Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

බාධාව ඉවත් වෙයි - IMF සහනයට සියල්ල සූදානම් - කඩාකප්පල් කරුවන්ට ජනපති අනතුරු අඟවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍යාධාරය ලබා ගැනීමට තිබුණු “විශාලතම බාධාව” ඉවත් කරමින්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහය දෙන බවට චීනය සහතික වී තිබේ.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මේ බව වාර්තා කර ඇත.

එහි සඳහන් වන්නේ, මෙරට විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන චීනය මාර්තු 6 වන දින එරට අපනයන-ආනයන බැංකුව හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය ලිඛිත සහයෝගය ලබා දී ඇති බව ය.

මේ අතර චීන අපනයන-ආනයන බැංකුව විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් යොමු කරන ලද ලිපිය ඊයේ (මාර්තු 6) රාත්‍රියේ තමන් වෙත ලැබුණු බව ත් එයට අත්සන් තබා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කිරීමට පියවර ගත් බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය අතරතුරදී ය.

“අපිට ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. එදා රාත්‍රියේ ම මමත් මහ බැංකු අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් කරාලා දැන් IMF සංවිධානයට යවලා තිබෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටු කරලා ඉවරයි. දැන් IMF සංවිධානයේ යුතුකම් මේ මාසයේ අවසන් වෙන්න ඉස්සෙල්ල තුන්වන හෝ හතරවන සතියේ ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකෙන් පස්සේ මම හිතන්නේ අපිට ලෝක බැංකුව, ADB එකෙන් පළවෙනි මුදල් වටය ලැබෙන්න එනවා.”

රට ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගෙන යන වැඩපිළිවෙළ “කඩාකප්පල් කළහොත්” රටේ තත්ත්වය ඉකුත් වසරේ පෙබරවාරි මස පැවති තත්ත්වයටත් වඩා භායනක වනු ඇතැයි ඔහු පැවසීය.

එසේ වුවහොත්, “බොහෝ අය කල්පනා කළ වැටුප් නැති වෙයි. විශ්‍රාම වැටුප් නැති වෙයි. රැකියා නැතිවෙයි. කර්මාන්ත වැසී යාවි. පාසල් හැමදා ම වැසිලා තියේවි,” යනුවෙන් ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

“ඒවා යම් තරමකට අපි පාලනය කර ගෙන තිබෙනවා. නමුත් සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් අප යෝජනා කර ඇති වැඩපිළිවෙළ විවිධ ක්‍රියාමාර්ග ඔස්ස්සේ කඩාකප්පල් කළහොත් එයින් මතු වන සමාජ විකල්ප අතිශයින් භයානක වේවි. මෙතෙක් අප සමාජයේ නුදුටු දුක්බර කාලයක් එයින් මතු වේවි.”

ජනාධිපතිවරයා අවධාරණය කළේ, “අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නා,” බව ත් සාමකාමීව විරෝධතා කිරීම කිසිදු ගැටලුවක් නොවන බව ත් ය.

“ඒත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේවා කඩාකප්පල් කරන්න යනවා නම්, ඒ පිළිබඳව මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරනවා කියලා මම කියන්න කැමතියි.”


තමන් විපක්ෂයෙන් ආර්ථියක ගොඩගැනීම සඳහා තම පාර්ශවය සමග එකතු වන ලෙස ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

“අපි ඔක්කොම අරගත්තා ම ඊළඟ ඡන්දය තීරණය කරන්න පුළුවන්. ජනාධිපතිවරණයෙන්, මහ ඡන්දයෙන් කවුද ඕන කියලා. ඒ වෙනකම් ලැස්ති ද නැද්ද කියලා මම අහන්නේ. ඔබට පුළුවන් මේක පිළිගන්න. ඔබට පුළුවන් ප්‍රතික්ෂේප කරන්න. ඒත් රට තමයි ඒක තීරණය කරන්නේ.”

ජූනි මස මැද භාගය වන විට රටේ ආදායම් තත්ත්වය පිළිබඳව විමසා බැලිය හැකි බව ත් ඉන් අනතුරුව පමණක් තීරණ ගත හැකි බව ත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වූ පසු එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කර එය පිළිගන්නැයි දන්වා යෝජනාවක් ගෙන එන බව ය.

“ඒක තමන්ට තීරණය කරන්න වේවි. නැත්නම් වෙන විකල්පයක් අපිට දෙන්න. ඊට පස්සසේ අපි නව කෙටුම්පතක් ගේනවා ඉදිරි මාර්ගයයි ඉදිරි වැඩසටහන් ගැන ඒක ජාතික සභාවටත් දෙන්නම් පාර්ලිමේන්තුවේ, සාකච්ඡා කරලා ඒ ගැන එකඟත්වයක් ආවා ම මේක දීර්ඝ කාලීන මධ්‍යම කාලීන සැලැස්ම කියන්නම්. දැනට ම පාර්ලිමේන්තුවේ ජාතික සභාවෙනුයි කොමිටිවලින් වාර්තා ගණනාවක් ඇවිල්ල තියෙනවා. මම ඒ අයට ස්තුතිවන්ත වෙනවා. ඒත් අපිට මාස 8ක් යන කාලය තුළදී මේ වැඩ කටයුත්ත කරන්න පුළුවන් වුණා. ඒකෙන් අපි ප්‍රයෝජනය අරගෙන ඉදිරියට යමු කියලා ප්‍රකාශ කරනවා.”

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook