Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කරාතෙ කලාව ගැන ආසාවක් ඇති කෙරෙව්වේ තාත්තා කවුරුත් නොදත් Black Belt නිලිය මිෂෙල් දිල්හාරා කියන කතාව

මිෂෙල් දිල්හාරා කියන්නේ කලාවට පා තබා ඉතා කෙටි කාලෙකින් ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය දිනාගත් කලා ශිල්පි‚යක්. එකිනෙකට වෙනස් චරිත ඔස්සේ කාලෙන් කාලෙට අපට හමුවන ඇය මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නෙ "කාසි" නිසා. නිධානෙකට බිල්ලක් වෙලා වලව්වක වයස්ගත හාමු කෙනෙක්ට බිරියක් වූ සාගරිකා ගැන අද මිෂෙල් අපි එක්ක කතා කළා.

ටෙලිනාට්‍ය පහක් එන්න තියෙනවා

මේ දවස්වල ඉරේෂ් ලොකුබණ්ඩාරගේ "කාසි" ටෙලිනාට්‍යයේ රූගතකිරීම් සහ සුරන්ජන් විෙජ්නාමගේ "මන්දාරම් කොළඹ" අලූත්ම ටෙලිනාට්‍යයේ රූගතකිරීම් කරගෙන යනවා. ඊට අමතරව ධවල දෙගිරාව, පනම් බඳින ගස්, සිදාදියේ සමනලියෝ, විඳින්න මේ ජීවිතේ වගේ ටෙලිනාට්‍ය කිහිපයක් විකාශනය වෙන්න තියෙනවා."කාසි" නාට්‍යයට හොඳ ප්‍රතිචාර

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැඛෙනවා. ඒ් මම මෙතෙක් කරපු චරිත වලට වඩා වෙනස් චරිතයක් කරන්නෙ. සාමාන්‍ය නිදහස් ජීවිතයක් ගතකරපු ගෑනු ළමයෙක් දෙමාපියන්ගේ බලකිරීම මත ආර්ථීක ප්‍රශ්න නිසා වලව්වක වයසක හාමු කෙනෙක්ව කසාද බඳිනවා. එතනින් පස්සේ එයාගෙ ජීවිතේ ඇතිවන ගැටලූ, වලව්වෙ තියෙන අභිරහස් එක්ක ජීවිතේ ගෙනියන තරු‚යකගේ කතාවක් තමයි කාසි කියන්නෙ.  වගේම සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයට තවමත් හොඳ ප්‍රතිචාර ලැඛෙන එක සතුටක්.

පාලිත සිල්වා වැනි කලාකරුවෙක් එක්ක රංගනය පහසුයි

පාලිත සිල්වා අයියා තමයි වලව්වෙ හාමුට ඉන්නෙ. ඒ කියන්නෙ මගේ සැමියා. ඔහු රටේ මිනිස්සු ගොඩක් ගරු කරන චරිතයක්. ඔහු එක්ක වැඩ කරන්න හරි පහසුයි. අපි දෙන්නගේ චරිත තාත්විකව ලස්සනට එළියට දාන්න ඔහු ලොකු සහයෝගයක් දෙනවා.


සමාජ සේවා තවමත් ඉවර ණැ...

දැන් සතියකට විතර උඩදි මම ප්‍රොජෙක්ට් එකක් කළා. නුවරඑළිය, කුරුණෑගල, මීගමුව, කටුවාපිටිය, කදිරාන පැතිවල අත්‍යවශ්‍යම පාසල් ළමයි 250 කට සපත්තු ඛෙදාදීමේ ව්‍යාපෘතියක්. ගොඩක් පාසල් සහ පන්සල් වලින් ඉල්ලීම් කළා මගෙන්. ඒ අනුව තමයි මම ඒ ව්‍යාපෘතිය ආරම්භ කළේ.

නිදහස් වෙලාවක් ලැබුණොත් කරාතේ පුහුණු වෙනවා

නිදහස් වෙලාවක් ලැබුණොත් කරන්නෙ කරාතෙ පුහුණුවීම් කරන එක. මම Black Belt කැටගරි එකේ ඉන්නෙ. මම කරන්නෙ ෂිටෝකායි සටන් පුහුණු කලාව. රොහාන් උදයකුමාර තමයි මගේ සෙන්සේ. ඊට අමතරව මේ දවස් වල මගේ දෙවෙනි පොත ලියන්න රිසර්ච් එක පටන්අරන් තියෙන්නේ.

කරාතෙ කරන්නෙ තාත්තා නිසා

මම 5 වසරෙ ඉඳන්ම කරාතෙ කරනව. මගේ තාත්තත් කරාතෙ කරල තියෙනව. ඉස්සර ජැකී චෑන්ග්, ජෙට්ලි, චක් නෝරිස්, බෘෘස් ලී ගේ ෆිල්ම්ස් පෙන්නලා මේ කලාව ගැන ආසාවක් ඇති කෙරෙව්වේ තාත්තා. කරාතෙ කියන්නේ ආත්මාරක්ෂාවට වගේම අපේ ඉවසීම, හැදියාව, පර්සනැලිටි එක හදාගන්න පුළුවන් සටන් කලාවක්.

අලියෙක් පස්සෙන් පන්නලා වාහනේ ස්ටාට් වුණේ නෑ

සුදු ඇඳගෙන කළු ඇවිදින් ෂූට් කළේ බකමූණ ප්‍රදේශයේ. පළවෙනි දවස් දහයෙම අපිට රූගතකිරීම් තිබුණේ එළියේ පාළු පාරක. අපි අනිවාර්යයෙන්ම රූගතකිරීම් හවස පහට නතර කරනවා. මොකද ඒ ලොකේෂන් එකට හවසට අලි එනවා. නමුත් දවස් හතක් යනකල් අපි කිසිම අලියෙක් දැක්කෙ නෑ. අපි කට්ටිය කතා වෙවී හිටියෙ මෙච්චර හිටියා අලියෙක්වත් දැක්කෙ නෑනෙ කියල. ෂූටින් පටන් අරන් අටවෙනි දවසෙ අපි හවස 5.10 විතර වෙනකල් ෂූට් එක කළා. පස්සෙ චාන්දනී සෙනෙවිරත්න අක්කා, ලක්ෂ්මන් මෙන්ඩිස් අන්කල්, නිරෝෂන් විෙජ්සිංහ අයියා අපි කට්ටියම වෑන් එකක ලොකේෂන් එකේ ඉඳන් එද්දි පාර අයිනෙ තිබුණ හිස් ඉඩමක සද්ධන්ත අලියෙක් හිටියා. අපි ලොකේෂන් එකේ දැකපු පළවෙනිම අලියා නිසා පොඩ්ඩක් වෑන් එක නවත්තලා එයා දිහා බලාගෙන හිටියා. එකපාරට අපේ වෑන් එක දැකල වාහනේ පස්සෙ පන්නන්න ගත්තා. අලියා දැකපු බයට ඩ්‍රයිවර්ට ඇක්සලේටර් එක පෑගුණේ නෑ. නමුත් වෙලාවට අලියා මගක් දුර ඇවිත් නතර වුණා.

බලාපොරොත්තු

කලාව තුළ තියෙන ලොකුම බලාපොරොත්තුව ඉස්සරහට වෙනස්ම චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන එක. ඒ වගේම ඉතා ඉක්මනින් දෙවෙනි පොතත් එළිදක්වනවා. ඔය අතරේ මගේ අධ්‍යාපන වැඩකටයුතුත් පුළුවන් උපරිමයෙන් කරගන්න ඕන.


එරංදි කෞශල්‍යා - විජය නිවුස්

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook