Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මම  නිළියක් වෙනවා කියලා කියද්දී පන්තියේ ළමයි මට හිනා වුනා 
 There is a Body’ මිනි වෙබ් සීරිස් එක නිසා කතා බහට ලකු වූ රෙබෙකා දිල්රුක්ෂි

There is a Body’ උමතු ගැහැනියකගේ අභිරහස් කතාව You Tube හරහා ඉතා ජනප්‍රිය වුණා. එහි කතා නායිකාව රෙබෙකා දිල්රුක්ෂි සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවෙත් ඒ නිසාමයි.

‘රෙබෙකා දිල්රුක්ෂි’ ගැන අද වෙද්දී බොහෝ දෙනෙක් කතා කරනවා නේද?

ඔව්. ඇත්තටම මේ කාල සීමාව තුළ මගෙන් එක්ක බොහෝ දෙනෙක් කතාබහ කළේ ‘There is a Body’ මිනි වෙබ් සීරිස් එක නිසා. මේ මිනි වෙබ් සිරිස් එක කොටස් 6ක නිර්මාණයක්. මේ වෙද්දී මේ වැඩේ අවසන් වෙලත් සති කිහිපයක් වෙනවා. ඒත් අදටත් මට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. බොහෝ දෙනෙක් මේ වැඩ කටයුත්ත ගැන කතාබහ කරනවා. මාව මෙතෙක් නොදැන හිටපු අයත් මාව දැන ගත්තා මේ නිර්මාණයෙන් කිව්වොත් හරි.ඉතින් ඒ විදියට ප්‍රතිචාර ලැබුණු බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වුණු මේ උමතු ගැහැනියගේ අහිරහස් කතාව ගැන සඳහනක් කළොත් ?

මේ ඇත්තටම අමුතුම ටෙලි සීරිස් එකක්. මේ උමතු ගැහැනිය ‘රාධිකා’ ඇය විවාහක ගෑනියෙක්. නමුත් ගෑනියෙක් තමන්ගේ කුටුම්භ ජීවිතේ ඇතුළත ඒ ප්‍රාර්ථනා කරන සතුට සැනසීම ඇය හොයන ජීවිතේ ඇයට ලැබෙන්නේ නැහැ. ඒ විදියට කල් ගෙවද්දී රාධිකාට ෆේස් බුක් හරහා ඇයට වඩා බාල තරුණයෙක් මුණ ගැහෙනවා. එතැනින් එහාට ඇගේ ජීවිතේ මුහුණ දෙන්න වෙන සිදුවීම් රැසක් මේ තුළ තියෙන්නෙ. මෙහි තිර පිටපත අනුෂ්ක රසාංජන සිල්වා මහත්මයාගේ. ජෝ දිසානායක මහත්මයා තමයි අධ්‍යක්ෂණය කරන්නෙ. ඇත්තටම මේ නිර්මාණය You Tube තුළ මෙතරම් අවධානයට ලක්වුණේ මෙහි පිටපත් රචනය සිරාවට සිදු කෙරෙනවා. අධ්‍යක්ෂවරයා ඒ පිටපත ඉතා දක්ෂ ලෙස මෙහෙයවනවා.

මේ නිර්මාණයට සම්බන්ධ වීමට පෙර මම ජෝ දිසානායක මහත්මයාගේ නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හැඳුනුම්කම මත තමයි මේ වෙනුවෙන් මාව සම්බන්ධ කර ගත්තෙත් ඇත්තම කියනවා නම් මේ නිර්මාණයට සම්බන්ධ වෙද්දී නම් මම හිතුවෙ නැහැ මෙතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගන්න හැකිවෙයි කියලා. ඇත්තටම මම විශ්වාස කරන විදියට මේ නිර්මාණය පත්තු වෙන්න ලොකුම හේතුව වුණේ අධ්‍යක්ෂවරයාගේ සිට මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටපු කණ්ඩායමේ හැම දෙනාගේම සහයෝගය. ඒ දේවල් එක්කම මේ නිර්මාණය වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියෙත් ප්‍රවීන දක්ෂ රංගන ශිල්පීන් ඔවුන් සමග රංගනයේ යෙදීමම මට ගොඩක් වටිනාකමක් එකතු වුණු දෙයක්. විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ ප්‍රවීණ රංගන ශිල්පී සාරංග දිසාසේකරව. ඔහු තමයි මගෙත් එක්ක මේ වෙනුවෙන් ප්‍රධාන රංගනයෙන් සම්බන්ධ වෙලා හිටියෙ. ඒ ශිල්පීන් එක්ක වැඩ කරද්දී ඒ සහයෝගය හරිම වටිනවා. හරිම ආදරණීයයි. ඉතින් ඒ හැමදේම එක්ක තමයි මේ වැඩ කටයුත්ත සාර්ථක කර ගන්න ලැබුණෙ. ඉතින් අද වෙද්දී ලබන ප්‍රතිචාර ගැන ලොකු සතුටක් තමයි තියෙන්නේ.

You Tube හරහා කතා බහට ලක්වුනු රෙබෙකා පුංචි තිරයෙන් හමුවුනු රංගන ශිල්පිනියක් නේද?

ඔව්. මම තණමල්විල කොල්ලෙක්, සහෝදරයෝ වීදුරු මල් වගේ ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදිත් ටෙලි නිර්මාණ තුනක් සහ සිනමා නිර්මාණයක් තුළින්ද දැකගන්න ලැබෙයි. නමුත් මම වැඩි වශයෙන් සම්බන්ධ වෙන්නෙ කෙටි චිත්‍රපටවලට තමයි.

කොයි තරම් නිර්මාණවලට සම්බන්ධ වෙලා හිටියත් You Tube හරහා කතාබහට ලක්වුනු රංගන ශිල්පිනියක් විදියට නේද ඔබ හඳුන්වන්න පුළුවන්?

ඔව්. ඒ විදියට බොහෝ දෙනෙක් මාව හැඳින්වුවත් මම ප්‍රධාන වශයෙන්ම වේදිකා නාට්‍යවල වැඩ කරපු කෙනෙක්. මම වැඩිදුර ඉගෙන ගත්තෙත් නාට්‍ය හා රංග කලාව. ඒ සම්බන්ධව ශ්‍රීපාලියේ විශේෂවේ දී උපාධියකුත් ලබාගෙන තියෙනවා. ඒ හැමදේමත් එක්ක මම කැමති නම් වේදිකා නාට්‍ය නිළියක් විදියට මාව හඳුන්වනවා නම් නමුත් ඉතින් වේදිකා නාට්‍ය නරඹන පිරිස අද අඩුයිනෙ. ඒ පිරිස සීමිතයි. අද වෙද්දී රූපවාහිනියට U Tube වලට බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නෙ. මොකද මිනිසුන්ට ළඟම තැනනෙ ඒ. වේදිකා නාට්‍යයක් නරඹන, සිනමා නිර්මාණයක් නරඹන අද මිනිසුන්ට වෙලාවක් නැහැ. ඒවාට නැඹුරුම වුන පිරිසක් ඇරෙන්න ඒ වෙනුවෙන් කාලය වැය කරන පිරිස අඩුයි.

වේදිකාවට සම්බන්ධයි කියන්නෙ රෙබෙකා අත්දැකීම් බොහොමයක් ලබපු රංගන ශිල්පිනියක් ද?

ඔව්. ඇත්තටම මට මතක ඇති කාලෙ ඉඳලම මට ඕන වුණේ රංගන ශිල්පිනියක් වෙන්න. ඉස්සර පොඩි කාලෙ ඉස්කෝලෙදී අහනවනෙ ලොකු වුණාම කවුරු වෙන්න ද කැමති කියලා. ඉතින් මම කියන්නෙ නිළියක් වෙනවා කියලා. එහෙම කියද්දී පන්තියේ ළමයි මට හිනා වෙනවා. ඒ නිසාම මම පසුකාලීනව වූ දේ කියන්නෙ නැතිව අනිත් අය වගේ කියන්නේ ටීච කෙනෙක්, ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා. නමුත් මගේ හිත ඇතුළෙ කැකැරුණේ නිළියක් වෙනවා කියන දේම තමයි. ඒ සිතිවිල්ල එක්කම ජීවත් වුණු මට වෙන වෘත්තියක් ගැන හිතුනේම නැහැ. ඒ නිසාම පාසල් වේදිකාවටත් සම්බන්ධ වෙලා මම වැඩ කරනවා. මම ඉගෙන ගත්තෙ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ. ඒ පාසල් වේදිකාවේ මම ජනප්‍රිය චරිතයක්. සමස්ත ලංකා ජයග්‍රහණ පවා ඒ කාලෙදී ලබාගෙන තියෙනවා. ඉතින් ඒ හැමදේම එක්ක රංගනය තුළින් ඉදිරියට යන්නමයි මට ඕනා වුණේ ඒ නිසාමයි. වානිජ අංශයෙන් උසස් පෙළ හදාරන්න ඕනෑ වුණත් කලාවට තියෙන ආදරේ නිසාම උසස් පෙළට නාට්‍ය හා රංග කලාව තෝරා ගත්තෙ. ඉතින් ඒ විදියට උසස් පෙළ හදාරලා මම විශ්වවිද්‍යාලයට එනවා ශ්‍රීපාලියට. ඒ තුළිනුත් මම වැඩිදුර අධ්‍යාපනය හදාරන්නේ නාට්‍ය හා රංග කලාව. ඇත්තටම මම කලාවට තියෙන ආදරේ නිසාමයි නිළියක් වීම පෙරදැරි කරගෙන මේ තැනට එන්නේ.

මේ හීනයට එන්න ගෙදරින් බලපෑමක් තිබුණෙ නැද්ද?

ඇත්තටම නොතිබුණාම නෙමෙයි. මොකද මම පවුලේ එකම දරුවා. මගේ ගම බණ්ඩාරවෙල. ඉතින් මට බණ්ඩාරවෙල ඉඳලා කොළඹට ඒම හරිම අසීරු කාර්යයක් වුණා. නමුත් නිළියක් වීමේ ආසාව හිතේ පැල පදියම් වෙලා තිබුණෙ. කොහොම හරි ජීවිතේ ඒ අභීත තීරණය අරන් මම කොළඹට ආවා. ඒ කාලේ ගෙදර ගියෙත් හරිම අඩුවෙන්. මටත් ගෙදර අයටත් ඒ දුරස්වීම හරිම අමාරු කාලයක් වුණා. නමුත් මගේ ගෙදර අය යම් කාලෙක තේරුම් ගත්තා මගේ සතුට තියෙන්නෙ කොතැනද කියන දේ. ඉතින් මගේ සතුට වෙනුවෙන් මගේ අරමුණට යන්න ඉඩ දුන්නා. දැන් කිසි දේකට අකුල් හෙළන්නෙ නැහැ.

රංගනය වෙනුවෙන් ජීවිතේ ලොකු කැප කිරීමක් කරපු කෙනෙක් විදියට අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නෙ?

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී අවුරුදු 10ක් 12ක් වගේ මම හිමින් හිමින් පරිස්සමින් ගමනක් එන්නෙ. ඒ මේ තුළ වැඩ හොයමින් රංගනය ගැන හදාරමින් අධ්‍යයනය කරමින් කලාවම ජීවිතය කරගෙන ඉදිරියට එන්නෙ. ඉතින් අද වෙද්දී මට ඇත්තටම ලොකු සතුටක් තියෙනවා කාගෙවත් බලපෑමකට ලක්නොවී මගේ මහන්සියෙන්ම අද ඇවිල්ලා ඉන්න ගමන ගැන. මට කවදාවත් එක රැයින් ජනප්‍රිය වෙන්න ඕන නැහැ. හිමින් ලස්සන සාර්ථක ගමනක් යන්න මට ඕන. ඒ ගමන වෙනුවෙන් දිගුකාලීනව වැඩ කරගෙන යන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ඉතින් මම ඒ ගමන හිමින් ඉවසීමෙන් යනවා. මොකද කලාව තමයි මගේ ජීවිතේ.

ධනු විජේරත්න

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook