Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කට නිසා ලංකාවම දැන ගත් ‌ගමේ කටකාරයා ධනුෂ්ක ලක්ෂාන්

රට පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් සිටින අමුතුම චරිතයක් ගැන අද "අමුතු චරිත" විශේෂාංගයෙන් අපි කතා කරන්න හිතුවා. "අනුකරණය තුළින් නව්‍යකරණයට" කියන පාඨය ඔබ අසා ඇති. ඇත්තටම ඒ කතාව හොඳටම ගැලපෙන්නෙ ධනුෂ්ක ලක්ෂාන් කියන මේ අපූරු අමුතු චරිතයට. ධනුෂ්ක මේ වෙනකොට රටම දන්න හඬ නළුවෙක්.

ධනුෂ්ක කියන්නෙ වයස අවුරුදු 19 ක විතර තරුණයෙක්. පසුගිය කාලේ ඔහු මොරවක කීර්ති අබේවික්‍රම පාසලේ තාක්ෂණ අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. පාසල් කාලේ තමා ඔහු මේ අපූරු දක්ෂතාව ප්‍රගුණ කළේ. කොළඹින් දුර පළාතක ඉඳලා මේ චාරිකාව ආරම්භ කරන ධනුෂ්ක අද වෙනකොට ලාංකික කලා ලෝකෙ කා අතරත් ජනප්‍රිය තරුවක්.
ධනුෂ්ක මේ ගමන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් දුෂ්කරතා කරපින්නාගෙන. මුල් කාලීනව ආර්ථික ප්‍රශ්න රැසකින් මේ තරුණයා පීඩා විඳි බව කියැවෙනවා. අධ්‍යාපනයට පවා බාධා එල්ල වුණු අවස්ථා සම්බන්ධව ධනුෂ්ක ප්‍රසිද්ධියේ කතා කළා පසුගිය කාලේ. කොහොම වුණත් මේ ගමන එන්න දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, යාළු මිත්‍රාදීන් ඔහුට සෑහෙන්න උදව් කරලා තියෙනවා.

මේ වැඩේට ධනුෂ්ක එකතුවෙලා තියෙන්නෙ ආසාව නිසා. කාලයක් ලංකාවේ හඬ අනුකරණය සම්බන්ධව ඇතිවුණු ප්‍රවණතාව ඔබට මතක ඇති. ඒ කාලේ ධනුෂ්ක පුංචි දරුවෙක්. ඉතින් පුංචි ධනුෂ්කගේ ඇස ගැටිලා තිබුණා රොමා, සමරේ වගේ චරිතවල ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම්වලට. ඒ නිසා තමා පොඩි කාලෙදිම ඔහු මේ අනුකරණය වැඩේ පටන් අරගෙන තියෙන්නෙ.

පසුගිය කොවිඩ් වසංගත කාලය තුළ තමා G TV කියන YouTube නාලිකාව ඔස්සේ මේ අමුතු චරිතය කරළියට ආවේ. ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන චරිතවල හඬ අනුකරණයට සහ ප්‍රසිද්ධ රෑපවාහිනි වැඩසටහන් නිවේදකයන්ගේ හඬ අනුකරණයට ඔහු තුළ තිබුණු අපූරු හැකියාව මුල් කාලයේදිම කැපී පෙනුණා. ඒ නිසා කෙටි කාලයක් ඇතුළත ධනුෂ්ක ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. දේශපාලන චරිත පමණක් නෙවෙයි, අපි පුංචි කාලේ නරඹපු සිංහල හඬ කැවූ කාටුන් චරිත, ප්‍රසිද්ධ ගායක ගායිකාවන් ආදී බොහෝ පිරිසකගේ හඬ ධනුෂ්ක අනුකරණය කළා.

අපි ආරම්භයේදිම කිව්වා වගේ, අනුකරණයම පමණක් නෙවෙයි ඔහුගේ විශේෂත්වය. අනුකරණය තුළින් නව්‍යකරණයෙන් යුතු නිර්මාණ ඉදිරිපත් කරන්න ධනුෂ්කට අපූරු හැකියාවක් තියෙනවා. එතනදි ධනුෂ්කගේ ගායන හැකියාවත් බොහොම හොඳින් කැපිලා පේනවා. ඇත්තටම ධනුෂ්ක කියන්නෙ සංගීතයටත් ගොඩක් ආදරය කරන කෙනෙක්. පොඩි කාලෙදිම සංගීත කණ්ඩායමකට සම්බන්ධවෙලා ලීඩ් ගිටාර් වාදනය ඔහු ඉගෙනගෙන තියෙනවා.

සංගීතමය හැකියාවන් නිසා ධනුෂ්ක සිය හඬ අනුකරණ හැකියාව උපයෝගි කරගෙන ලංකාවේ ප්‍රධාන දේශපාලන චරිතවල හඬින් ගීත නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මෙන්න මෙතනදි තමයි බොහෝ දෙනෙකුගේ අවධානය ඔහු දිනාගන්න සමත් වෙන්නෙ. එක් එක් කාලවල ප්‍රසිද්ධියට පත්වුණු ගීත නිර්මාණ ඇසුරේ ධනුෂ්ක කරපු අපූරු සෙල්ලමට ගොඩක් දෙනා ආදරේ කළා.

දේශපාලනික කාරණා සම්බන්ධව මැදිහත් වෙද්දි විවේචන එල්ලවීම සාමාන්‍ය දෙයක්. ධනුෂ්කටත් විවේචන චෝදනා එල්ල වුණා. ඒත් ඒ වෙනකොට ඔහුට ඡන්ද බලයවත් ලැබිලා තිබුණෙ නෑ. කොහොම වුණත් පොදුවේ බොහෝ දෙනෙකුගේ අදහස වුණේ, මේ අපූරු අමුතු තරුණයගෙ නිර්මාණවල ඒකපාර්ශ්වික බවක් නැහැ කියන එක. දේශපාලනය ගත්තම පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ හඬවල් ඔහු අනුකරණය කළේ පක්ෂ පාට භේදයකින් තොරව.

ඒ කොහොම වුණත් එක්තරා අවස්ථාවකදි බොහොම අමාරුවෙන් ධනුෂ්ක හදාගත්ත යූ-ටියුබ් නාලිකාව කවුරුන් හෝ පැහැර ගත්තා. ඒත් එයින් නොසැලෙන මේ අපූරු තරුණයා නැවතත් තමන්ගේ නිර්මාණ කටයුතුවල නිරත වෙමින් ඉදිරියට ආවා. අද වෙනකොට රටේ රෑපවාහිනිය, ගුවන්විදුලිය ඇතුළු ප්‍රධාන මාධ්‍යවල විශාල අවධානයක් ධනුෂ්කගෙ පැත්තට යොමුවෙලා තියෙනවා.

අපේ රටේම හඬ අනුකරණය කරන්නන් අතරින්, වඩාත් තාත්විකව සහ විශාල පරාසයක හඬ අනුකරණය කිරීමේ හැකියාව ඇති තැනැත්තා විදිහට ධනුෂ්ක ලක්ෂාන්ව හඳුන්වන්න අපිට පුළුවන්. මේ තරම් ළාබාල වයසකදි ඔහු අත්පත් කරගෙන තියෙන හැකියාව සත්‍ය වශයෙන්ම විශ්මයජනකයි. ගමෙන් නගරයට ආ මේ අමුතු තරුණයා නුදුරේදිම ලාංකික කලා ක්ෂේත්‍රයේ කැපීපෙනෙන චරිතයක් බවට පත්වෙන ලකුණු පේන්න තියෙනවා.

යම් තැනකදි මේ හැකියාව සම්බන්ධව කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් නිසා අපි යමක් සඳහන් කළ යුතුයි. ''ඉමිටේට්'' කිරීම කියන්නෙ අද වෙනකොට ලෝකෙ පිළිගත්ත ප්‍රධාන කලාවක්. ලෝක මට්ටමෙන් මේ වගේ ශිල්පීන්ට විශාල තැනක් හිමිවෙලා තියෙනවා. අපහාසයට නොව උපහාසයට තමා මේ කලාව ඇතුළෙ තැනක් තියෙන්නෙ. මේ කලාවේ යථා තතු නොදැන විවේචනය නොකර සිටීම වඩාත් හොඳයි කියලයි අප යෝජනා කරන්නෙ.

මෑත කාලීනව ධනුෂ්ක කැපීපෙනෙන්නෙ රැප් සංගීත ආර තුළින්. සිය හඬ අනුකරණ හැකියාව, නිර්මාණාත්මක සංගීතමය හැකියාවන් සමඟ සංකලනය කරලා ධනුෂ්ක අපූරු රුප් ගීත කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වෙත මුදා හැරියා. විශේෂයෙන්ම මුහුණුපොතේ ඒ නිර්මාණවලට විශාල ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. පසුගිය මාස කිහිපයේ ධනුෂ්ක ජනප්‍රිය වීමේ වේගය දෙගුණ තෙගුණ වුණු බවත් පෙනී යනවා.

සාම්ප්‍රදායික විවේචනත් දැන් එන්න එන්නම අඩු බව අපට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නෙ මේ අපූරු කලාව ලාංකික ජන හදවත් ස්පර්ශ කරලා හමාරයි.

අවසානයේ අප සියලු දෙනාම සිහිපත් කළ යුතුයි, හිස්ව මිනිසුන් ලෙස උපන් අප සියල්ල ඉගෙන ගත්තෙ අනුකරණය තුළින් බව. එහෙත් ලොවක් දිනන විශිෂ්ට චරිතයක් වීමට අනුකරණය අවශ්‍ය නෑ. එතැනට අවශ්‍ය නිර්මාණශීලී චින්තනය.


නිසල් / සේයරූ I අන්තර්ජාලයෙන්

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook