Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මෙහෙම අපරාධයක් මගේ දුවට වෙයි කියා හීනෙකින්වත් හිතුවේ නැහැ
රත්නපුර ඇලපාත නිරිඇල්ල උපාධිධාරිනිය සචිනි ජිනාදරී ජයසිංහගේ කදුලු කතාව 

වෙනදා පෑයූ හිරු නිරිඇල්ල ගමට පතිත වූයේ තවත් දැයේ යුවතියක ගැන කඳුළු කතාවක සිතන්න බොහෝ දේ අපට ඉතිර කරවමිනි.

රත්නපුර ඇලපාත නිරිඇල්ල ප්‍රදේශයේ බෝක්කුවක් යට දියපහරක තිබී මළ සිරුරක් හමු වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර උඩනිරිඇල්ල, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 25 ක් වන සචිනි ජිනාදරී ජයසිංහ නමැති උපාධිධාරිනියක් බව ද පොලිසිය පවසයි.මෙම කාන්තාව 27 වන දින පෙරවරු 6.30 ට පමණ සිය නිවසින් හිදැල්ලන ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක රැකියාව සඳහා සුපුරුදු පරිදි පිටව ගොස් ඇති බවත්, ඇය විවාහ වී සිටින පෙම්වතා මෙදින පෙරවරුවේ දුරකථන ඇමතුමක් ලබාදී ඇති මුත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා කාන්තාවගේ දෙමාපියන්ට දැනුම් දී ඇත.

පසුව දෙමාපියන් විසින්ද දියණියට දුරකථන ඇමතුමක් දී ඇති නමුත් එයට ද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මේ සම්බන්ධව පුද්ගලික ආයතනයට ද දැනුම් දීමක් කර දියණිය පැමිණියාද යන්න විමසා ඇත.

ඇය සේවය කරනු ලබන ආයතනයට ද පැමිණ නොමැති නිසා ඇලපාත පොලිසියට පැමිණිල්ලක් කර ප්‍රදේශය පුරාම දියණිය සෙවීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

පසුව ඇලපාත පොලිසිය ද එක්වී මෙම කාන්තාව සෙවීමට පියවර ගෙන ඇත.

පසුව නිරිඇල්ල ප්‍රදේශයේ බෝක්කුවක් යට වන වදුලකින් වැසී ඇති දිය පහරක මෙම කාන්තාව කනුවක ගැටගසා තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධව ඇලපාත පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව 27 වන දින සවස රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් සුමිත් ආනන්ද මහතා විසින් කාන්තාවගේ මරණය සම්බන්ධව මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය සිදුකර අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කෙරිණි.

මෙසේ මියගොස් ඇති කාන්තාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයේ ගෞරව උපාධිය අවසන් කර උපාධි ප්‍රදානෝත්සවයට ඉදිරියේදී සහභාගිවීමට බලාපොරොත්තු තබා ගෙන සිටි බව ද තම දියණියගේ අභාවය ගැන හැඬූ කඳුළින් අදහස් දැක්වූ ඇයගේ මව වන දීපා ශ්‍රියාලතා මහත්මිය අප සමඟ මෙසේ පැවසුවාය.

අපි කවදාවත් හීනෙකින්වයත් මෙවන් අකල් මරණයකට දුවට මුහුණ දෙන්න සිදුවෙයි කියා හිතුවේ නැහැ.

අපේ වැඩිමල් දුව ගමේත්, දෙමාපියන්ගේත්, ඥාතීන්ගේත් හිත් දිනාගෙන කිසිවෙකුට කරදරයක් නොමැතිව ජීවත්වූ දියණියක්. උපාධිය සමත්වෙලා උපාධි ප්‍රදානෝත්සවයට ඉදිරියේදී යන්න පුදුම ආශාවකින් හිටියේ.

උත්සවය එනතෙක් පුද්ගලික ආයතනයක සේවයට ගියා. දියණිය විවාහ වෙන්නත් ලබන වසරේදී කටයුතු කරගෙන හිටියේ.

දුව මට හැමදේම කියනවා. දුවට තරහකාරයෝත් නැහැ. අද උදේත් මට වැඳලා ගියේ. මම දලු කඩන්න ගියා.

එහිදී තමයි මට කෝල් එකක් ආවේ දුව වැඩපලට ගිහින් නැහැ. මොකද නැත්තේ කියා. දුව බඳින්න ඉන්න පුතාත් දුවට කෝල් එකක් දීලා.

කතා කරන්නේ නැති නිසා අපි දුව හොයන්න හැදුවා. පස්සේ තමයි බෝක්කුව අසල දිය පහරක මියගිහින් කියලා කීවේ.

මෙවන් අපරාධ වෙන්න ඉඩ තියන්න එපා. මේ ගමේ තවත් දරුවන් සිටිනවා.

මේකට සාධාරණයක් ඉටුකරන්න කියා අදාළ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මියගිය කාන්තාව පවුලේ වැඩිමල් දියණිය වන අතර බාල සහෝදරයෙක් සහ සහෝදරියක් ද සිටී.

මෙම මරණය සම්බන්ධව රත්නපුර ශික්‍ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතය.

සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ නියෝග මත නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ, පොලිස් අධිකාරි සේනක වීරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්‍ෂණය මත ඇලපාත පොලිසියේ ස්ථානාධිපති ප්‍ර. පො. ප. කරුණාරත්න, උ.පො.ප. ප්‍රදීප්, පො. සැ. චාමර (38180) රත්නපුර අපරාධ ස්ථාන පරීක්‍ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍ර. පො. ප. මායාදුන්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

රත්නපුර ඇලපාත නිරිඇල්ල ප්‍රදේශයේ බෝක්කුවක් යට දිය පහරක තිබී සොයාගන්නා ලද උපාධිධාරිනියක් වූ සවිනි ජිනාදරී ජයසිංහ (25) යන කාන්තාවගේ මළසිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ රත්නපුර ශික්‍ෂණ රෝහලේදී පැවැත්විණි.

මළසිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරි මුදිත කේ. කුඩගම මහතා විසින් සිදුකරනු ලැබූ අතර අභ්‍යන්තර තුවාල සිදු වී නොමැති බවත්, ශරීර කොටස් රස පරීක්‍ෂකට යොමුකර වාර්තාවක් ලබාගැනීම සඳහා විවෘත තීන්දුවක් දෙන ලදි.

මල්වල – නිශාන්ත වික්‍රමසිංහ

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook