Adsense Banner

Latest Gossip News


හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK

ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Feb 11

ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කල Hyundai Grand i10 මෝටර් රථය වෙලදපලට
[PHOTOS] 

ජනප්‍රිය තීරණවලින් රටක් දියුණු කළ නොහැකි බවත්, රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනප්‍රිය නොවන එහෙත් රටට හිතකර අසීරු තීරණ ගැනීමට ඉදිරියේ දී සියලු දේශපාලන නායකයින් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බදු පැනවීම් සිදු කළේ රටේ ජනතාව මුහුණ දී ඇති අසීරුතාව නොදැන නොවන අතර රටේ ආර්ථිකය පවත්වාගෙන යාම වෙනුවෙන් එම තීරණය ගැනීමට සිදු වූ නමුත් නුදුරේදීම ජනතාවට සහන ලබාදීමට හැකිවනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය කොළඹ සිටි සෙන්ටර් හිදී මුල් වරට වෙළෙඳපොලට හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බවට ඇති විශ්වාසය මෙවන් මොහොතක නවතම වාහනයක් ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් තහවුරු වන බව ජනාධිපතිවරයා පැවසීය.

Hyundai Grand i10 වාහනය වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විදෙස් රටවල් අප රට පිළිබඳ තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර් සමාගම අතර සහයෝගීතාවයෙන් මෙම මෝටර් රථය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක් තුළ එකලස් කිරීම සිදු කෙරේ. මෙම අවස්ථාව දේශීය වශයෙන් රථ වාහන එකලස් කිරීමේ සහ වාහන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,

මෙම Hyundai Grand i10 මෙරට එකලස් කිරීම, පෙස්ටන්ජී මහත්මියගේ අධිෂ්ඨානයට උපහාරයක්.1977 දී ආර්ථිකය විවෘත කළ විට ඇය මෙම ගමන ආරම්භ කළ ආකාරය මම දන්නවා.

මට මතකයි එදා මම පස්වැනි පටුම‍ගෙන් ගාලු පාරට එන විට අබාන්ස් ප්‍රදර්ශනාගාරයක් තිබුණා. අද වන විට ඔබ එතනින් මේ තත්ත්වයට පැමිණ තිබෙනවා. ඔබ කළ දේට බොහෝම ස්තූතියි.

දකුණු කොරියාව සහ ලංකාව අතර පවතින සහයෝගීතාවය වගේම කොරියාවෙන් වැඩි ආයෝජන ප්‍රමාණයක් අපේ රටට ලැබෙන නිසා මෙය අනෙකුත් ආයෝජකයින්ගේ පැමිණීමටත් හොඳ ආරම්භයක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා..

අද විශේෂයෙන්ම Hyundai Grand i10 වාහනය ශ්‍රී ලංකාවේදී මේ අයුරින් වෙළෙඳපොලට හඳුන්වා දෙන්නේ අපේ රට පිළිබඳ තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කරමිනුයි.

අපේ රටේ ආර්ථිකය වැටී තිබෙන අවස්ථාවක මෙවන් වාහනයක් හඳුන්වා ‍දීමට කටයුතු කළ අබාන්ස් හා හුන්ඩායි සමාගම්වලටත් පෙස්ටන්ජී මැතිණියටත් මගේ විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුයි.

මේ වාහනය හඳුන්වාදීම සිදු වන්නේ ලංකාවේ ආර්ථිකය කඩා වැටී තිබෙන අවස්ථාවක. නමුත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩ නැ‍ඟෙනවා කියන විශ්වාසය ඇතුවයි. ඒ තැබූ විශ්වාසය පිළිබඳව නැවතත් මම ඒ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

පසුගිය වසරේ අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබූ පසුබිමක අපි 2023 වසර ආරම්භ කළේ ඉතා අසීරු අදියරකින්. නමුත් මේ වන විට ක්‍රමාණුකූලව රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබෙනවා. ඒ අනුව ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට විසඳුම් ලබාදීමට හැකි වී තිබෙනවා. ඒ අයුරින්ම අපි තවත් ප්‍රශ්න ගණනාවක් විසඳා තිබෙනවා.

මෙවර මහ කන්නයේදී අපි හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි රුපියල් මිලියන 20ක වී මිළ දී ගෙන අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමට අපි කටයුතු කරනවා.

රටේ ආර්ථිකය ගොඩනැංවීමට අපි මෙවන් පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. ඒ වගේම අයි. එම්. එ‍‍ෆ් සංවිධානය සමඟ එකඟත්වයකට පැමිණිමට හැකි වී තිබෙනවා. පැරිස් සමාජය, ඉන්දියාව, චීනය සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. ඔවුන් අතර ඇති වෙනස් ක්‍රමවේද විසඳ ගැනීමට අප කටයුතු කරනවා.

ඒ අනුව තව මාස කිහිපයක් ගත වන විට මීට වඩා ආර්ථික දියුණුවක් සිදුවෙලා එළැඹෙන වසර වන විට යළිත් වාහන මිළ දී ගත හැකි පාරිභෝගිකයන් පිරිසක් රටේ සිටිනු ඇති බවට කිසිඳු සැකයක් නෑ.

අලෙවියක් නැත්නම් ව්‍යාපාරිකයෙක් මුදල් ආයෝජනය කරන්නේ නෑ. ආර්ථිකය කඩා වැටී ඇති බව හිතනවා නම් අළෙවියක් තිබෙන බව හිතන්නේ නෑ. එසේ නම් අපේ ආර්ථිකය ගොඩනැ‍ඟෙමින් ඇති නිසා තමයි මෙවන් ආයෝජන සිදු වන්නේ.

ආර්ථකය ගොඩනඟමින් ඉදිරියට යන මෙම ක්‍රියාදාමය තුළ අපට විවිධ තීරණ ගැනීමට සිදු වෙනවා. ඒ අතරින් සමහර තීරණ ඉතා අපහසුවෙන් ගැනීමට සිදු වෙනවා. ඒ තීරණ ජනප්‍රිය නොවන තීරණ වෙන්න පුළුවන්.

ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාව මුහුණ දී සිටින දැඩි අසීරුතාව මම දන්නවා. ඒ වගේම බදු වැඩි කිරීම නිසා ඇති වූ දුෂ්කරතාව මම දන්නවා. සමහරුන්ගේ වැටුපෙන් බදු හා ණය ගෙවූ පසු ඉතුරු වන්නේ ඉතා සුළු මුදලක්. මේ දුෂ්කරතාව දරාගන්න සිදුවන්නේ තව ඉතා ටික කාලයයි. අප රට ඉදිරියට ගෙන යා යුතුයි. නමුත් අපි මේ මේ තීරණ ගත්තේ නැත්නම් අද රට මේ තත්ත්වයේ තිබෙන්නේ නැහැ.

එමෙන්ම ඉදිරියේ දී රට පිළිබඳ සිතා තීරණ ගැනීමට අපේ සියලු දේශපාලන නායකයින් කැපවනු ඇතැයි මම විශ්වාස කරනවා. අපිට ජනප්‍රිය තීරණ ගන්න පුළුවන්. ඒත් ජනප්‍රිය තීරණ විතරක් ගත්තොත් රට දියුණු වෙන්නේ නෑ.

සිංගප්පූරුව ඊට හොඳ උදාහරණයක්. සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ කිසි විටෙක ජනප්‍රිය තීරණ ගත්තේ නෑ. ඔහු තීරණ ගත්තේ රට වෙනුවෙන්. ඒ තීරණ පිළිගනිමින් ජනතාව එතුමා සමඟ වැඩ කළා.දකුණු කොරියාවේ පාලකයනුත් ඒ වගේ රට වෙනුවෙන් අසීරු තීන්දු තීරණ ගත්තා. යුරෝපයේ තත්ත්වයත් එයයි.

විශේෂයෙන්ම එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් අගමැතිතුමාගේ කාලයේ දී කිව්වා යුරෝපා සංගමයෙන් ඉවත් වුණොත් අලුත් වෙළෙඳපොල ලබා ගත හැකි බවත් ඉතිරි කරන මුදල්වලින් සෞඛ්‍ය සේවය දියුණු කළ හැකි බවත් ප්‍රකාශ කළා. ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත් වුණා. සෞඛ්‍ය සේවයට මුදල් තිබුණේ නෑ. තිබෙන වෙළෙඳපොල තවත් අඩු වුණා.

ඉන්පසු පත් වූ ලිස් ට්‍රස් අගමැතිනිය බදු අඩු කිරීමට කටයුතු කළා. ඊට දින දෙකක් ගත වෙන්නත් පෙර එංගලන්තයේ පවුමක අගය කඩා වැටුණා. සමහර විට රුපියල කඩා වැටුණට වැඩිය වේගයෙන් පවුම කඩා වැටුණා. එතුමිය අගමැති තනතුරින් ඉවත් වෙලා දැන් යළිත් නව අගමැතිවරයෙක් පත්වී සිටිනවා. වර්තමාන අගමැතිවරයා රට වෙනුවෙන් හොඳ තීරණ ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

අපේ රටේ අනාගතය වෙනුවෙනුත්, තරුණ තරුණියන්ට හොඳ රටක් ගොඩනඟාදීම වෙනුවෙනුත් අපට මේ තීරණ ගැනීමට සිදුව තිබෙනවා. වැඩි කාලයක් ගතවීමට පෙර මේ රටේ ආර්ථිකය යළි ගොඩනැගෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන් ජින් ජියොන්ග් (Santhush Woonjin JEONG), ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, අබාන්ස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් වන සරොෂි ඩුබාෂ් සහ රුසි පෙස්ටොන්ජී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරෑප පහතින්

– ජනාධිපති මාධ්‍ය ඒකකය

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook