Adsense Banner

Latest Gossip News


හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK

ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Mar 25

අමෙරිකා ජනපතිගෙන් සම්මාන හිමිකරගත් කටුගස්තොට උපරතන හාමුදුරුවෝ

අමෙරිකාවේ දිගු කලක සිට පදිංචිව සිටිමින් බුදු දහම ගැන හදාරන අයට උපදෙස් දෙන කටුගස්තොට උපරතන නායක හිමියන්ට පසුගියදා අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගෙන් සම්මානයක් හිමිවිය. එය ප්‍රදානය කෙරුණේ අමෙරිකා එක්සත් ජනපදයට සහ එරට ජනතාව වෙනුවෙන් උන්වහන්සේ සිදු කළ ආගමික හා සමාජීය සේවාව අගය කරමිනි.

 උපරතන නාහිමි උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලෙස කටයුතු කරන අතර මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති ද වෙති. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ජීවිතයේ එක් වතාවක් සඳහා පමණක් ප්‍රදානය කරන මෙම සම්මානය ලබාගත් පළමු බෞද්ධ හිමිනම වන්නේද, කටුගස්තොට උපරතන හිමිපාණෝ වෙති.උන්වහන්සේ අමෙරිකාවට පැමිණියේ වර්ෂ 1981 දීය. ඒ අමෙරිකාවේ වොෂින්ටන් බෞද්ධ මහා විහාරයේ සභාපති ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමියන්ගේ ආරාධනයෙනි. ශ්‍රී ලංකාවේ ථෙරවාදී බුදු දහම අමෙරිකාවේ ප්‍රචලිත කිරීමේ ධර්ම ප්‍රචාරක කටයුත්තට උන්වහන්සේ විශාල දායකත්වයක් ලබා දුන්හ. 20 වැනි සියවසේ මුල් භාගයේ ආරම්භ වූ අමෙරිකාවේ බෞද්ධ ප්‍රචාරක කටයුතු 1980 වනවිට විශාල දියුණුවක් අත්කරගෙන තිබුණි. භාවනා ක්‍රම මගින් අධ්‍යාත්මික දියුණුවක් ලැබීමට අමෙරිකානුවෝ දැඩි කැමැත්තක් දැක්වූහ. වොෂින්ටන් නගරය කේන්ද්‍ර කරගත් ධර්ම ප්‍රචාරක ව්‍යාපාරය පසුව අමෙරිකාවේ සෑම ප්‍රාන්තයකටම පැතිර ගොස් තිබේ. මේ වන විට අමෙරිකාවේ, ලංකාව මුල් වී ආරම්භ කළ පන්සල් 60කට වැඩි සංඛ්‍යාවක් පවතී. ඒ විහාර පිහිටුවීමට උපරතන හිමියන්ගේ දායකත්වය ද මහත්ය.

2022 වසර වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන මේ සම්මාන ප්‍රදානය පසුගියදා ප්‍රදානය කෙරුණේ උන්වහන්සේ විසින් සංවර්ධනය කළ මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේදීය. සම්මානය උපරතන නාහිමියන්ට පිළිගන්වා ඇත්තේ, ඉන්දු අමෙරිකානු ව්‍යවසායක කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී එලීශා පුලිවර්ට් විසිනි.

උපරතන නාහිමියන් බෞද්ධ අධ්‍යයනය සඳහා ද උනන්දුවක් දක්වන හිමිනමකි. වොෂින්ටන් සරසවියේ බෞද්ධ දර්ශනය සහ භාවනාව පිළිබඳ උපදේශක වශයෙන් කටයුතු කරන උන්වහන්සේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු සිංහල භාෂාව හා සංස්කෘතිය පිළිබඳ උපදේශකවරයෙක් ද වෙති. ථෙරවාදී බුදු දහම ලෝකය පුරා ප්‍රචලිත කිරීමට කැපවී සිටින අතරම අනෙක් ආගමික ඇදහිලිවලට ගරු කරමින් කටයුතු කිරිමද උන්වහන්සේගේ විශේෂත්වයකි.

2021 වසරේ ජාත්‍යන්තර වෙසක් දිනය ධවල මන්දිරයේ පැවැත්වීම සඳහා ආරාධනා හිමිවූයේ ද උපරතන හිමියන්ටය. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද එක්ව සිටි එම උත්සවයේ දී උපරතන නා හිමියන් අදහස් දක්වමින් පැවසුවේ මුළු මහත් ලෝකයටම පරමාදර්ශයක් සපයමින් වෙසක් පෝ දින උත්සවය ධවල මන්දිරයේ දී පැවැත්වීමට ගත් තීරණයෙන් අමෙරිකානු රජය ලෝකවාසී බෞද්ධ ජනතාවට දක්වන ගෞරවය පිළිඹිබු වන බවයි.

ජනාධිපති ජෝ බයින්ඩ් ලබා දුන් ගෞරව සම්මානයේ මෙසේ සටහන් කර තිබේ:

''අමෙරිකාවේ කතාව රඳා පවතින්නේ අපෙන් කිසිවකු මත හෝ, අපගෙන් සමහරකු මත නොවේ. මහජන යහපතට දායක වීම ගැන මම ඔබට සුබ පතන අතර, ඔබ මේ ශ්‍රේෂ්ඨ ජාතියට කළ සේවය අගයමින් අමෙරිකානු ජනාධිපතිවරයකු විසින්, ජීවිත කාලය පුරාවටම ප්‍රදානය කෙරෙන මෙම සම්මානය ඔබට පිරිනැමීමට ලැබීම ගැන මම මහත් ආඩම්බර වෙමි.


ප්‍රජාවට සහ රටට සේවය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම වෙනුවෙන් අඛණ්ඩ කැපකිරීමක් අත්‍යවශ්‍යය. ඔබේ කාලය සහ අදහස් බෙදාගැනීමෙන්, ඔබ අප මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සොයා ගැනීමට උපකාරි වෙයි. අන් කවරදාටත් වඩා දැන් අපට අවශ්‍ය වී ඇත්තේ විසඳුම්ය.

අමෙරිකානු ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන්, ඔබගේ නායකත්වය හා කැපකිරීම වෙනුවෙන් මගේ හෘදයාංගම කෘතඥතාව පුද කරන අතර, ඔබගේ සේවය තුළ ඕනෑම අවස්ථාවකදී ඔබ වෙනුවෙන් පිළිතුරු දීමට කැප වී සිටිමි, ඒ සඳහා ඔබව දිරිමත් කරමි. අමෙරිකාව සහ එහි වෙසෙන ජනතාව ඔබ ඉමහත් ආඩම්බරයෙන් අගය කරාවි, පිළිගනීවි.”

දැන් අමෙරිකාවේ සුවපහසු දිවියක් ගත කළත්, උපරතන හිමියන් උපත ලද්දේ පොළොන්නරුවේ දුෂ්කර ගමක් වන දියබෙදුමේදීය. එය ඇළහැර යෝධ ඇළට ආසන්නව පිහිටි ගොවි ගම්මානයකි. උපන් දිනය වන්නේ 1954 අප්‍රේල් 8 වැනිදාය. පොළොන්නරුවේ ඉරහඳකෙටූවැව මහා විද්‍යාලයෙන් ද පසුව මල්දෙණිය විද්‍යාලයෙන්ද ඉගෙනුම ලත් ඔහු රන්වලගෙදර විහාරස්ථානයේ දී 1966 නොවැම්බර් මස පැවිදි බිමට පත්විය.

පැවිදි ආචාර්යවරයා වුණේ අමෙරිකාවේ වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානාධිපති ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමියෝ වෙති. තරුණ උපරතන හිමියෝ ගුණරතන නාහිමිගේ මඟපෙන්වීම අනුව 1968 දී කුරුණෑගල මලියදේව විද්‍යාරක්‍ෂක මහ පිරිවෙනට ඇතුළත්ව වැඩිදුර ධර්ම අධ්‍යාපනයේ නිරත වූහ. ඒ අතර 1974 දී මහනුවර මල්වතු මහා විහාරීය ශ්‍රී පුෂ්පාරාම උපෝසථාගරයේ දී උපසම්පදා වූහ.

පිරිවෙන් අධ්‍යාපනය සාර්ථකව නිමකළ උන්වහන්සේ 1977 දී උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වුණේ කැලණිය විශ්වවිද්‍යාලයටයි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ ධර්ම විද්‍යාලයේ ද ගුරුවරයකු ලෙස කලක් කටයුතු කර තිබේ.

පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා අමෙරිකාවට පැමිණියහ. මුලින්ම වොෂින්ටන්හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවෙමින් කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් තම පශ්චාද් උපාධිය 1989 දී ලබාගත් උන්වහන්සේ එදා සිට අද දක්වාම අමෙරිකා විශ්වවිද්‍යාලවල බුද්ධ ධර්මය හා භාවනාව පිළිබඳව උපදේශක තනතුරු දරමින් සිටිති.

ඉහළ අධ්‍යාපන සුදුසුකම් නිසාම විද්‍යාත්මකව බෞද්ධ අධ්‍යාපනය ලබාදීමට උන්වහන්සේට හැකියාව ලැබී තිබේ. කලක් අමෙරිකාවේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා උපදේශක තනතුර ඉසිලූ උපරතන හාමුදුරුවෝ දීර්ඝ කාලයක් තානාපති සේවයේ කටයුතු කිරීමට ලංකාවට යන අමෙරිකානු නිලධාරීන්ට භාෂා පුහුණුව ලබාදීමට තෝරාගත් ප්‍රථම භික්ෂූන් වහන්සේ බවටද පත්ව සිටියහ.

ඊට අමතරව වෙස්ට් වර්ජිනියා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ උපදේශක සභාවේ යාවජීව අධ්‍යක්‍ෂක තනතුර හොබවමින් එහි ප්‍රගමනයට ඉටු කෙළේ අනූපම සේවාවකි. වොෂින්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර වෙසක් කමිටුවේ උප සභාපතිත්වය දරමින් බුදු දහමේ ඉතා වැදගත් අංග රාශියක් අමෙරිකාවේ ජනතාව අතර ව්‍යාප්ත කිරීමට විශාල උත්සාහයක් ගෙන තිබේ.

දැනට විශාල ආගමික සේවයක් සලසන මේරිලන්ඩ් ප්‍රාන්තයේ වීටන් නගරයේ මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය උන්වහන්සේ ගොඩනැගුවේ 1996 දීය.

බෞද්ධ පමණක් නොව, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් වැනි ආගමික සංවිධානවලද ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කිරීම උපරතන හිමියන්ගේ විශේෂ ගුණාංගයකි. සම්මානය ලබාදීමේදී එසේ සියලු ආගම් සමඟ සහජීවනයෙන් කටයුතු කිරීම ද ඇගයීමට ලක්කර තිබේ.

ලාංකික බෞද්ධයන්ට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, තායිලන්තය, වියට්නාමය, කොරියාව වැනි රටවල බෞද්ධයෝද උන්වහන්සේගෙන් උපදෙස් ලබාගෙන අධ්‍යාත්මික දියුණුව සලසා ගනිති. පිටරට සිටියත් ලංකාවේ ද බෞද්ධ වෙහෙර විහාර සංවර්ධනයටත් විශාල දායකත්වයක් දක්වා තිබේ. මෑත භාගයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්දාරම්නුවර සමාධි බුදු පිළිමයක් පිහිටුවීමට ද කටයුතු කළහ.

‘කටුගස්තොට පදනම’ මගින් පොළොන්නරුව ජයන්තිපුර ගමේ පාසලට මෙන්ම ගමට ද විශාල ප්‍රතිලාභ අත්කර දී තිබේ. ලංකාවේ දූ දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවලට සහාය දැක්වීමට මේරිලන්ඩ් බෞද්ධ මධ්‍යස්ථානය මුල් කරගෙන ශිෂ්‍යත්ව ක්‍රමයක් පවත්වාගෙන යාම ද සිදුවේ.

උපරතන නාහිමියන් අමෙරිකාවේ විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සංවිධානවලට සම්බන්ධ වෙමින් ඉටුකළ විශාල සේවාව නිසා සම්මාන රාශියක් ද හිමිකරගෙන සිටිති. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ සේවා භාෂා පුහුණු විද්‍යාලය විසින් ද උපරතන හිමියන් ඉටුකළ භාෂා පුහුණු කටයුතු ඇගයීමට ලක්කරමින් 2004 දී සම්මානයට ලක්කර තිබේ.

I කුසුම්සිරි විජයවර්ධන

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook