Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රයිගම් සම්මාන 2022 ජනප්‍රියම නළුවා උද්දික නිළිය දුෂේනි

දිවයිනේ ප්‍රසිද්ධ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රයිගම් සමූහ සමාගම විසින් 2005 වර්ෂයේදී හඳුන්වා දුන් රයිගම් ටෙලීස් උළෙල මේ වනවිට දිවයිනේ ප්‍රමුඛතම මෙන්ම වඩාත් ආකර්ෂනීයම සම්මාන උළෙල ලෙස අඛණ්ඩව වර්ෂ 18ක් ඉතා සාර්ථකව පවත්වා ඇත.

විශේෂයෙන්ම නිර්මාණ විනිශ්චයේදී ඉහල ගුණාත්මක භාවයක් රඳවා ගැනීම, සෑම විටම නව්‍යකරනයෙන් යුත් සම්මාන උළෙලක් පැවැත්වීම සහ වැඩිම නාලිකා සංඛ්‍යාවක් ඔස්සේ විකාශය කිරීම මෙන්ම සමාජ මාධ්‍ය තුළ ඉහල අවධානයක් දිනාගැනීම වැනි හේතුන් මෙම තත්ත්වය කෙරෙහි බලපාන ලද ප්‍රධාන සාධක වේ.රයිගම් ටෙලීස් - දේශීය සම්මාන උළෙල සංස්කෘතියට නවාංග හඳුන්වා දෙමින් පුරෝගාමී මෙහෙවරක නියැලී ඇත.
විශේෂයෙන් ජාත්‍යන්තර උළෙල සංස්කෘතිය හා යමින් ප්‍රධාන උළෙලට පෙරාතුව නිර්දේශිත නාම ප්‍රසිද්ධකිරීම ප්‍රථම වරට 2013 වසරේදී හඳුන්වා දුන්නේ රයිගම් ටෙලීස් වන අතර, සිය`ඵ නිර්දේශලාභීන්ට වටිනා රක්‍ෂණ ප්‍රතිලාභයක් සමග සම්මානලාභීන්ට ඉහල මුදල්ත්‍යාගයන් පිරිනමන ලද්දේ ද රයිගම් ටෙලීස් විසිනි.

අද (25) දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැති රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේ ප්‍රේක්ෂක මනාපයෙන් ජනප්‍රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් (පාරදිගේ චරිතය), ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්නත් (පාරදිගේ චරිතය) සම්මාන දිනාගත් අතර ජනප්‍රියම ටෙලිනාට්‍ය වූයේ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පාරදිගේ‘ය.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook