Adsense Banner

Latest Gossip News


අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day

අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day
ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Mar 19

මැඩගස්කරයේ පාටි දමූ කුඩු සළිඳු සහ හරක් කටා මැඩගස්කරයේ සිට ලංකාවට ගෙන ආ මෙහෙයුම 

දකුණු පළාත කේන්ද්‍ර කරගෙන මෙරට මත්කුඩු ජාලයේ වැඩි කොටසක් පාලනය කළ නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සහ සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සළිඳු යන පාතාල අපරාධකරුවන් දෙදෙනා මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන ඒමට හැකිවීම ශ්‍රී ලංකා පොලිසිය ලද ජයග්‍රහණයකි. 

විදේශයකදී අල්ලා ගත් අපරාධකරුවකු මෙරටට රැගෙන ආ දීර්ඝතම මෙහෙයුම ලෙස ඉතිහාසයට දැන් එක්වන්නේ ද හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන ඒමේ මෙම මෙහෙයුමය.
මෙයට පෙර විදේශයකදී අල්ලා ගත් පාතාල අපරාධකරුවෙක් මෙරටට මේ ආකාරයට රැගෙන ආවේ නම් ඒ මාකඳුරේ මධුෂ්ය. ඩුබායිහිදී එරට පොලිසිය විසින් අල්ලාගත් මාකඳුරේ මධුෂ්ව 2019 වසරේ මැයි 05 වෙනිදා මෙරටට රැගෙන ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සහකාර පොලිස් අධිකාරීවරයෙක්ව සේවයේ නිරතව සිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ දැනට සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ නායකත්වයෙන් යුත් පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් විසිනි. එදා මාකඳුරේ මධුෂ්ව මෙම කණ්ඩායම විසින් රැගෙන එන්නේ ඩුබායි සිට කෙළින්ම මෙරටටය.

ඊට පෙර මෙවන් අපරාධකරුවන් දෙදෙනෙක් රැගෙන ආවේ නම් ඒ වෙලේ සුදා සහ සිද්ධික් යන මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනාවය. පාකිස්තානු පොලිසිය විසින් අල්ලා ගත් ඔවුන් දෙදෙනාව අවස්ථා දෙකකදී 2015 වසරේදී මෙරටට රැගෙන එන්නේ ද පාකිස්තානයේ සිට ඝෘජු ගුවන් ගමනක් මඟිනි. එදා ඔවුන් දෙදෙනාව ද මෙරටට රැගෙන ඒමට ගියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රමුඛ තිදෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමකි. ඒ හැරුණු කොට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ කණ්ඩායමේ සිටි සන්නද්ධ අංශයේ නායකයා වූ මොහොමඩ් මිල්හාන් නොහොත් අබු සීලන්ව සවුදියේ සිට මෙරටට රැගෙන ආවේද සවුදියේ සිට ඝෘජු ගුවන් ගමනක් මඟිනි. ඊට ද නායකත්වය දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

මේ හැරුණු කොට එල්.ටී.ටී.ඊ.යේ ජාත්‍යන්තර නායකයා ලෙස සැලකුණු කුමාරන් පද්මනාදන් නොහොත් කේ.පී.ව හමුදාවේ බුද්ධි මෙහෙයුමකට අනුව මලයාසියාවේදී අල්ලා ගෙන මෙරටට රැගෙන එන්නේ ද මෙරටින් රැගෙන ගිය විශේෂ ගුවන් යානයක දමාගෙනය. ‍

ඒ අනුව බලන කල හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන ඒම ඉතා දුෂ්කර වූත් වෙහෙසකර වූත් අවදානම් සහගත වූත් මෙහෙයුමකි. ඔවුන් දෙදෙනාව මැඩගස්කරයට රැගෙන ඒමට සිදුවන්නේ ද රටවල් කිහිපයක් ඔස්සේ ගුවන් යානා තුනකට මාරු වෙමිනි. එය අතිශයම අවදානම් සහගත වූ කටයුත්තක් බවට පත්ව තිබුණේ මැඩගස්කරයෙන් භාරගත් කුඩු සළිඳුවත්, හරක් කටාවත් මෙරටට රැගෙන එන තුරු පැය 48ක පමණ කාලයක් පුරාවට මාංචු පවා නොමැතිව පොලිස් කණ්ඩායමකට රැක ගැනීමට සිදුව තිබීම නිසාය. ඒ ඔවුන්ට පලා යාමට ඉඩ නොතබමිනි.

හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන ඒම සැලසුම් සහගත මෙන්ම සංවිධානාත්මක මෙහෙයුමක් බවට පත්වන්නේ ඔවුන් මත්කුඩු ජාවාරමේ නිරත ජාත්‍යන්තර ජාවරම්කරුවන් වූ බැවිනි. මෙම අපරාධකරුවන් දෙදෙනා රැගෙන එන විට ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වීමට පවා සිදු වන්නේ එබැවිනි.

ඒ අතරමඟදී ඔවුන් දෙදෙනාට පලා යෑමට හැකි ඕනෑම සිදුවීමක් වීමට තිබුණු ඉඩකඩ බොහෝ තිබූ බැවිනි. එබැවින් මැඩගස්කරයෙන් කුඩු සළිඳු සහ හරක් කටාව භාරගත් මොහොතේ සිට ඔවුන් දෙදෙනාව මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ගුවන්තොටුපොළේදී භාරදෙන තුරුම ඔවුන් දෙදෙනාව මෙරටට රැගෙන ආ නිලධාරින්ට ඇස පියවිල්ලක් මෙන්ම මනසට සහනයක් ද නොවීය.

ධන කුවේරයෙක් ලෙස පෙනී සිටිමින් හරක් කටා ඩුබායි සිට මැඩගස්කරයට පසුගිය පෙබරවාරි 12 වෙනිදා එන්නේ කුලියට ගත් ජෙට් යානයකිනි. ඒ ඉන්දියාව හොල්ලා ගෙන සිටින පාතාලයේ ප්‍රබලයෙක් වන ඩාවුඩ් ඊබ්‍රාහිම්ව අනුගමනය කරමිනි. එදා කුඩු සළිඳු මැඩගස්කරයට එන්නේ ඔහුගේ බිරිය ඇතුළු පිරිසක් සමඟිනි. ඒ අතර පානදුරේ රෝහලේ ගිලන් රථයකට වෙඩි තැබීම ඇතුළු අපරාධ කිහිපයකටම සම්බන්ධ සුද්දා සහ තරංග ද සිට ඇත. ඔවුන් දෙදෙනා කුඩු සළිඳුගේ ගෝලයන්ය.

මේ අය මැඩගස්කරයට එන්නේ යැයි කියැවෙන්නේ සාදයකට සහභාගි වීමටය. එය උපන්දින සාදයක් බවද කියැවෙති. එය සංවිධානය කර ඇත්තේ කුඩු සළිඳුය. ඒ වන විට කුඩු සළිඳු රැඳී සිට ඇත්තේ මැඩගස්කරයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලින් මේ වන විට හෙළිවී ඇති ආකාරයට අනුව කුඩු සළිඳු සිට ඇත්තේ මැඩගස්කරයෙන් විවාහයක් කරගෙනය. වයස අවුරුදු එකහමාරක දරුවෙක්ද කුඩු සළිඳුට සිටින බවද සඳහන්ය.

කුඩු සළිඳු ඩුබායි හි රැඳී සිටින බව කියැවුණත් ඔහු සැබෑ ලෙසම රැඳී සිට ඇත්තේ මැඩගස්කරයේය. මේ කණ්ඩායම මාර්තු 01 වෙනිදා මැඩගස්කර පොලිස් අත්අඩංගුවට පත්වන්නේ හරක් කටා ඔහුගේ සගයා වූ කුඩු සළිඳුත් රැගෙන ඩුබායි බලා යාමට ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොස් සිටියදීය. ඒ මැඩගස්කර පොලිසිය හරක් කටා එරටට ඇතුළු වූ මොහොතේ සිටම ඇස ගසාගෙන සිටය. එසේ ඔවුන්ව අත්අඩංගුවට ගනු ලබන්නේ ද ජාත්‍යන්තර පොලිසිය හරහා මෙරට බලධාරීන් සමඟ සිදු කළ යම් අදහස් හුවමාරුවකින් අනතුරුව වීමද විශේෂිතය.

හරක් කටා සහ කුඩු සළිඳු අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර පොලිසිය මඟින් නිල වශයෙන් මෙරටට දැනුම් දීමත් සමඟ ඔවුන් දෙදෙනාව මෙරටට රැගෙන ඒමට සූදානම් වන්නේ රහස් මෙහෙයුමක් ලෙසිනි. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියට ලොකු හයියක් වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ය. හරක් කටාව සහ කුඩු සළිඳුව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පහසුකම් සපයා දෙන්නේ ද අමාත්‍යවරයාගේ මැදිහත් වීම මතය. ඒ හැරුණු කොට ටිරාන් අලස් අමාත්‍යවරයා මැඩගස්කරයේ පොලිසිය භාර අමාත්‍යවරයා සමඟ ද සම්බන්ධ වෙමින් දුරකතනයෙන් මේ ගැන සාකච්ඡාවක් ද පවත්වා තිබීම විශේෂිතය.

ඒ අනුව හරක් කටාත් කුඩු සළිඳුත් මෙරටට රැගෙන ඒමට මැඩගස්කරය බලා පසුගිය 11 වෙනිදා මෙරටින් පිටත්ව යන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිවුදෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමකි. එම කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළත් වූ අතර විශේෂ කර්ය බළකාය පැත්තෙන් ද සහකාර පොලිස් අධිකාරිවරයෙක් මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරයෙක්ද ඇතුළත්ව සිටියහ. මේ යන කණ්ඩායම කවුරුන් දැයි ඔවුන් මෙරටින් පිටත්ව යන්නට දින දෙකතුනක් තිස්සේම පැවතියේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර ප්‍රසිද්ධ රහසක් ලෙසිනි.

සිව්දෙනෙකුගෙන් සමන්විත මෙම පොලිස් කණ්ඩායම 11 වෙනිදා රාත්‍රී කාලයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව මුලින්ම යන්නේ ඉන්දියාවේ මුම්බායි වෙතය. එහි සිට මෙම කණ්ඩායම මුම්බායි ගුවන්තොටුපොළින් ඊළඟ ගුවන් යානයට ගොඩවී යන්නේ ඉතියෝපියාවටය. මැඩගස්කරය වෙත මෙම කණ්ඩායම පය තබන්නේ ඉතියෝපියාවේ සිට පැමිණි ගුවන් යානයකින්ය.

මෙම පොලිස් කණ්ඩායම මැඩගස්කරයට යන විටත් හරක් කටා සහ කුඩු සළිඳු ගහන්න හැකි හැම ගැටයක්ම ගසා තිබුණේ එරට පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යන්නටය. අමෙරිකානු ඩොලර් ලක්ෂ 06ක් ඔහු එරට පොලිස් නිලධාරීන් හමුවේ ලංසු තබා ඇති බව ද පැවසේ. එහෙත් ඊට මැඩගස්කර පොලිසිය හිස නොනැමීම හේතුවෙන් හරක් කටා සහ කුඩු සළිඳුට නිදහසක් නොවීය. මැඩගස්කර පොලිසිය ඒ වන විටත් ඔවුන් දෙදෙනාව රඳවා තබාගෙන සිටියේ ආරක්ෂක ස්ථානයකය.

එම ස්ථානයෙන් පවා ඔවුන්ව එළියට ගෙන නිදහස් කර ගැනීමට මෙරටින් නීතීඥ කණ්ඩායමක් පවා මැඩගස්කරයට ඒ වන විටත් ගොස් සිට ඇත. එම නීතීඥ කණ්ඩායම අතර නීතීඥවරියන් දෙදෙනක්ද සිට ඇති බව සඳහන්ය. ඒ අය කවුරුන්ද යැයි පැහැදිලි නැතත් ඔවුන් ශ්‍රී ලංකාවෙන් මැඩගස්කරයට ගිය කණ්ඩායමක් බව කියැවෙති. හැම නීති තර්කයක්ම ගෙනහැර දක්වමින් ඔවුන්ව නිදහස් කර ගැනීමට දැඩි සටනක නිරතවූ මෙම නීතීඥ කණ්ඩායමට සිදුවන්නේ අවසානයේදී හිස් අතින් එරටින් පිටව යන්නටය.

හරක් කටා සහ කුඩු සළිඳු භාර ගැනීමට මෙරටින් ගිය පොලිස් කණ්ඩායම මැඩගස්කරයට ගොඩ බසින්නේ යැයි සඳහන් වන්නේ 12 වෙනිදාය. එදින ඔවුන් එරට හෝටලයක රැය පහන් කර 13 වෙනිදා සුවිශේෂී පුද්ගලයන් කිහිපදෙනෙකු මුණ ගැසුණේය. ඒ අතර එරට පොලිස්පතිවරයා මෙන්ම පොලිසිය සහ අධිකරණය භාර අමාත්‍යවරයා ද සිට ඇත.

එහිදී කෙරුණු සාකඡාවලදී එකඟ වී ඇත්තේ හරක් කටාත් කුඩු සළිඳුත් ගුවන්යානයට රැගෙන විත් මෙරට පොලිස් කණ්ඩායමට භාරදීමටය. මෙහිදී මෙම ගමනට මැඩගස්කරයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද සූදානම්ව සිටියේ කල්තියා සිදුවූ සැලසුමකට අනුවය.

හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන ඒමට මැඩගස්කරයේ ඇන්ටනානාරිවෝ හි පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට රැගෙන එනු ලැබුවේ එරට පොලිසියේ දැඩි ආරක්ෂාවක් සහිතවය. ඔවුන් දෙදෙනාව ගුවන්තොටුපොල වෙත රැගෙන එන විට මෙරටින් ගිය පොලිස් කණ්ඩායම ද සිටින්නේ ගුවන්තොටුපොල පරිශ්‍රයේය. ඒ ගුවන ්තොටුපොළ තුළ සිදුවන නිෂ්කාශන කටයුතු සිදු කරමිනි.

ගුවන් තොටුපොළ පරිශ්‍රයට රැගෙන ආ හරක් කටා සහ කුඩු සළිඳු ගුවන් යානයට ගොඩකිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ගැටුමක් ඇති කර ගන්නේ එරට පොලිසියේ නිලධාරීන් සමඟිනි. ඒ එම නිලධාරින් සමඟ පොර බඳිමිනි. මෙහිදී ඔවුන් එරට පොලිස් නිලධාරීන්ට පහරදෙන්නට ද වූයේ ඒ ඔස්සේ හෝ ශ්‍රී ලංකාවට රැගෙන යාම වළක්වා ගන්නටය. එහිදී ඔවුන් ගුවන් තොටුපොළ භූමිය දෙවනත් වෙන්නට කෑගසා ඇත්තේ තමන් ශ්‍රී ලංකාවේ මාෆියාකරුවන් බව කියමිනි.

ඒ ගුවන් මගීන්ව බියගන්වා ඔවුන් දෙදෙනාව ගුවන් යානයට ගොඩකර ගැනීම වළක්වා ගැනීමේ අරමුණ ඇතිවය. එහිදී ඔවුන් මැඩගස්කර පොලිස් නිලධාරීන්ට සහ මැඩගස්කර ජාතිකයන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන්ද කැඩිච්ච ඉංග්‍රීසියෙන් කරන්නට වූයේ ද ඒ තුළින් පවා මැඩගස්කර ජාතිකයන් අවුස්සා ගෙන ලොකු ගැටුමක් ඇති කරගනිමින් එරටම රැඳී සිටීමට අවස්ථාව උදාකර ගන්නටය.

එසේ ගුවන් තොටුපොළ දෙවනත් කරමින් සිටි හරක් කටා සහ කුඩු සළිඳු අවසානයේ පාලනය කරනුයේ මෙරටින් ගිය පොලිස් කණ්ඩායමේ මැදිහත්වීමෙනි. ඒ ඔවුන් සමඟ කතාබස් කරමිනි. අවසානයේදී හරක් කටාත් කුඩු සළිඳුත් ගුවන් යානයට ඔවුන් ගොඩ කරගන්නේ ගැටුමකින් තොරවය. නමුත් ඔවුන් ගුවන් යානය තුළ ද පොඩි ශබ්ද ටිකක් දමා තිබුණේ ගුවන් යානයෙන් බිමට බස්සවතැයි සිතාගෙනය.

මෙම ගමනේදී ගුවන් යානය තුළ ඔවුන් දෙදෙනාට මාංචු දැමීමට අවසරයක් නොවීය. එය එම ගුවන් සමාගමේ කොන්දේසියකි. එබැවින් හරක් කටාත් කුඩු සළිඳුත් ගුවන්යානය තුළ තබා ගැනීමට සිදුවූයේ විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය කරමිනි. මැඩගස්කරයේ සිට මෙරටට පැමිණීමේ ගුවන් ගමන තිබුණේ කෙන්යාව හරහාය.

කෙන්යාවේ නයිරෝබි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගුවන් යානය ගොඩ බැස්සවීමෙන් අනතුරුව එතැන් සිට ඊළඟ ගමන සංවිධානය වී තිබුණේ කෙන්යාවේ සිට ඉන්දියාවේ මුම්බායි වෙතය. එම ගුවන් යානය කෙන්යාවේ නයිරෝබි වලින් ගුවන් ගතවීමට නියමිතව තිබුණේ මැඩගස්කරයේ සිට නයිරෝබිවලට ගොඩ බැස පැය 10කට පමණ පසුවය.

එබැවින් ජාත්‍යන්තර සම්බන්ධකම් ඔස්සේ හරක් කටා සහ කුඩු සළිඳු වෙනුවෙන් ගුවන ්තොටුපොළේදී විශේෂ ආරක්ෂාවක් ලබා ගැනීමටද හැකියාව ලැබී තිබුණි. එහෙත් මේ කාලය තුළ ඔවුන්ව ගුවන් තොටුපොළේ විශේෂ කාමරයක තැබීමට සූදානම් වූවත් ඔවුන් දෙදෙනා ඊට විරෝධය දැක්වීම නිසා සිදුවන්නේ ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඇති පුටුවල තබාගෙන සිටීමටය. ඒ තමන්ව කාමරවල සිර කළහොත් සිය දිවි හානිකර ගන්නා බවට පවා ඔවුන් තර්ජනය කරන්නට වූ බැවිනි.

එදා නයිරෝබි සිට මුම්බායි බලා ගුවන්ගත වන යානය නියමිත පරිදි නයිරෝබි ගුවන් තොටුපොළෙන් එදා පිටත් වූවත් අවසාන විනාඩි කිහිපය තුළ හරක් කටා සහ කුඩු සළිඳු ඊට ගොඩකර ගැනීමට ගුවන් සමාගමෙන් එකඟතාවක් නොවීය. ඒ ආරක්ෂක නිෂ්කාශනයන් සම්බන්ධයෙන් වූ යම් ගැටලුවක් මුල් කරගෙනය.

තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූ එම ගැටලුව නිරාකරණය කරගන්නා විට ගුවන් යානය මුම්බායි බලා නයිරෝබි ගුවන් තොටුපොළින් ගුවන්ගත වී හමාර වී තිබුණි. මුම්බායි බලා ගුවන් ගතවීමට නැවත ගුවන් යානයක් තිබුණේ පැය 08කට පමණ පසුවය. එම යානයේ ගමන් කිරීමට ගුවන් ටිකට්පත් වෙන්වන්නේ ටිකට් ඒජන්සි සමඟ සිදුවන සම්බන්ධකම් ඔස්සේය. ඒ සියල්ල සිදුවන්නේ කොළඹිනි.

මේ කාලය තුළ කුඩු සළිඳු සහ හරක් කටා හය හත් සැරයකට වඩා වැසිකිලි භාවිත කරන්නටද ඇත. ඒ හැම අවස්ථාවකදීම ඔවුන්ට විශේෂ අවධානයක් පවා යොමු කිරීමට සිදුව තිබුණි. ඒ හැරුණු කොට කන්න බොන්න පවා ඔවුන් දෙදෙනාට ලබා දෙන්නට සිදු විය. ඒ හැම පහසුකමක්ම ඔවුන්ට ලබා දෙමින් ඊළඟ ගුවන් යානය එනතුරු ආරක්ෂාකාරීව ඔවුන් දෙදෙනාව රැක ගත්තේ දැඩි පරිශ්‍රමයක් දරාය. මේ කාලය තුළ හරක් කටාත් කුඩු සළිඳුත් තමන්ව රැගෙන යන මේ නිලධාරීන් කවුරුන් දැයි හඳුනා ගත්තේය.

“ඇයි සර් අපිව ලංකාවට අරන් යන්නේ. අපිත් ජීවත් වෙන්න ආසයි“ යැයි ද ඒ අතරතුර එම නිලධාරීන් හමුවේ කුඩු සළිඳුත් හරක් කටාත් ආයාචනාත්මකව පවසා තිබුණේය.

ඒ යැයි කියා කිසිවිටකත් ඔවුන් මෙම නිලධාරීන් සමඟ ගැටුණු බවක් අනාවරණය වන්නේ නැත. ඔවුන් ඇමතුවේ යැයි කියැවෙන්නේ සර් යැයි කියාය. හරක් කටා සහ කුඩු සළිඳු රැගෙන එමින් සිටි මෙම නිලධාරින්ට ද ඔවුන් සමඟ ගැටුමක් නොවීය. ඔවුන් කරනු ලැබුවේ ඔවුන්ට පැවරුණු රාජකාරියක් පමණි. එය ඉතා හොඳින් ඔවුන් ඒ වන විටත් ඉටු කරමින් සිටියේය. ඒ උපක්‍රමශීලී පියවර රැසක් අනුගමනය කරමිනි.

මුල් සැලසුම වූයේ නයිරෝබි සිට මුම්බායි පැමිණ පැයක් දෙකක් ඇතුළත ඊළඟ ගුවන් යානයේ නැඟී 14 වෙනිදා අලුයම මෙරටට ගොඩ බසින්නටය. කෙන්යාවේ නයිරෝබී හි දී ගුවන් යානයට ගොඩවීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් සැලසුම් සියල්ල නැවත වෙනස් වන්නට විය. ඒ නිසාම ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපොලේද පැය ගාණක් රැඳී සිටීමට සිදු වන්නේ හරක් කටා සහ කුඩු සළිදුව මගී පර්යන්තයේ පුටු කිහිපයක අසුන් ගන්වා ආරක්ෂාව ලබා දෙමිනි. මෙහිදී ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙක් ද ගුවන් තොටුපොළට පැමිණ අවශ්‍ය පහසුකම් සොයා බැලුවේය.

ඒත් එක්කම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් මත මුම්බායි ගුවන් තොටුපොළේදී ද මෙම කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලැබෙන්නට විය. එහිදී ද හරක් කටාව සහ කුඩු සළිඳුව ගුවන් තොටුපොළේ කාමරයක ආරක්ෂිතව තැබීමට පවා සූදානම් වුවත් ඊට ඔවුන් දෙදෙනා දැක්වූයේ දැඩි විරෝධයකි. කුඩු සළිඳුගේ සහ හරක් කටාගේ කැමැත්ත වූයේ ඔවුන්ව භාරව සිටි මෙරටින් ගිය පොලිස් කණ්ඩායම සමඟම රැඳීමය.

මෙම නිලධාරීන් කණ්ඩායමෙන් වෙන්කර වෙනත් ස්ථානයක තමන්ව තැබුවහොත් සිය දිවි හානිකර ගන්නා බවට තර්ජනයක් පවා ඔවුන් කර තිබුණේය. ඒ අනුව මුම්බායි ගුවන් තොටුපොළේදීත් හරක් කටා සහ කුඩු සළිඳු රැඳී සිටින්නේ ඔවුන්ව රැගෙන එමින් සිටි නිලධාරීන් සමඟිනි.

මෙම කණ්ඩායම හරක් කටා සහ කුඩු සළිඳු රැගෙන ඒ අනුව ශ්‍රී ලංකාව බලා පිටත්ව එන්නට සූදානම් වන්නේ 15 වෙනිදා මැදියමේදීය. එවරත් බාධාවක් මතු වන්නේ ගුවන්යානයට ගොඩවී සිටි මගියෙක් රෝගී තත්ත්වයක් මත ගුවන් යානය තුළම මිය යන බැවිනි. එබැවින් ගුවන්යානය මුම්බායි සිට ශ්‍රී ලංකාව බලා ගුවන්ගත වන්නේ පැය එකහාමාරක පමණ ප්‍රමාදයකින් පසුවය. ඒ අනුව 15 වෙනිදා අලුයම 5.30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබස්සන්නට නියමිතව තිබුණු ගුවන් යානය ගොඩබස්ස වනුයේ හිරු එළිය බිමට පතිත වෙමින් තිබියදීය.

ඒ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගුවන් තොටුපොළ පරිශ්‍රයට පැමිණ සිටියේ කුඩු සළිඳු සහ හරක් කටා අත්අඩංගුවට ගැනීමේ සූදානමිනි. මෙම ගුවන් යානයේ සිටි සාමාන්‍ය ගුවන් මගීන් පාලම මතින් ගුවන් තොටුපොළ පර්යන්තයට ඇතුළු වන විට හරක් කටා සහ කුඩු සළිඳුව ගුවන් යානයෙන් පිටතට ගන්නේ වෙනත් පිටවුමකිනි. ආගමන විගන දෙපාර්තමේන්තුවේ රජකාරි කටයුතු ඇතුළු අනෙකුත් නිෂ්කාශන කටයුතු සියල්ලක්ම සිදුවන්නේ එතැනදීමය.

ඒ සියල්ලක්ම ඉතා වේගවත්ව කෙටි කාලයක් තුළ සිදුවීමෙන් අනතුරුව මුලින්ම හරක් කටාව ගුවන් තොටුපොළ පරීශ්‍රයේදීම අත්අඩංගුවට ගනු ලබන්නේ ගල්කිස්ස අධිකරණයේදී 2022 වසරේ අගෝස්තු 04 වෙනිදා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කළ විමර්ශනයන්ට අදාළව ගල්කිස්ස මහාධිකරණයෙන් ලබා ගත් විවෘත වරෙන්තුව මත යොමු කරන ලද රතු නිවේදනයට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදවල් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටය.

අනතුරුව කුඩු සළිඳුට අත්අඩංගුවට ගන්නේ පානදුර ආශ්‍රිතව සිදු වුණු වෙඩි තැබීම් සම්බන්ධයෙන් පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කළ විමර්ශනයන්ට අදාළව ලබාගත් විවෘත වරෙන්තුව පරිදි ලබා ගත් රතු නිවේදනයට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වරදවල් ගැන පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙනි.

මෙසේ අත්අඩංගුවට ගන්නා කුඩු සළිඳු සහ හරක් කටා කටුනායක සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ආරක්ෂක රථ පිරිවරා ගෙන රැගෙන එන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ද විශේෂ ආරක්ෂාවක් සහිතවය.

එසේ රැගෙන පැමිණි හරක් කටා සහ කුඩු සළිඳු දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. ඒ දින 90ක රැඳවුම් නියෝගයක් මතය. මේ කාලය තුළ මොවුන් කර ඇති අපරාධ ගැන මෙන්ම මත්කුඩු ජාලය ගැන බොහෝ තොරතුරු හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුණ වී තිබේ.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook