එමෙන්ම ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වන තම පියා නිහාල් අබේසිංහ මහතාට ඇතමුන් …. ඔත්තුකරුවෙකු ලෙස චෝදනා එල්ල කළද තමන් දන්නා පරිදි ඔහු එවැනි පුද්ගලයෙකු නොවන බවත් ඔහු පවසයි.
ජාතික ජන බලවේගයේ නායකත්වය ලබා ගැනීමට තමා උත්සාහ දරණ බවට සඳහන් කරමින් ඇතමුන් ව්‍යාජ පුවත් මවමින් සිය පක්ෂය තුළ බෙදීමක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බවත් අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු කියා සිටියේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත් එය මාලිමාවේ මතය බවත් එහිදී පවසන ඔහු ජනතා විමුක්ති පෙරමුණේ අය තරම් ජාතික ජන බලවේගයේ අය කැපකිරීම් කරන්නේ නැතැයිද එහිදී තව දුරටත් සදහන් කර ඇත.