Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රාජාංගණයේ සද්ධාරතන හිමිගේ වංචා රැසක් හෙළිවෙයි
ආධාර කෝටි අටක් අතුරුදන්

එංගලන්තයේ දානපතියකු විසින් විහාරස්ථානය ඉදිකිරීමට බැංකු ගිණුම්වලට බැරකළ රුපියල් කෝටි අටක් අස්ථාන ගත කළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන්ද රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

යූ ටියුබ් ක්‍රියාකාරිකයකු හා ටෙලි නළුවකු වන පුද්ගලයකු සමග එක්ව සද්ධාරතන හිමියන් මුදල් ලබාගෙන ඇතත් මෙතෙක් විහාරස්ථානය ඉදිකර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී තිබේ.

සුරකිමි ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ල හා ජනාධිපතිවරයාගේ මවට අසභ්‍ය වචනයෙන් බැණවැදීමේ චෝදනාව සම්බන්ධව පෙරේදා (28 වැනිදා) රාත්‍රියේ රාජාංගණයේ සද්ධාරතන හිමියන් අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත්තේය.

මේ අතර ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි 7 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (29 වැනිදා) නියෝග කළේය. සැකකාර හිමියන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නේය.

සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අමිල එගොඩමහවත්ත විසින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස කටයුතු කරමින් ආගමික සංහිඳියාවට තර්ජනයක් වන ප්‍රකාශ නිකුත් කර ඇති බවත් ඉන් මහජන කැලඹීමක් සිදුවිය හැකි බවත් කියමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. සැකකාර හිමිනම විසින් අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කර ඇති වීඩියෝ පටය හේතුවෙන් ආගමික හා ජාතික සංහිඳියාවට තර්ජනයක් වී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතැම් පිරිස්වලට ජීවිතවලට හා දේපළ හානි වන අයුරින් මෙම ප්‍රකාශ සිදුකර ඇති බවත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් අධිකරණයට දන්වා සිටියේය.

සැකකාර හිමිනම යූ ටියුබ් වීඩියෝ ඔස්සේ සිදුකළ අදහස් පළ කිරීම ලක්ෂයකට අධික පිරිසක් නරඹා ඇති බවත්, 15000ක් පමණ පිරිසක් එය අනුමත කරමින් අදහස් දක්වා ඇති බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එම වීඩියෝ පටවලින් පුද්ගලයන් අතර කැලඹිලි ස්වභාවයක් ඇතිව තිබෙන බවද සඳහන් කළේය. යූ ටියුබ්, මුහුණු පොත සහ සුරකිමු ලංකා වැනි ජාලගත ප්‍රවේශයන් ඔස්සේ සැකකාර හිමිනම මෙවැනි අගතිගාමී ප්‍රකාශ සිදුකර තිබෙන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ අනුව සැකකාර හිමිනම සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ (ICCPR) සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120, 485 යටතේ ගැනෙන වරදවල් සිදුකර ඇති බවත් එය මහජන සාමයට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් දන්වා සිටියේය.
සැකකාර හිමිනමට ඇප ලබාදුනහොත් විශාල මහජන කැලඹීමක් සිදුවිය හැකි බව අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, විමර්ශන මූලික අවස්ථාවේ ඇති බැවින් සැකකාර හිමියන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය.

සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල එගොඩමහවත්ත – “මේ රටේ විවිධ සංස්කෘතින් තිබෙනවා. එම සමාජවලට ආවේණික වූ භාෂා ශෛලීන් ද තිබෙනවා. විවිධ පුද්ගලයන් සමාජ මට්ටම, අධ්‍යාපනය මත කතා කිරීම බලපානවා.

මෙම සිද්ධිය හේතුවෙන් සමාජ කැලඹීමක් සිදුවීමට කිසිදු හැකියාවක් නැහැ. මෙම ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ආකාරයට කරුණු දක්වා තිබෙනවා. මෙම හිමියන් අසැබි වදනින් කරුණු දැක්වූවත් බෞද්ධාගම ආරක්ෂා කරගත යුතු බව සෑමවිටම සඳහන් කර තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරයා- ශාසනයේ සිටින අයෙක් අසැබි වචන භාවිත කිරීමෙන් ශාසනය රැකෙනවාද?

සැකකාර හිමිනමගේ නීතිඥවරයා- උන්වහන්සේට එරෙහිව විනය පියවර ගත යුතුයි. නමුත් සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ (ICCPR) සැකකාර හිමිනමට චෝදනා එල්ල කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ගොනු කර නැහැ.

මහෙස්ත්‍රාත්වරයා- සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ (ICCPR) චෝදනා ඉදිරිපත් කිරීම පිළිබඳ අධිකරණයට කරුණු දක්වන ලෙස නියෝග කරනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්- සැකකාර හිමිනම මෙවැනිම ප්‍රකාශයක් 2022 වසරේදී සිදුකර විශාල මහජන කැලඹීමක් සිදු වී තිබෙනවා. ඊට අදාළව නඩුවේ දී එලෙස නොකරන ලෙස සැකකාර හිමියන්ට අධිකරණය විසින් අවවාද කර තිබෙනවා. සැකකාර හිමියන් මෙහෙයවන විශාල පිරිසක් සිටින හෙයින් රටේ විශාල කැලඹීමක් මේ වනවිටත් ඇතිව තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරයා- එක් ආගමකට එරෙහිව ප්‍රකාශයක් කරාම ඊට අනෙක් පාර්ශ්වය ප්‍රකාශයක් සිදු කරනවා. සැකකාර හිමියන් බෞද්ධයෙක් ලෙස මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි.

– Aruna

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook