Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ඇරඹේ

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ආරම්භ වේ.

ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රජයේ නායකයෝ සහ 3000කට ආසන්න නියෝජිතයෝ පිරිසක් පසුගියදා (5) උදේ ඇරඹුණු සැසිවාරයේ සමාරම්භක උළෙලට එක් ව සිටිති.

මෙවර සැසිවාරය තුළදී, චීනයේ නව ජාතික ආයතන මණ්ඩලය තෝරා පත්කිරීම, රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම හා 2023 වසරේ ආර්ථික, සමාජ හා සංවර්ධන ඉලක්ක මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නියම කිරීම සිදුකෙරේ. දැනට නිකුත් කෙරුණු න්‍යාය පත්‍රයට අනුව, නීති සම්පාදනය පිළිබඳ නීති කෙටුම්පත සහ රාජ්‍ය මණ්ඩලයේ ආයතනික ප්‍රතිසංස්කරණ සැලැස්ම පරීක්ෂා කිරීමට ද නියමිත ය.

පසුගිය වසරේ චීනය සංවර්ධනය කිරීමේ දී අසීරුතා ඇති වුවද නව ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වී ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා පැවසුවේ එම සැසිවාරයට එක්වෙමින් රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමිනි.

පසුගිය වසරේ චීන ආර්ථිකයේ ස්ථාවරත්වයක් පවතින බව ලී ක ච්‍යං මහතා පවසයි. සංවර්ධන ගුණාත්මක භාවය ස්ථිර අයුරින් ඉහළ නංවා ඇති අතර, සමාජයීය තත්ත්වය ද ස්ථාවර බව හෙතෙම කියා සිටී.

2022 වසරේ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 3%කින් වර්ධනය වී ඇත. නගර හා උප නගර තුළ පුද්ගලයින් මිලියන 12.06ක් සඳහා නව රැකියා අවස්ථා හිමි විය. පාරිභෝගික මිල දර්ශකය 2%කින් වැඩි වී සංකීර්ණ පරිසරයක් තුළ, වසරේ සංවර්ධනය සඳහා වන ප්‍රධාන ඉලක්ක සාක්ෂාත් කර තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ගෙවි ගිය වසර 5 තුළ චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධන ප්‍රගතින් ලෝකයේ අවධානයට ලක්ව තිබේ. එම කාලය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් ට්‍රිලියන 121 දක්වා ළඟා වී ඇති අතර, වසර පහ තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 5.2% කි. ගෙවි ගිය වසර දහය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 70 කට ආසන්නව වැඩි වී තිබෙන අතර සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 6.2% ක් වේ. චීනයේ ආර්ථික ශක්තිය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

එම රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, ගතවූ වසර 5 තුළ, චීනය අඛණ්ඩව ප්‍රතිසංස්කරණය සහ විවෘත කිරීම ගැඹුරු කරමින් ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කරමින් සිටී. එම කාලය තුළ චීනයේ භාණ්ඩ ආනයන හා අපනයන නිමැවුම යුවාන් ට්‍රිලියන 40 ක් ඉක්මවයි. විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ විදේශ රටවලට ආයෝජනය කිරීම අතින් චීනය ලෝකයේ ඉහළම පෙළේ සිටී. දරිද්‍රතාවය තුරන් කිරීම, විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනය සහ පරිසරය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද චීනය ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇත.

ලී ක ච්‍යං අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ චීන ආර්ථීක සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක රැසක් ද ඉදිරිපත් කර ඇත. මේ අනුව, 2023 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂා කෙරේ. නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12 කින් වැඩිකිරීම, එම ප්‍රදේශවල විරැකියා අනුපාතය 5.5% ක් පමණ අඩු මට්ටමක් දක්වා පාලනය කිරීම සහ පුරවැසියන්ගේ පරිභෝජන මිල ඉහළ යාම 3% ක ම‍ට්ටමේ පවත්වා ගැනීම ද ඊට ඇතුළත්ය. එමෙන්ම, ආනයන සහ අපනයන ක්ෂේත්‍රවල ස්ථාවරත්වය හා ගුණාත්මකභාවය ඉහළ නංවාගෙන ජාත්‍යන්තර අයවැය මූලික වශයෙන් සමබර මට්ටමක පවත්වා ගත යුතු ය. ධාන්‍ය නිෂ්පාදන ප්‍රමාණය‍ ටොන් මිලියන 650කට වඩා වැඩි අගයක් අපේක්ෂිත ය. මීට අමතරව, ෆොසිල බලශක්ති පරිභෝජනය පාලනය කරමින්, තිරසර ජෛව පරිසර සුරක්ෂිතතාව නැංවීම ද මේ වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක අතරට ඇතුළත් වන බව ලී ක ච්‍යං අග්‍රාමාත්‍යවරාගේ රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ.

චීනය පුද්ගලික ව්‍යවසායකයන්ගේ දේපළ අයිතිවාසිකම්, ව්‍යවසායක අයිතිවාසිකම් සහ අවශ්‍යතා නීත්‍යනුකූලව ආරක්ෂා කර, පෞද්ගලික ආර්ථිකය සහ පෞද්ගලික ව්‍යවසායන් දිරිගන්වමින් ඒවා සංවර්ධනයට සහාය දී, කුඩා, මධ්‍යම සහ ක්ෂුද්‍ර ව්‍යවසායයන් මෙන්ම තනි කාර්මික සහ වාණිජ කුටුම්භ සංවර්ධනයට ද සහාය දෙයි. සියලු වර්ගවල ව්‍යවසායයන්ට සාධාරණ තරඟකාරිත්ව වර්ධනය සඳහා උචිත පරිසරයක් නිර්මාණය කර, වෙළඳපළ අපේක්ෂා සහ විශ්වාසය ඉහළ නැංවීම සඳහා ප්‍රායෝගික උපායමාර්ග භාවිත කරන බව ද එම වාර්තාවේ දැක්වේ.

එසේම, වෙළඳපළ ප්‍රවේශය පුළුල් කිරීම සහ නවීන සේවා කර්මාන්තයේ විවෘතභාවය වැඩි කළ යුතු අතර, විදේශීය අරමුදල් යොදවන ව්‍යවසායයන් සඳහා ජාතික මට්ටමේ සැලකිලි ක්‍රියාත්මක කෙරේ. ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වූ විස්තීරණ සහ ප්‍රගතිශීලී ගිවිසුම (CPTPP) වැනි උසස් ප්‍රමිතියෙන් යුත් ආර්ථික සහ වෙළඳ ගිවිසුම්වලට ප්‍රවේශ වීම සක්‍රියව ප්‍රවර්ධනය කිරීම, අදාළ නීති කළමනාකරණය සහ ප්‍රමිතීන්ට අනුව ආයතනික විවෘත භාවය ක්‍රමානුකූලව පුළුල් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දෙයි.

තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ ගැටළුව නව යුගය පරිදි නිරාකරණය කිරීමේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ක්‍රියාමාර්ගයෙහි චීනය අඛණ්ඩ ව එල්බ සිටින බව හෙතෙම කියා සිටී. එකම චීනයක් යන ප්‍රතිපත්තිය හා ඊට අදාළ ‘ 1992 වසරේ එළඹුණු එකඟතාව ’ මෙන් ම තායිවානය චීනයෙන් වෙන් කිරීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් එක්සත් භාවය ඇති කිරීම චීනය අනුගමනය කරයි.

හොංකොං විශේෂ පරිපාලන කලාපය හා මැකෞ විශේෂ පරිපාලන කලාපය සම්බන්ධයෙන් ලී ක ච්‍යං මහතා රාජ්‍ය කාර්ය වාර්තාවේ දී පෙන්වා දෙන්නේ, ‘ එක් රටක් ක්‍රම දෙකක් ’, ‘ හොංකොං වැසියන් විසින් ම හොංකොං පාලනය කිරීම ’, ‘ මැකෞ වැසියන් විසින් ම මැකෞ පාලනය කිරීම ’ යන ප්‍රතිපත්ති වල චීනය අනිවාර්යයෙන් ම නියැළී සිටිය යුතු බවයි. හොංකොං හා මැකෞ හි දිගුකාලීන සමෘද්ධිය තහවුරු කළ යුතු බව ද ලී ක ච්‍යං මහතා පවසයි.

එසේ ම, ස්වාධීන හා සාමකාමී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති චීනය ස්ථිර ලෙස අනුගමනය කරයි. අන්‍යොන්‍ය, පොදු-ජයග්‍රාහී විවෘත උපායමාර්ගයේ චීනය එල්බ සිටී. ජගත් ප්‍රජාව සමග එක්ව, ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. පොදු ඉරණම සහිත මානව ප්‍රජාව ගොඩ නැංවීම පොදුවේ ඉදිරියටත් මෙහෙයවීමට ද චීනය කැමැත්තෙන් සිටින බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook