ඇය ෆෙධාය. ලා පැහැති දෙනෙතින්, තඹවන් කෙස් කළඹින් යුත් ඇය සුදු පැහැති ටී ෂර්ටයකින් හා කළු පැහැති කබායකින් සැරසී පසුගියදා කුවේට් රූපවාහිනි නාළිකාවක නිවේදිකාවක ලෙස පළමුවරට පෙනී සිටිමින් අරාබි බසින් මෙලෙස පැවසුවාය.
''මම ෆෙධා, කුවේට් නිව්ස්හි කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ පළමු ප්‍රවෘත්ති නිවේදිකාව. ඔබ කැමති කුමන ආකාරයේ ප්‍රවෘත්ති වලටද? අපි ඔබේ අදහස්වලට සවන් දීමට සූදානම්''. යනුවෙන් තත්ත්පර 13ක් තුළ ඇය සඳහන් කළාය.ෆෙඩා යනු සැබෑ කාන්තාවක නොවේ. ඇය කෘතිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද නිවේදිකාවකි. කෘතිම බුද්ධිය යොදාගනිමින් ප්‍රවෘත්ති නිවේදකයකු එළිදැක්වූ පළමු රට කුවේට් නොවේ.
චීනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන Xinhua ආයතනය මගින් මඳක් රොබෝ කටහඬට සමාන හඬකින් කතා කරන ප්‍රවෘත්ති නිවේදකයකු 2018 දී නිර්මාණය කළේය. ඉරි වැටුණු යුරෝපීය ඇඳුමින් සැරසී රතු පැහැති ටයිපටියක් පැළඳ සිටි ඔහුගේ නම.
Qiu Hao ය. හිස වනමින්, ඇසිපිය හෙළමින්, කිසියම් පුවතක් අවධාරණය කිරීම සඳහා තම ඇහිබැම මඳක් ඔසවමින් ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීමට ඔහු සමත් විය.
කුවේට් නිව්ස් යනු ගල්ෆ් කලාපයේ ප්‍රථම ඉංග්‍රීසි භාෂා දිනපතා පුවත්පත ලෙස 1961දී ආරම්භ කරන ලද කුවේට් ටයිම්ස් පුවත්පතට අනුබද්ධ මාධ්‍ය ආයතනයකි. ඔවුන් සිය ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව නිර්මාණය කර ඇති අතර ඇය චීන නිවේදකයාට වඩා පැහැදිලි හඬකින් කතා කරන්නීය.
කුවේට් ටයිම්ස් හා කුවේට් නිව්ස් යන මාධ්‍ය ආයතන දෙකෙහිම ප්‍රධාන නියෝජ්‍ය කර්තෘවරයා වන අබ්දුල්ලා බොෆ්ටන් පැවසුවේ ෆෙඩා යනු කෘතිම බුද්ධිය තුළින් නව්‍ය නිර්මාණ කිරීමේ හැකියාව පිළිබඳ සිදුකරන පර් යේෂණයක් වන අතර අනාගතයේදී ඇයට කුවේට් උච්චාරණය අනුව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට හැකිවන අයුරින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම මිලියන 1.2ක අනුගාමිකයන් සිටින තම වෙබ් අඩවියේ ට්විටර් ගිණුමේ දැන්වීම් ඉදිරිපත් කිරීමටද ඇය යොදා ගතහැකි යැයි ඔහු පැවසීය.
ෆෙධා යනු රිදී ලෝහය හැඳින්වීම සඳහා කුවේටයේ වැසියන් භාවිත කළ පැරණි නාමයකි. රොබෝවරුන් නිර්මාණය කිරීමේදී වැඩි වශයෙන් භාවිත වන්නේ රිදී සහ මෙටැලික් වර්ණයන්ය. තමන් එම දෙවර්ණයේ සංකලනයක් ලෙස ෆෙධා නිර්මාණය කළ බව අබ්දුල්ලා බොෆ්ටන් සඳහන් කරයි. ආවරණය නොකරන ලද තඹවන් කෙස් කළඹින් හා ලා පැහැති දෙනෙතින් යුත් ෆෙධා තෙල්වලින් පොහොසත් තම රටේ ජනතාව මෙන්ම එරට සිටින විදේශිකයන්ද සංකේතවත් කරන බව බොෆ්ටන් ඒ.එෆ්.පී. මාධ්‍ය ජාලයට ප්‍රකාශ කර තිබේ.
මිනිසකුට සමාන හැකියාවන් ප්‍රතිනිෂ්පාදනය කිරීමට යන්ත්‍රයකට ඇති හැකියාව කෘතිම බුද්ධිය ලෙස අර්ථ දැක්විය හැකිය. මෙම හැකියාවන් තර්ක කිරීම, ඉගෙනීම, ආයතනික කුසලතා සහ නිර්මාණශීලිත්වය යනාදිය වේ. කෘතිම බුද්ධිය යනු සාම්ප්‍රදායික පරිගණක පද්ධතිවල හැසිරීමෙන් ඔබ්බට ගිය පියවරකි. මේවාට අතිවිශාල දත්ත ප්‍රමාණයක් සහ මානව හැකියාවන් ඉක්මවන තොරතුරු හැසිරවීමට හැකියාව ඇත, එයට ගණනය කිරීමේ සහ විශ්ලේෂණ කිරීමේ ශක්තියද පවතී. කෙසේ වෙතත් මිනිසා විසින් ඔවුන් මත පනවා ඇති නිර්ණායකයන්ගෙන් බැහැරව තීරණ ගැනීමට ඔවුන්ට හැකියාවක් නැත.
වර්තමානයේ කෘතිම බුද්ධිය (Artificial intelligence) මගින් ලෝකය හසුරුවමින් තිබේ. නව තාක්ෂණය මිනිසා පසුකර යමින් සිටී. ජෝන් මැකාර්ති, මර්වින් මින්ස්කි සහ ක්ලෝඩ් ෂනන් 1956 දී කෘතිම බුද්ධිය යන යෙදුම නිර්මාණය කළහ. පරිගණක සඳහා මිනිස් බුද්ධියට සමාන ලෙස ක්‍රියා කළ හැකි තාක්ෂණයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ විය.

පර් යේෂකයන් යන්ත්‍ර වලට ලබාදීමට උත්සාහ කරන ගුණාංග අතරට හේතු දැක්වීම, දැනුම, සැලසුම් සකස් කිරීම, ඉගැනීම, සන්නිවේදනය, චින්තන විධික්‍රම සහ චලනය වීමේ හැකියාව සහ වස්තූන් හැසිරවීමේ හැකියාව යනාදිය වෙයි. සාමාන්‍ය මට්ටමේ බුද්ධිමත් භාවයක් යන්ත්‍ර වලට ලබාදීමට මෙතෙක් නොහැකිව ඇත. මෙවැනි ප්‍රබල මට්ටමේ කෘතිම බුද්ධියක් නිර්මාණය කිරීම කෘතිම බුද්ධිය හා සම්බන්ධ පර්යේෂණයන්ගේ දිගුකාලීන අරමුණ වෙයි.
කෘතීම බුද්ධි පර් යේෂණ සදහා බොහෝ ක්ෂේත්‍රයන්ට අයත් දැනුම සහ උපාංග භාවිතා වේ. මෙම ක්ෂේත්‍රයන් අතරට පරිගණක විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනවාදය, ස්නායු විද්‍යාව, සංජනනීය විද්‍යාව, වාග් විද්‍යාව, සාරාර්ථ විද්‍යාව, සංකාර්යය පර් යේෂණ වේදය, ආර්ථික විද්‍යාව, පාලක වාදය, සම්භාවිතාව, ප්‍රශස්තිකරණය සහ තර්කනය ආදිය අයත් වෙයි. කෘතිම බුද්ධි පර් ෙය්ෂණ රොබෝවරු, පාලක පද්ධතීන්, කාල සටහන් සකස්කිරීම්, දත්ත නිර්මාණය, මනා සංවිධානය, කටහඬ හඳුනාගැනීම සහ මුහුණු හඳුනාගැනීම ආදී විවිධ ක්ෂේත්‍ර හා සම්බන්ධ වෙයි..
පසුගිය මාසයේ ආයෝජන බැංකුවක් වන Goldman Sachs විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්ෙන් කෘතිම බුද්ධිය පූර්ණ කාලීන රුකියා මිලියන 300ක් පමණ සඳහා යොදාගත හැකි බවටය. ඔවුන්ගේ වාර්තාව අනුව එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පවතින රැකියාවලින් හතරෙන් එකක් සඳහා කෘතිම බුද්ධිය ආදේශ කළ හැකි නමුදු එය නව රුකියා සහ ඵලදායිතා උත්පාදනය සඳහා යොදාගැනීම වඩාත් වැදගත් වන බව පෙන්වා දී තිබේ.
කෘතිම බුද්ධිය ගෝලීය වශයෙන් වර්ධනය වීම සෞඛ්‍ය ආරක්ෂණය වැනි ක්ෂේත්‍රවලට ප්‍රතිලාභ අත්කරදෙන නමුදු අසත්‍ය තොරතුරු පැතිරවීමට හැකියාව පවතින අතර රුකියා සහ කලාත්මක නිර්මාණවලට අහිතකර ලෙස බලපානු ඇතැයි විද්වත්හු පෙන්වා දෙති. දේශසීමා රහිත වාර්තාකරුවන් විසින් ඉදිරිපත් කර ඇති 2022 මාධ්‍ය නිදහස දර්ශකය අනුව කුවේටය මාධ්‍ය නිදහස පවතින රටවල් සහ ප්‍රදේශ 180ක් අතුරින් 158 වැනි ස්ථානයේ පවතින බවට ශ්‍රේණිගත කර තිබේ.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා