Adsense Banner

Latest Gossip News


අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day

අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day
ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Feb 07

SHADES හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ ඝාතනයේ සුලමුල එළියට 
පොලිසිය තුන්වැනි කොණ්ඩමය සොයා  නිවස යළි පීරයි!

පැලවත්තේ නිවෙසක තෙවැනි මහලේ නාන තටාකයක මරා දමා තිබියදී සොයාගත් ෂේඩ්ස් (SHADES) නිමි ඇඳුම් සාප්පු ජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුවළ පැය 24ක කාලයක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ.

ව්‍යාපාරිකයාගේ ඝාතකයා බවට හඳුනාගෙන සිටින අසීම්ඩීන් ඉන්සාෆ්ඩීන් සහ ඔහුගේ බිරිය වන හුස්වා ෆස්ලිම් යන දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (06) ඉදිරිපත් කරමින් මෙම අවසරය ලබාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.කඳාන පොලිසියේ නිලධාරියකුට හුස්වා ෆස්ලිම්ගේ පුංචි අම්මා විසින් දුරකතන ඇමතුමක් ලබාදී ඔහුගෙන් ලද උපදෙස්වලට අනුව සැකකාර අසීම්ඩීන් ඉන්සාෆ්ඩීන් නමැත්තාව කඩවතට රැගෙන ගොස් පොලිසියට භාර දී ඇති බවත් පසුව කඳාන පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයට පෙරේදා (05) භාරදී ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. සැකකරුගේ බිරියව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ ඉන්සාෆ්ඩීන්ව සිය භාරයට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන යමින් සිටියදීය.

මෙම යුවළ ඊට පෙර දින රැය ගතකර ඇත්තේ ත්‍රිකුණාමලයේ බවද විමර්ශන වලින් හෙළිවී තිබේ. ත්‍රිකුණාමලයේ සිට පෙරේදා (05) මෙම යුවළ බස් රථයකින් පැමිණ කඩවතින් බැස ප්‍රසිද්ධ නිමි ඇඳුම් සාප්පුවක් අසල රැඳී සිට ඇති බවත් පොලීසිය පැමිණ ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එහිදී බවත් සඳහන්ය.

ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසුව මෙම යුවළ ඉන්දුනීසියාවේ බාලි දූපත්වල සංචාරයක නිරත වීමේ අපේක්ෂාවෙන් ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු දින එනම් 31 වෙනිදා අලුයම 3.30 පමණ වන විට බණ්ඩාරනායන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයට ඇතුළු වී සිට ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබුණි. ගුවන් තොටුපොළ පරීශ්‍රයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් මෙම යුවළ අලුයම 3.48 හෝ ඒ ආසන්න වේලාවක් තුළදී ජල බෝතල් දෙකක්ද මිලදී ගෙන ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබේ.

වීසා ගැටලුවක් පැන නැඟීම හේතුවෙන් ඉන්දුනීසියා ගමන ගුවන් තොටුපොළින්ම නතර කිරීමට සිදුවීම හේතුවෙන් මෙම යුවළ ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිට උදෑසන 5.30ත් 6.00ත් අතර කාලය තුළ පිටතට පැමිණ ත්‍රිරෝද රථයකින් කටුනායක බස් නැවතුම වෙත ගොස් ඇති බව සඳහන්ය. ඒ යන අතර තුර ඔවුන් අලුයම 6.05ට පමණ කටුනායක පිහිටි ව්‍යාපාරික ස්ථානයකට ගොස් ද ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම යුවළ කටුනායකින් බස් රථයක නැඟී කොළඹට පැමිණ එතැනින් කොළොන්නාවට පැමිණ පුංචි අම්මාගේ නිවසේ රැඳී සිට ඇති බවද විමර්ශනවලින් කොළඹ අපරාධ කොට්ඨාසය හෙළිකරගෙන තිබේ.

ත්‍රිකුණාමලය බලා ගොස් ඇත්තේ ව්‍යාපාරිකයාගේ මළ සිරුර හමුවූ බව ජන මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමත් සමඟය.

නිසි රැකියාවක් මෙන්ම ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව සිටි ප්‍රධාන සැකකරු 30 වෙනිදා සිට වැය කර ඇත්තේ කෝටිපතියාගේ ක්‍රෙඩිට් කාඩ්පතේ මුදල්ය. මළ සිරුර හමුවීමත් සමඟ එම කාඩ්පත් අත්හිටුවීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් පියවර ගැනීම නිසා සැඟවී ජීවත්වීමට නොහැකි වූ තැන ත්‍රිකුණාමලයේ සිට පැමිණ ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. මෙම ප්‍රධාන සැකකරු කලක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක පිහිටි දුරකතන හා විද්‍යුත් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයකද සේවයේ නිරතව සිට ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

පසුගිය 30 වෙනිදා ව්‍යාපාරිකයාව ඝාතනය කර ගුවන් තොටුපොළට ගොස් ගුවන් තොටුපොළේ සිට නැවත කොළොන්නාවට පැමිණෙන තුරුම ප්‍රධාන සැකකරුගේ මුහුණ පුරා වැවී තිබුණු රැවුල, අත්අඩංගුවට ගන්නා විට තිබී නැත. උඩු රැවුල පමණක් ඉතිරි කර මුහුණ පුරා වැවී ඇති රැවුල කපා ඔහු සිය ස්වරූපය වෙනස් කරගෙන සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙම සැකකරු සතුව තිබී ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියෙන් සොරාගත් ක්‍රෙඩිට් කාඩ්පත් 04න් දෙකක් සොයාගෙන ඇත. සෙසු කාඩ්පත් දෙකට සිදු වූ දෙයක් ඔහු නිසි ලෙස පවසන්නේ නැති බව පොලිසිය කියයි. මෙම සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බිය තමා සොරා නොගත් බවකි. මෙතෙක් පොලිසියට මෙම මුදල් පසුම්බිය සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.

ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය ද මෙම සැකකරු විසින් පැහැරගෙන ගොස් තිබුණි. ඉන්දුනීසියාවට යාමට ගුවන් ටිකට්පත් පවා ඔහු වෙන් කරගෙන තිබුණේ එම ජංගම දුරකතනයෙනි. එසේම ඔහු එම ජංගම දුරකතනයෙන් ඇමතුම් රැසක්ද ලබාගෙන තිබුණි. එම දුරකතනය ගැන ඔහුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ පසුගිය 31 වෙනිදා රාත්‍රියේ වැල්ලවත්තට ගිය තමා එය මුහුද දෙසට විසිකළ බවය. මුහුද දෙසට එම ජංගම දුරකතනය විසි කළේ යැයි කියන ස්ථානය සහ ඒ අවට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂාවක් කර ඇතත් ඊයේ සවස් වන තුරුම එම ජංගම දුරකතනය හමුවී නොතිබුණි. ව්‍යාපාරිකයා ඝාතනය වී සිටි නිවස ද නැවත වරක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ සියුම් විමර්ශනයකට ඊයේ ලක්ව තිබුණි. ඒ භාවිත කර ඉහළ මහලේ සිට ව්‍යාපාරිකයා විසින් විසි කළේ යැයි කියන උපත් පාලන කොපුවක් සොයාය. පොලිසිය පවසනුයේ උපත් පාලන කොපු තුනක් අඩංගු පැකට්ටුවක් සැකකරු විසින් මිලදී ගෙන තිබුණත් ව්‍යාපාරිකයාගේ මළ සිරුර හමුවීමෙන් පසු කළ පරීක්ෂාවේදී එම නිවසේ තිබී හමුවූයේ දෙකක් බවය. එයින් එක් උපත්පාලන කොපුවක් පරිහරණය කර තිබුණු බවත් එකක් පරිහරණය කර තිබී නැති බවත් පොලිසිය කියයි.

ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ උපත් පාලන කොපු 03න් දෙකක් පරිහරණය කළ බවකි. ඒ අනුව පොලිසිය ඊයේ සොයන්නට වූයේ ඒ තුන්වැනි උපත් පාලන කොපුවයි. මෙම සෝදිසියේදී ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඔහුව ඝාතනය කිරීමට යොදාගත්තේ යැයි සැකකරන පොල්ලක්ද නිවසේ තිබී සොයාගෙන තිබේ. එය රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය. ඒ ඝාතනයට යොදාගත්තේ එම පොල්ලමදැයි සියුම් විමර්ශනයක් ඔස්සේ තහවුරු කර ගැනීමටය. ඊට අමතරව දැනට හමු වී ඇති පරිහරණය කළ උපත් පාලන කොපුවද ඩී. එන්. ඒ. පරීක්ෂාවක් සඳහා යොමුකරන බවද පොලිසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සැකකරුගෙන් කරනු ලබන දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ ඇප් එකක් හරහා තමා මෙම ව්‍යාපාරිකයාව මාසයක පමණ කාලයක් තිස්සේ දැන හඳුනාගෙන සිටි බවය. ඔහු සමඟ එම ඇප් එක මඟින් අදහස් හුවමාරුකරගෙන සිටියත් මුල්වරට ඔහුව මුණ ගැසුණේ පසුගිය 30 වෙනිදා බවද සැකකරු පවසා තිබේ. ව්‍යාපාරිකයා ඝාතනය වී ඇත්තේ එම මුල්ම හමුවීමෙන් පසු බව සැකකරුගේ ප්‍රකාශ මත පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. දෙදෙනා එදා මුලින්ම හමුවූවත් ඇප් එක මඟින් පැවති සම්බන්ධකම හේතුවෙන් ලොකු හිතවත්කමක් පැවති බව ද සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

සිය බිරිඳ සමඟ සැකකරු මෑතක් වන තුරුම පදිංචිව සිට ඇත්තේ නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි ඔහුගේ මහ ගෙදරය. එහෙත් ව්‍යාපාරිකයා ඝාතනය වන විට ඔවුන් දෙදෙනා රැදී සිට ඇත්තේ කොළොන්නාව ගොතටුවේ කමන්වත්තේ පිහිටි බිරිඳගේ දෙමාපියන්ගේ නිවසේය. ඔහුට සිය බිරිඳ සමඟ කුලී නිවසකට යාමේ දැඩි අවශ්‍යතාවක්ද තිබී ඇති බවත් ඒ සඳහා ඔහුට මුදල් අවශ්‍යතාවක්ද තිබී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. පසුගිය 30 වෙනිදා ඔහු මෙම ව්‍යාපාරිකයාව මුණ ගැසීමට තීරණය කරමින් පැලවත්තේ නිවසට පැමිණ ඇත්තේද ඔහුගෙන් මුදල් ටිකක් ලබාගැනීමේ අරමුණද ඇතිව බව පෙනී ගොස් ඇත.

ප්‍රශ්න කිරීමේදී සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පවසා ඇත්තේ ව්‍යාපාරිකයාගෙන් තමාට මුණ ගැසීමට ආරාධනාවක් ලැබෙන විට රැඳී සිටියේ දෙහිවල ප්‍රදේශයේ බවය. උපත් පාලන කොපු පැකට්ටුවක් ද රැගෙන එන ලෙස තමාට කීවේද ඔහු බවත් සියලු පණිවුඩ හුවමාරු සිදුවූයේ වට්ස් ඇප් යෙදවුම හරහා බවද සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

තමා කළුබෝවිල ෆාමසියකින් එම උපත් පාලන කොපු පැකට්ටුවද රැගෙන පැලවත්තට ගිය බවත් අතර මගදී ව්‍යාපාරිකයා සමඟ මෝටර් රථයේ නැඟී පැලවත්තේ නිවසට ගිය බවත් සැකකරු පවසා තිබේ. දෙදෙනා පැය දෙකක පමණ කාලයක් එහි රැඳී සිටි බවද සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. ඒ කාලය තුළ තමා ඔහු සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරුකළ බවත් එහිදී තමා රුපියල් ලක්ෂයක මුදලක් ඔහුගෙන් ඉල්ලා සිටි බවත් මුදල් නොමැති බව පැවසීම නිසා සිත් වේදනාවකින් සිටියදී ඔහු තමා සමඟ දෙවැනි වතාවටත් කිට්ටුවෙන් ඇසුරු කිරීමට උත්සහ ගත් අවස්ථාවේදී මුදල් නොලැබීම ගැන තිබුණු තරහට පොල්ලකින් පහරදුන් බව කියමින් ඔහු ලොකු කථාවක්ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ පවසා තිබේ.

අධිකරණයෙන් ලබාගත් අමතර පැය 24ක කාලය අද දිනයේ අවසන්වන වන බැවින් සැකකාර යුවළ කඩුවෙල අධිකරණයට අද ඉදිරිපත් කරන බවත් බොහෝ විට මහේස්ත්‍රාත් හමුවේ ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක් කරනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. පසුගිය 02 වෙනිදා සවස පැලවත්තේ නිවසින් හමුවූ ව්‍යාපාරිකයාගේ මළසිරුර දින කිහිපයක් ජලයේ තිබීම හේතුවෙන් හඳුනා ගැනීමට නොහැකි වන ලෙස විරූපී වී තිබීම නිසා පවුලේ ඥාතීන් කිසිවෙකුත් හඳුනා ගත්තේ නැත. එබැවින් පසුගිය 03 වෙනිදා මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කර මරණයට හේතුව අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොවීය.

මේ තත්ත්වය මත කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකරමින් සඳහන්කර ඇත්තේ මළ සිරුර හඳුනා ගැනීම සඳහා මියගොස් සිටින පුද්ගලයාගේ මවගේ ඩී.එන්.ඒ. සමඟ මළ සිරුරේ ඩී.එන්.ඒ. සංසන්ධනයක් කිරීමට පියවර ගන්නා බවය. ඒ සඳහා මළ සිරුරේ සාම්පල් ලබා ගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝගයක්ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

කොළඹ පොලිස් මෘත ශාරීරාගාරයේ තිබුණු කෝටිපති ව්‍යාපාරිකයාගේ මළ සිරුර ඒ අනුව ඊයේ (06) පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමුකර තිබුණි. එහිදී හෙළිවී ඇත්තේ මොට ආයුධයකින් හිසට එල්ලකළ පහරදීමකින් මරණය සිදුව ඇති බවය. ඊට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාව අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සැකකාර යුවළ ඊයේ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කර තිබුණි. ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් විශේෂ වෛද්‍ය පරික්ෂණයක් කරමින් වාර්තාවක් ගැනීමටපියවර ගන්නා බවද පොලිස් නිලධාරියෙක් සඳහන් කෙළේය.

ගයාන් කුමාර වීරසිංහ

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook