Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ගොයම් ගහෙන් ඇල්ලු මහනුවර රූමතියගේ ඝාතනය

නිවසේ තනිවම සිටි 25 හැවිරිදි කාන්තාවක ඝාතනය කර නිවස අසල වෙල් යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී පසුගියදා (11දා) ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබුුුණි.

මහනුවර අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව විවාහක කාන්තාවක් වන බවත් දරුවන් නොමැති බවත් සැමියා සමඟ නිවසේ තනිව ජීවත්ව ඇති බවත් රූමත් දනුකා මධුවන්තිගේ ඝාතනයේ සොයාගැනීමට මඟ පෑදුණේ ගොයම් පැලයක් යැයි අස්ගිරිය පොලිසිය කියයි.දනුකා මරා කුඹුරක වළ දමා ඒ මත සිට වූ ගොයම් පැල දෙකක් පොලිස් නිල සුනඛ ‘‘ඒගල්ට‘‘ ඉව කිරීමට ලබා දීමෙන් පසුව ලබාදුන් හෝඩුවාවක් මත හමුදා සාමාජියකා අත්අඩංගවට ගැීමට හැකි වූ බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පවසයි.

ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා මඩ ගොහොරු මැදින් කඳු හෙල් තරණය කරමින් කිලෝමීටර් හතරක පමණ අතිශය දුෂ්කර ගමනක් ගොස් නිවසට ඇතුළු වූ බව පොලිස් නිල සුනඛ කොට්ඨාශය වැඩිදුරටත් පවසයි.

මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පොලිස් කොස්තාපල් බී ජී ජයරත්න42320මහතා පොලිස් නිල සුනඛයා මෙහෙයවනු ලැබීය.

එම කොට්ටාශයේ උප පොලිස් පරීක්ෂක චන්ද්‍රවංශ පෙරේරා මහතා මෙහිදී අධීක්ෂණ නිලධාරී ලෙස කටයුතු කර ඇත.

පොලිස් නිල සුනඛ ‘‘ඒගල්ට‘‘ හැසිරවනු ලැබූ පොලිස් කොස්තාපල් බී ජී ජයරත්න මහතා සැකකරු කොටුකර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරමින් ලංකාදීපයට මෙසේ පැවසීය.

මෙම කාන්තාවගේ මළ සිරුර කුඹුරේ මඩ වගුරේ ඔබා ඒ මතින් ගොයම් පැළ සිටුවා තිබෙන බව අලවතුගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වා දැනුම් දී තිබුණා.‍

ඒ අනුව ගොයම් පැල දෙකකට පොලිස් නිල සුනඛයා ට ඉව කිරීමට සැලැස්සුවා ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙන කුඹුරේ මඩ ගොහොරුවේ ඉදිරියටම ගමන් කළා කුඹුරෙන් ගොඩ වූ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙන තේ වතු මැදින් කඳු පල්ලම් බසිමින් ඉතා දුෂ්කර ගමනක නිරත වෙමින්කිලෝමීටර් හතරක පමණ දුරක් ගෙවා නිවස පිහිටි ගෙවත්තට ඇතුළු වුණා.

පසුව එම නිවස ඉදිරිපිට සිටි එක් පුද්ගලයකුට ඉව කළ පොලිස් නිල සුනඛයා නිවස වටා එක් වරක් කැරකි නිවස තුලට ඇතුලු වුණා.

ඇතුළු වූ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙනම එම නිවසේ කාමරයකට ඇතුළු වී එහි තිබූ ඇඳට ඉව කළ නිල සුනකයා ඇඳ ලඟ බිම වාඩි වුණා අලවතුගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම නිවසේ සිටි යුද හමුදාවේ සෙබලෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා .

එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිල සුනඛයා ලබාදුන් ඉව අනුවයි පොලිස් නිල සුනඛයා ගෙවත්තට ඇතුළු වූ අවස්ථාවේ ඉව කළේද මෙම සැකකරුම බවද පොලිස් නිල සුනඛයා මෙහෙයවු ජයරත්න මහතා වැඩිදුරටත් කීය.

මෙම පොලිස් නිල සුනඛ ඒගල් මීට පෙර අවස්ථා ගණනාවකදී ද අපරාධමය සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට හෝඩුවාවන් සපයා ඇති දක්ෂ පොලිස් නිල සුනඛ බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහන් කරයි.

මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාන්චන ගොඩකුඹුර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක අධ්‍යක්ෂක පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය සහ එම කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කොලුගල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මෙසේ ඝාතනය ඝාතනය කර ඇත්තේ අලවතුගොඩ විලාන පල්ලේගම ඇල්ලේ කඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි දනුකා මධුවන්ති 26 හැවිරිදි විවාහකකාන්තාවකි.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook