Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අපි හිතුවේ සිංහයා සති දෙකකින් නැගිටලා එයි කියලා - ජැක්සට මොකද වෙන්නේ?

පනා පුත්‍ර කුහුඹු පැණියා හෙවත් ශ්‍රී ලංකා සිනමාවේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනී නම් රංගධරයා පිළිබඳ සමාජ කතිකාව තවදුරටත් මගහැර සිටීම කොතරම් යුක්ති සහගතද? අවසානයේ ජැක්සන් ඇන්තනි පිළිබඳ සමාජ කතිකාවේ පාර්ශ්වකරුවෙක් වීමට අපිද තීරණය කළෙමු.

ජැක්සන් ඇන්තනී යනු කවරෙක්දැයි නොදන්නා කෙනකුට ඔහු හඳුන්වාදීම පහසු කටයුත්තක් නොවේ. ඊට හේතුව ජැක්සන් ඇන්තනි නම් මිනිසාගේ විශ්මිත විශිෂ්ටත්වයයි. සරලවම ජැක්සන් ඇන්තනී යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. අධ්‍යක්ෂවරයෙකි. නිෂ්පාදකවරයෙකි. ගායකයෙකි. තිර රචකයෙකි. රූපවාහිනී පූරකයෙකි. නවකතා රචකයෙකි. තීරු ලිපි රචකයෙකි. ගීත රචකයෙකි. ඉතිහාසඥයෙකි. ගවේෂකයෙකි.සැබවින්ම ජැක්සන් ඇන්තනී යනු විශ්මිත මිනිසෙකි. එහෙත් ජැක්සන් ඇන්තනි පිළිබඳ වර්තමාන කතාව ලියැවෙන්නේ එක්තරා දෛවෝපගත සිදුවීම් සමඟයි. පසුගිය වසරේ ජූනි 2දා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනෙකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වන අලියකුගේ ගැටී අනතුරකට ලක් විය.

අනතුරට ලක් වූ ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි. ජැක්සන් ඇන්තනිගේ තත්ත්වය බරපතළ වූයෙන් ජූනි 3දා අලුයම ඔහුව කොළඹ ජාතික රෝහලට රුගෙන එනු ලැබීය. එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබූ ඒ මහතා සැත්කම් කිහිපයකටද භාජනය කෙරුණි. මේ සමඟම ඔහුගේ ජීවිතය පවත්වාගෙන යෑමේ වගකීම වෛද්‍ය තාක්ෂණය උපකරණ මත රුඳුණි.

වර්තමාන කතිකාවට හේතු වූයේ මෙම තාක්ෂණික උපකරණ කතිකාවයි. සමාජ මාධ්‍ය තුළින් මෙම සංවාදය පැන නැගුණු අතර, දිගින් දිගටම ජැක්සන් ඇන්තනි මහතාව තාක්ෂණික උපකරණ හරහා ජීවත්කරවීම යුක්ති සහගත නොවන බවට පිරිසක් තර්ක කරන්නට වූහ. දිනෙන් දින ප්‍රබල සංවාදයක් බවට ජැක්සන් ඇන්තනී නම් චරිතය පත්වන්නට වූයේය. පසුගිය සතිය වනවිට සමාජ මාධ්‍ය ජාලාවලට ඔබ්බෙහිද ජැක්සන් ඇන්තනිගේ ජීවිතය පිළිබඳ කතාබහ ඇතිවුණි.

ඒ අනුව ඒකකය තුළ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ප‍්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා නැවතත් පෙර සිටි තත්ත්වයට පත්වීමේ හැකියාව වෛද්‍ය විද්‍යාත්මකව ඉතා අඩු බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේය. එසේම ඇන්තනි මහතාගේ ප්‍රතිකාර ක්‍රමය වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයෙන් බැහැරව යම් යම් මිත්‍යා විශ්වාස මත තල්ලු වෙමින් ඉදිරියට යන බවක් පේන්නට ඇතැයිද ඔහු පැවසීය.

අද වනවිටත් ජැක්සන් ඇන්තනි මහතා ජීවත්වන්නේ යැයි විශ්වාස කරන්නේ තාක්ෂණය හා යන්ත්‍ර සූත්‍ර නිසා මිස මිත්‍යා විශ්වාස නිසා නොවන බවද රවී කුමුදේශ් මහතා පැවසීය. ජැක්සන් ඇන්තනි මහතාට ගැටලුවක් නොවන ආකාරයට මේ ආකාරයේම පහසුකම් ඇති වෙනත් වාට්ටුවක් දින දෙක තුනකින් නිර්මාණය කර දීමට ඔහුට ආදරය කරන සියලු පාර්ශ්වයන්ට හැකියාව ඇති බවත් එසේ නැතිනම් මෙවන් රෝගීන් තම නිවෙස තුළ මේ ආකාරයේ යන්ත්‍රසූත්‍ර සවිකරගෙන රජයේ මැදිහත්වීමද සහිතව එම රෝගීන් රැකබලා ගැනීම කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී පුෂ්පා සොයිසා මහත්මිය සිය මුහුණු පොතේ ජැක්සන් ඇන්තනී පිළිබඳ සටහනක් තබා තිබුණි. ඒ අනුව ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් ගැන ඇත්තේ කනගාටුවක් බව ඇය සඳහන් කළාය.

“ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බොහෝ කරුණු ගැන ඇත්තේ කනගාටුවකි. කිසිදු පදනමක් නැති සමහර යූ ටියුබ් මාධ්‍යයේ ඔහුගේ සිදුනොවූ මරණයක් තලු මරමින් ප්‍රකාශ කරන අයුරු අප්‍රසන්නය.''

ජාතික රෝහලේ හෙදියක් සඳහන් කළ බව පවසමින් සාවද්‍ය ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම පිළිබඳව ඇයි කනගාටුව පළකොට තිබුණි.

මේ සම්බන්ධව ජැක්සන් ඇන්තනී මහතාගේ දෙවැනි ශල්‍යකර්මය අතරතුර සිදුවූ වරදක් හේතුවෙන් ඔහු බරපතළ ලෙස රෝගී වූ බවටද කතා පැතිර යමින් තිබුණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතාද මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළේය. ජැක්සන් ඇන්තනී මහතාගේ ජීවිතය මේ මට්ටමින් හෝ පවතින්නේ ජාතික රෝහලේ යන්ත්‍ර ආධාරයෙන් බවත් රෝගියෙක් සම්බන්ධයෙන් වන ඇතැම් කාරණා වෛද්‍ය ආචාර ධර්ම මත මාධ්‍ය හමුවේ පැහැදිලි කළ නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

ජාතික රෝහලේදී සිදු කරන ලද දෙවැනි සැත්කමක් අතරතුර වෛද්‍යවරුන් අතින් යමක් සිදු වූ බවට තමනට තොරතුරක් ලැබී නැති බවත් නමුත් එවන්නක් සිදුවී ඇත්නම් එය අපරාධයක් බවත් පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් ඕනෑම අයකුට පැමිණිල්ලක් ගොනු කළ හැකි බවද පැවසීය.

මෙවන් මේ ආකාරයේ බරපතළ තත්ත්වයේ රෝගියකු කළමනාකරණය කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් විසින් බවත් පැවසූ ඒ මහතා එම වෛද්‍යවරුන් සහ පවුලේ සාමාජිකයන් අතර සිදුවන සාකච්ඡාවලින් පසු රෝගියා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදුවන බවද පැහැදිලි කළේය.

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා ජැක්සන් ඇන්තනි සම්බන්ධව සිදුකළ ප්‍රකාශයද මෙහිදී බැහැර කළ නොහැකිය.

''කෙලින්ම රෝහල් සේවකයෝ ආවා. දොස්තරවරු තීරණය කරා ජැක්සන්ට බරපතලයි කියලා. සී.ටී. ස්කෑන් එක බලද්දී තේරුණා ඔහුට අමාරුයි කියලා. ජැක්සන් අපි එක්ක කතා කළා. බෙල්ල අමාරුයි, බෙල්ල රිදෙනවා, හුස්ම ගන්න අමාරුයි කියලා කිව්වා. එදා එළිය වැටෙන කොට ඔපරේෂන් එක කළා. ඔපරේෂන් එකෙන් පස්සේ මගේ අත අල්ලගෙන මචං මොකද වෙන්නේ ඇහුවහම මම කිව්වා උඹ සනීප වෙලා වරෙන් කියලා. අපි හිතුවේ සති දෙකකින් නැගිටලා එයි කියලා. ඒ නිසා තමයි මම කිව්වේ සිංහයා නැගිටලා එයි කියලා.”

මෙම ප්‍රකාශ සමඟ ඔහු පිළිබඳ කතිකාව තවදුරටත් සංකීර්ණ වේ. කෙසේ වෙතත් ඇන්තනි පවුල මෙම විශිෂ්ට රංගධරයා පිළිබඳ බලාපොරොත්තු අත්හැර නැත. සමාජ මාධ්‍ය තුළ තවදුරටත් බොහෝ දෑ පළවෙමින් තිබේ. කෙසේ වෙතත් මිනිසකුගේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට යනු අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. එසේ හෙයින් මෙම සියලු මත ඔබ හමුවේ තබා අපි නිහඬ වී බලාසිටිමු.

♦ චමිඳු නිසල් ද සිල්වා

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook