නිවසේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් සම්බන්ධයෙන් ප්රකාශ සටහන් කර ගැනීමට එම නිවසේ හිමිකාරිය බව කියන ජනප්රිය නිළියක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවීමට පියවර ගෙන තිබූ බව අප ඔබට වාර්තා කලා.
වාර්තාවන්හි සඳහන් වන අදාළ නිවස තම මවගේ නමින් ඇති නිවසක් බවත් එය බදු පදනම මත වෙනත් අයෙකුට ලබා දී දී තිබු එකක් බව ද ඇය සඳහන් කරන්නීය.
වාර්තාවන්හි සඳහන් වූ පරිදි එම නිවසේ විදුලි බිලද ලැබෙන්නේ තමන් නමට නොව තම මවගේ නමට බවද ඇය තවදුරටත් කියා සිටියාය.