උස්බෙකිස්තානයේ මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 18 න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 24 වෙනිදා දිවයිනෙන් පිටත් විය.
එම තරගාවලියේදී පිරිමි රිටි පැමීමේ ඉසව්වෙන් මීටර් 4.70 ක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තුෂේන් සිල්වා ක්‍රීඩකයා පසුගිය 27වනදා සමත් විය.
.ඒ රිටට නොරිසි මලල ක්‍රීඩා බලධාරීන් රිටි පැනීමේ ඉසව්ව දෙස බලන වපර ඇසට රිටෙන් අනිමින්.රිට අනවැසි බව මලල ක්‍රිඩා සංගම් බලයලත් හඬ පවසද්දී හූ මිටි තබන්නන් එකඟතාවය පළ කළත් අදාළ තේරීම් තරගයට රිටි පැනීමේ ඉසව්ව අභියාචනයක් දෙමින් ඇතුළත් කර ගැනීමට සමත් වෙනවා.ඒ සමත්කමට ප්‍රතිචාර ලෙස මීටර් 4.65 ක පිම්මකින් නව අවුරුදු 18 න් පහළ යොවුන් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන තුෂේන් සිල්වා අදාළ පරිසාධනය සඳහා යාමට තනිව තරග වැඳීම කැපී පෙණුනා.ඉනික්බිති මීටර් 5 ක් උස අභියෝගව සමඟ ගැටෙමින් පුහුණු වුණ තුෂේන් මේ තරගයට රැඟෙන යා යුතුව තිබූ රිටට අදාළ ගමන් නියෝජිතයන් විසින් රුපියල් ලක්ෂ තුනක් ගෙවන ලෙස නියම කරන්නේ අවසන් මොහොතේදී යි.රිටක් නැතුව රිටි පනින්න යන්න සිඳුවන රිටි පනින්නෙක් ලෙස තුෂේන් මේ ගමණට එකතු වන්නේ මලල ක්‍රීඩා සංගමය ද පනින රිට රැඟෙන යාම තමන්ගේ වගකීමක් සේ ක්‍රිඩකයාටම පවරන නිසාය.
සාමාන්‍යයෙන් හෙල්ල,රිට වැනි ඉසව් තිබෙන විට ඒ සදහා අවසර ලැබෙන පරිදි අවශ්‍යය ගමන් සම්පාදනය විය යුතු වුවත් ගමන් නියෝජිතයන් අවසාන මොහොතේ රිටට වැටක් බැඳෙන විදිහට කටයුතු කරන්නේ බලධාරීන් ඒ බව ආරම්භක මොහොතේ නොදන්වා සිටිය නිසාවත් ද යන්න සොයා බැලිය යුතු වගකීමකි.නමුත් කඩුලු පනින්නෙක්ට කඩුලු නැතිව අදාළ උස පැන දුව යන්නට කී සේ බලධාරීන් තුෂේන්ට රිට නැතුව ගමන පිටත් වෙන්නට ඉඩ සකස් කරන අතර මේ ඉරණම වෙනස් කරන්නට බන්ධනාගාර කොමසාරිස්වරයෙක් වන චන්දන ඒකනායක කණ්ඩායම් කළමණාකරු ලෙස ගත් උත්සාහය ද ව්‍යර්ථව යන්නේය.
ගමන් ඒජන්සි ද තමන් සංවිධානය කරන්නේ කුමන ගමණක් ද යන්න අවබෝධ කර ගෙන ගමන් කරන ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ඉසව් ගැන සොයා බලා ක්‍රියා කිරීම වගකීමක් සේ සැළකිය යුතුය.එසේ නොවීමෙන් තුෂේන් ගමණට එක් නොවුණානම් හෝ කසකස්ථාන ක්‍රීඩකයා සිය රිට තුෂේන්ට නොඳුන්නේනම් හෝ වන්නේ මේ ජාත්‍යන්තර පදක්කම ශ්‍රී ලංකාවට අහිමි වීමය.
ක්‍රීඩා බලධාරීන් හිතන්නේ යම් ඉසව් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් එකතු වී පෝෂණය කර ජාත්‍යන්තර මට්ටමට ඔසවා තරගවලට රැඟෙක ආ යුතු බවය.ක්‍රීඩා ඉසව් සංවර්ධනය කිරීමද ඔවුන්ගේ වගකීමක් බව ඔවුන් මදකට හෝ නොසිතන්නේය.ඒ නිසා දැඬිවම බලපෑමට ලක් වෙන ඉසව්ව රිටි පැනීමය.තරග සංචාර හෝ රට ඇතුළේ මෙම ඉසව්වේ සංවර්ධනය වෙනුවෙන් වචනයක් හෝ වැය කිරීම අපරාධයක් සේ සළකන බලධාරීන් තරගාවලි සඳහා ඉසව් තෝරා ගැනීමේදී කපා දමන ඉසව්ව සේ පළමුව අත තබන්නේ රිටි පැනීමටය.කාලයක පටන් මේ සාහසික අපරාධයට ගොදුරු වන රිටි පැනීමේ ඉසව්වෙන් කණ්ෂ්ඨ ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර මට්ටමේ තරගයකට ඉදිරිපත් වන පළමු අවස්ථාව ද මෙය ය.එයම ජයග්‍රහණයකින් සරසා ජාතික වගකීමක් ඉටු කරමින් ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු නොවන තැන තමන්ගේම ගේ දොර මිදුල යොදා ගනිමින් රිටි පැනීම තුෂේන්ලාව පුරුදු කරන පුහුණුකරු මේ රිදී පදක්කමේ රත්තරන් උරුමක්කාරයා ය.
ආසියාවේ ඉහළම රිට පැන්න යෞවනයා වූයේ චීනයේ ලයෑන් ෂූෂින් ය.ඔහු මීටර් 5.10 ක උසක් පනින්නේය.තමන්ට හුරු පුරුදු රිට ද නැතුව,පුහුණුකරු මේ අමුතු ඉසව්ව වෙනුවෙන් එකතු කරන්නට කටයුතු නොකළ අවස්ථාවන්ද සැළකිල්ලට ගත් විට තුෂේන නව යොවුන් ශ්‍රී ලංකා වාර්තාවක් තියමින් පනින මීටර් 4.70 ක පිම්ම ද රත්තරන් ය.පාලකයින් කුඩම්මා සේ රිට දෙස බැලුවද, තමන් උපන් රට අම්මා කොට සිතා යොවුන් තුෂේන් ලබා දුන් මේ ජයග්‍රහණය අමාලය.රිට දෙස නොපෙනෙන්න බලධාරීන් බැදු උන්න තිරය තුෂේනගේ මේ පිම්මෙන් හෝ ඉරා දමා රිටි පැනීම දිනවන්න පෙර සංවර්ධනය කරන්න හිත යොමු කරන්නේනම් තවත් තුෂේන්ලා එනු ඇත.තුෂේන්ලා අනාගතයට අදට වඩා පළල් හැකියාවන්ගෙන් මේ රටේ මලල ක්‍රීඩාවට ආලෝකය එක කරනු ඇත.
එසේම දිනය නිමාවන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතරින් තරග බිමට පිවිසි ජාත්‍ය කිරුළු මීටර් 400 අවසාන තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.ඔහු තරග වැදි මූලික තරගය ජාත්‍ය විසින් තත්පර් 48.57 න් නිමා කරන්නට සමත් විය.එසේම මීටර් 1500 බාලිකා තරගයට ඉදිරිපත් වූ දුලංජනා ප්‍රදීපනීට හිමි වූයේ 7 වන තැනය.ඇය එම ඉසව්ව නිමා කළේ විනාඩි 4:35.15 ය.