Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඒක භාතියට ඇහිලා මටත් සින්දුවක් කියන්න කිව්වා අන්න එදා තමයි මගේ ජීවිතේ සංගීතය ආරම්භ වුණු දවස ‌
කෙලෙහිගුණය දත්  උමාරියා මුල මතක් කරයි

මෑත යුගයේ සංගීත ක්ෂේත්‍රයේ මහා පෙරළිකාර හඬ පෞරුෂයෙන් ප්‍රේක්‍ෂකාගාරයම නතු කරගනිමින් ලාංකේය ගායන ක්ෂේත්‍රය වෙනත් මානයකට රැගෙන යමින් සුමියුරු හඬින් රසික සිත් වාසඟයට පත් කරගත් සුරූපිනිය උමාරියා සිංහවංශ යි. විවිධ භාෂා ශෛලින්ගෙන් ගී ගැයීමට විශේෂ දක්‍ෂතාවක් ඇති උමාරියා පිළිබඳ ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂකයන්ගේ ආදරයෙන් අවධානයෙන් තව තවත් ඇයව ඇඳ බැඳගත්තේ පසුගියදා වනිතාභිමානී වසරේ ජනප්‍රියතම කාන්තාව ලෙස පිදුම් ලැබීමත් සමගිනි. මුළු රටක් ආදරය කරන ඇයට සිරිකත කතාබහ වෙනුවෙන් කළ ඇරයුමට ඇය බොහොම කාර්යබහුල වුවත්, එකතු වුණේ මෙලෙසනි.

උමාරියා ක්ෂේත්‍රයට ඇවිත් දැන් කෙතරම් කල්ද?
මම ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 17 ක් වෙනවා. මගේ කලා ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවොත් මට මාර සතුටක් දැනෙන්නේ. මොකද මට එක එක නිර්මාණවලට දායක වෙන්න ලැබිලා තියෙනවා. විවිධ ගීත කියන්න, අත්හදාබැලීම් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. සුබ කාල, අසුබ කාල සියල්ල විඳගෙන තමයි මේ ගමන ආවේ. සුන්දර තැන් වගේම අසුන්දර තැන් වලටත් නොසෑහෙන්න මූණ දීගෙන තමයි ගමන ආවේ.
 
විශේෂයෙන් මට ශක්තිමත් පවුල් පසුබිමක් තියෙනවා. මම කඩා වැටුණු හැම මොහොතකම මගේ පවුලේ අය, මගේ යාළුවෝ වගේම ක්ෂේත්‍රයට ආ දවසේ ඉඳලා මාත් එක්ක මුළු ප්‍රේක්ෂකාගාරයක්ම හිටියා. කටුක සිදුවීම්වලට මුහුණ දුන්නත් එය මට නොදැනෙන්නේ මට ආදරය කරන ලොකු මිනිස් පවුරක් මා වටා ඉන්න නිසයි. ඒ අතින් මම හරිම වාසනාවන්තයි.

විවේචන, දෝෂාරෝපන මුලදී මට විඳගන්න අමාරු වුණා. මානසිකව වැටුණා. එක එක කාලවල් තිබුණා ගෙවා දමන්න අමාරු. ඒ අවස්ථාවලදි මට හිටපු ලොකුම ශක්තිය මගේ පවුල සහ පේක්‍ෂක ආදරය, බාධක එනකොට ඔක්කොම පැත්තකට දාලා ඒවා එක්ක හැප්පෙනවට වඩා මම ශක්තිය ගන්නේ මගේ ගමන එන්න. මම කොතනකදීවත් මගේ ගමන නතර කළේ නැහැ.

ඇත්තටම උමාරියාට ඔබ ගැන හැඟෙන්නේ කොහොමද?

මම ගොඩක් සංවේදී කෙනෙක්. නිතරම පැත්තකට වෙලා ඉන්න ආස කෙනෙක්. කාටවත් කරදරයක් නොවන විඳිහට ජීවත් වෙන්න කැමති කෙනෙක්. මට මගේ සැමියා, ගෙදර අය එක්ක කාලය ගත කරන්න ආසයි.

දැන් ඔබ ජීවිතේ සතුටින්ද

ඇත්තටම හරිම සතුටින්. මොකද අසීමිත මිනිස් පවුරක් මා වටේ ඉන්නවා. මට ඕන සතුටින් ඉන්න. මම යන්නේ සතුට පිටිපස්සේ විතරයි. මම ඔය ලොකු ලොකු දේවල් වැඩක් නෑ. දිමිත්‍රි මගේ ජීවිතේට ආපු දවසේ ඉඳලා මම සතුටින්.

ඔබ වෘත්තිය වශයෙන් බොහොම කාර්ය බහුල කෙනෙක් පවුල වෙනුවෙන් ඔබේ කැපකිරීම කොයිවගේද?

මම මගේ ක්ෂේත්‍රය ඇතුළෙ එක ලෙවල් එකක හිටියට මගේ ජීවිතේ පළමු තැන මගේ සැමියා සහ පවුල. මට ඕන මගේ පෞද්ගලික ජීවිතේ සරලව සැහැල්ලුවෙන් ගෙවන්න.

ප්‍රංශ කුමාරයා එක්ක ගත කරන ජීවිතේ කොහොමද දැනෙන්නේ?

ඇත්තටම අපි දෙන්නා හරිම සතුටින් ජීවිතේ ගත කරනවා. ඔහු මගේ වෘත්තියට ලොකු සහයෝගයක් දෙනවා. ඔහු මගේ ගමන ගොඩක් තේරුම් ගන්න කෙනෙක්. දිමිත්‍රි ප්‍රංශ ජාතිකයෙක්. ඔහු සංගීත මහාචාර්යවරයෙක්.

හැම සාමාන්‍ය ගැහැනියකටම පොදු වු සිතුම් පැතුම් ඔබටත් ඇති?


අනිවාර්යෙන්ම. අපි විවාහ වෙලා අවුරුදු 4ක්. මාත් ආසයි දරුවෝ ලබලා සතුටින් ජීවත් වෙන්න. මම දරුවන්ට හරිම ආසයි. දරුවොත් එක්කම ඉන්න අම්මා කෙනෙක් වෙන්න මම ආසයි. ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේ වෙලාවට දේවි. සාමාන්‍ය ගැහැනියකට තියෙන බලාපොරොත්තු මටත් තියෙනවා. ඒවා ඒ ඒ කාලය අනුව ඉටු වේවි.

උමාරියා පාසල් කාලේ ඉඳලම සංගීතයට දක්ෂද?


අපෝ නෑ. ඉස්කොලේ කාලේ මම සින්දු කිව්වේ කාටවත් ඇහෙන්න නෙමෙයි. මම හරිම ලැජ්ජශීලි කෙනෙක්. සින්දු කියන්න වුනත් මම ගායන ක්ෂේත්‍රයට එන්නේ අක්කාගේ සහ මගේ අම්මාගෙත් මට ලැබුණු තල්ලුව එක්ක.

උමාරියාගේ පවුලේ තොරතුරු ?

මම උපන්නේ කොළඹ. මගේ අම්මයි. තාත්තයි. දෙන්නම සංගීතඥයින්. මට ඉන්නේ අයියලා දෙන්නයි අක්කයි. ගොඩක් දෙනා දන්නේ අක්කාව විතරයි. මගේ දෙවැනි අයියා සංගීතයට සම්බන්ධයි. ලොකු අයියා සංගීතයට සම්බන්ධ නැහැ.

අහම්බයක් වුණු උමාරියාගේ සංගීත ගමන ආරම්භ වුණේ කොතනින්ද?

මගේ අක්කා සංගීතය එක්ක ජීවත් වුණු කෙනෙක්. දවසක් මම ඉස්කෝලේ ඇරිලා අක්කා එක්ක භාතිය සන්තුෂ් අයියලාගේ ස්ටුඩියෝ එකට ගියා. අක්කාගේ තනියට. එතනදී අක්කා සිංදු කියන විට මම නිකමට සිංදුවක් හෙමිහිට කිව්වා.

ඒක භාතියට ඇහිලා මටත් සින්දුවක් කියන්න කිව්වා. අන්න එදා තමයි මගේ ජීවිතේ සංගීතය ආරම්භ වුණු දවස. මාත් එක්ක මේ ගමනේ ළඟින්ම හිටියේ. මම ප්‍රේක්‍ෂකයන් අතරට එන්නේ පැතු පෙම් පැතුම් ගීතයෙන්. දැන් ගීත 200කට වඩා ගායනා කරලා තියෙනවා.

හැමෝම අහනවා ප්‍රංශයට පදිංචියට යනවද කියලා?

ලංකාව කියන්නේ මගේ මහ ගෙදර. ලංකාව දාලා යන්න මම හීනෙන්වත් හිතලා නැහැ.
රටවල් සාමාන්‍ය අතට පත් වුණු ගමන් දිමිත්‍රිත් ලංකාවට පදිංචියට ආවා. මගේ සැමියා ඉන්න ඕන තැනක් මට ගෙදර තමයි.

ඔබ කෙටි කාලයක් තුළ බොහෝ දේවල් ළඟා කරගත් කෙනෙක් ඊළඟ ඉලක්කය?

මගේ පළමු ඉලක්කය ජාත්‍යන්තරයට යන්න. ඒකට ගොඩක් මහන්සි වෙනවා. මම එක සින්දුවක් හරි ලෝකේ Hit එකක් කරනවා. මට ඕන ලංකාවේ සංගීතයට ජාත්‍යන්තරයට ගෙනියන්න.

සංගීතය තමයි ජීවිතේ .. මගේ පළමු ආදරයත් සංගීතය ... මම කවදාහාරි මැරෙන්නේ සංගීත වෙනුවෙන් කැපවෙලා.. අදටත් නිඳිවරාගෙන උඟුර රිදෙනකම්ු පුහුණූවීම් කරනවා. කවදාවත් මට සංගීතයෙන් මිුඳිලා ඉන්න බැහැ.

නදිශා අතුකෝරළ

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook