යක්ෂ කලීෆා අල්ඔබේදානි සහ ආරක්ෂක නිලධාරියෙකු එම කර්මාන්තශාලාවට පැමිණි පිරිසකගේ ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කෙරුණේ පසුගිය මාර්තු 30 වනදායි.

වාහන කුලී පදනම මත ලබාගැනීමට යාමේදී ඇතිවූ ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ලවී තිබුණා.

පහරදීම සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනෙකු කඩිනමින් මුදා හැරීම සම්බන්ධයෙන් කර්මාන්තශාලාවේ පාලනාධිකාරියෙන් සහ එහි සේවකයන්ගෙන් පොලිසියට චෝදනා එල්ලවුණා.

මේ අතර මෙම ප්‍රහාරයට එම ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ අධාරකරුවන් පිරිසක් සම්බන්ධ බවටයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට මීට පෙර අනාවරණ වුණේ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook