Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

දිනකට පමණක් සීමා කළ නොහැකි ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි 
දරුවන් වෙනුවෙන් කැපවන අපේ මව්වරුන්.....

අද ලෝක මව්වරුන්ගේ දිනය. ලෝකයේ විවිධ රටවල්වල විවිධ දින මේ සඳහා සම්මත කරගෙන තිබුන ද, සාමාන්‍යයෙන් ලෝක සම්මතයක් ලෙස මැයි මස දෙවෙනි ඉරිදා ‘ලෝක මව්වරුන්ගේ දිනය’ ලෙස පිළිගැනේ.‍

දරුවන් වෙනුවෙන් කැපවන අපේ මව්වරුන්.....

“දෙවැනි බුදුන් ලෙස..  ලොවම උවම් කල...
ලොවක පිදුම් ලද...  ලොවට උතුම් ලද....
අම්මා....”

දෙවැනි බුදුන් ලෙස අම්මාව හැදින්වූවාට වරදක් නැත.මන්දයත් දරුවාගේ ප්‍රථම ගුරුවරයා වන්නේ අම්මා නිසාය. කුස තුළ සිටින සමයේ සිටම කිරිකැටියා ලෝකය ගැන ඉගෙන ගන්නේ තම මවගෙනි.අම්මා ලොවටම උතුම් වන්නේ ඒ නිසාමය.මවක සහ දරුවෙකු අතර ඇතිවන්නාවූ අති උතුම් සෙනෙහසේ බැදීම සාගරයක් තරමටම සුවිසල්ය.ඒ ලෙංගතු බැදීම බිදලන්නට හැකි කිසිදු ශක්තියක් මෙලොව නම් නොවන්නේය.මවක දරුවෙකුගෙන් වෙන්කිරීමට මරණයටවත් නොහැකිවන්නේ එය ආත්මගත බැදීමක් ලෙස හද පතුලේ තැන්පත් වන නිසාවෙනි.

මව්වරුන්ගේ දිනයෙහි ඇරඹුම අතීත ග්‍රීක හා රෝම ශිෂ්ඨාචාරයන් දක්වා දිව යන්නකි.මාතෘත්වයේ සංකේතය වූ රේහා සහ සිබල් දෙවගනන්ට පුද පූජා පැවැත්වීම සදහා යොදාගත් දිනය පසුකාලීනව මව්වරුන්ගේ දිනය ලෙස බවට පත් විය.වසරේ දින 365 න් එක් දිනයක් පමණක් මව්වරුන්ගේ දිනය ලෙස සැමරීම සාධාරණදැයි අප නැවත නැවතත් සිතා බැලිය යුතුම කරුණකි.වසර ගණනාවක් පුරා තමන්ගේ ලෙය,දහඩිය,මහන්සිය කැප කරමින් දරුවන්ගේ සුභසිද්ධිය උදෙසාම කැපවන මව්වරුන් වෙනුවන් එක්දිනක් පමණක් වෙන් කර එම දිනය වෙනම සමරන හේතුව පිළිබදව අපට නැවත නැවතත් සිතා බැලිය හැකියි.

ලොව පුරා විවිධ රටවල් මව්වරුන්ගේ දිනය විවිධ දිනවලදී සැමරීමට කටයුතු කරයි.උතුරු අර්ධ ගෝලයට අයත් රටවල් මව්වරුන්ගේ දිනය සැමරීමට අප්‍රේල් සහ මැයි මාස දෙක අතර දිනයක් යොදාගනු ලබයි.වර්තමානයේ පවතින මව්වරුන්ගේ දිනය සැමරීම ආරම්භ කෙරුණේ 1908 බටහිර වර්ජිනියාවේ ග්‍රාෆ්ටන්හි විසූ ඇනා ජාට්ස් විසින් සිය මවගේ ගුණානුස්මරණයක් පැවැත්වීමෙන් බව සදහන්ය.

අද වන විට ඇමෙරිකාව,එංගලන්තය,ඩෙන්මාර්කය,ඉතාලිය,කැනඩාව,මෙක්සිකෝව,ජපානය,ඉන්දියාව ඇතුලු රටවල් 46 ක් මව්වරුන්ගේ දිනය සැමරීමට කටයුතු කරයි.

මව්වරුන්ගේ දිනයෙහි නිර්මාතෘවරිය වූ ඇනා ජාට්ස් මෙනෙවිය අවිවාහක කාන්තාවකි.ඇයට කරන ගෞරවයක් ලෙස මව්වරුන්ගේ දිනයෙහි “ අම්මා” යන විරුදාවලියෙන් ඇයව පුදනු ලබයි.ඇනා ජාට්ස් පුද්ගලිකව මව්වරුන්ගේ දිනය සමරන්නට සැලසුම් කළේ සුදු කානේෂන් මලක් පැළදිමෙන් පල්ලියේ දේව මෙහෙයන්ට ගොස් එදින එහි පැමිණ සිටින මව්වරුන් සමග කාලය ගත කරන්නටය.එය මුදල් මත යැපෙන වානිජ්‍යයකරණයට ලක්වූ දිනයක් ලෙස දකින්නට ඇයට අවැසි නොවීය.නමුත් 1925 වසර වන විට මව්වරුන්ගේ දිනය ‘මාර්කට්’ වෙන්නට පටන්ගෙන තිබිණි.ඒ සුදුපැහැති කානේෂන් මල් වෙළෙදසැල්වලින් විකිණෙන්නට පටන් ගනිමින්.මව්වරුන්ගේ සුබසාධනය වෙනුවෙන් ඒ මුදල් අරමුදල් ගත වන බව වෙළෙදුන් පැවසූවා.1940 දි ඇනා ජාට්ස් මව්වරුන්ගේ දිනයෙහි අන්තර්ජාතික සමුළුව (International Mother’s Day Association) ආරම්භ කළද එහි මූලික අරමුණ වූයේ මල් වෙළෙදාම නැවැත්වීමයි.එම වසරේ මව්වරුන්ගේ දිනය ඉලක්ක කරගෙන සිදුකළ මල් වෙළෙදාම 11.45% කින් පහත වැටුණු බවත් සදහන්වී තිබුණා.මව්වරුන්ගේ දිනය මුදලට විකිණීම නැවැත්වීම සදහා ඇයට සිදුවූයේ තම දිවියේ සැදෑ සමය වෙන්කරමින් අරගල කරන්නට පමණක් නොව නඩු මගටද යොමු වන්නටය.

සමාජයේ ලක්ෂ සංඛ්‍යාත අපේ මව්වරුන් අතින් ඉටුවන්නාවූ නිහඩ සේවය අගය කළ යුතුමය.මව්වරුන් අතින් දෛනිකව ඉටුවන සේවය කොතරම්ද කියා සිතා ගැනීමටවත් නොහැකිය.රැකියාවක් කළ හෝ නොකළද ඇය තම ගෘහය පිළිවෙලකට තබාගන්නේ කෙසේදැයි කියා නිතරම සිතන්නීය.අලුයම අවදිවන අවදිවන ඈ අතින් දරැවන්ගේ සහ සිය ස්වාමි පුරුෂයාගේ වැඩ කටයුතු සිදුවන්නේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් මෙනි.විටෙක ගේ දොර අස් පස් කිරීමේ කාර්යන්හි සිට මුදල් හම්බකිරීමේ සටනටද උර දෙන්නට ඇයට සිදුවී තිබේ.මුදල් මත පමණක් යැපෙන ලෝකය තුළ නිවෙසින් බැහැරව ගොස් අපේ මව්වරුන්ටද මුදල් හරිහම්බ කරන්නට සිදුව ඇත්තේ පවතින ආර්ථික රටාවට අනේකවාරයක් පින්සිදු වන්නටය.මව මුදල් පසුපස හඹායද්දී දරුවන්ට සිදුවන දේ ගැන පවුලට සිදුවන දේ ගැන බලන්නට තිස්තුන් කෝටියක් තියා එකදු දෙවියෙක්වත් නැත.පවුල් සංස්කෘතිය,සමාජයීය සාරධර්ම ගැන මහා ඉහළින් උදම් අනන අයවත් නැත.

සාරධර්මවලින් පරිපූර්ණ යහපත් සමාජයක් බිහිකිරීමෙහිලා විශාල කාර්යභාර්යක් ඉටුකරන අම්මාවරුන්ගේ ගුණ වැයීම සදහා එක් දිනයක් පමණක් වෙන්කර එය එක් දිනකට පමණක් සිමාකර සැමරීම කිසිසේත්ම සාධාරණ කාර්යයක්නම් නොවන බව කිව යුතුමය.



- අශානී විජේකෝන්

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook