Adsense Banner

Latest Gossip News


ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK

ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day
177 බස් රථයේදී විශ්ව විද්‍යාලයේ සිසුවියක් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් අතවර සිදු කළ සල්ලාලයාට වෙච්ච වැඩේ | GOSSIP .LK
රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Feb 20

ආදරේ ආදරයක් වෙන්නේ හරිම කෙනා ලැබුණදාට ගහපු ගල්වලින් මම මාලිගාවක් හදනවා
ශලනි තාරකා

වර්තමාන කලා ක්ෂේත්‍රයේ අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් තාරකාවිය ඇයයි. ගැමි චරිතයක් වේවා, නාගරික චරිතයක් වේවා, එක ලෙස සැබෑ දක්ෂතාවයෙන් රඟපාන්නට හැකියාව ඇති නිළියන් අතළොස්ස අතර විශිෂ්ට රංග ප්‍රතිභාවක් ගොඩ නගාගත් ඇය වර්තමානයේ රඟ පෑ බොහෝ චරිත තුළින් විද්‍යුත් ටෙලි රූපකාය තුළ නව මාවතක් විවර කළාය.

වසර 2019 රයිගම් ටෙලි සම්මාන උලෙළේදී ඇය හොඳම ටෙලි නාට්‍ය නිළිය සහ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබූ අතර වසර 24කට පසුව එක් නිළියක් එකවර සම්මාන දෙකම දිනාගත් අවස්ථාව ද එය විය. වාණිජ සහ සම්භාව්‍ය ගණයේ විවිධ චරිත ස්පර්ශ කරමින් දක්ෂතාව සහ ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ඇය වර්තමාන කලාව තුළ ආදේශක නොමැති රංගන ශිල්පිනියකි. ඇය නම් ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකායි.
කියා දෙන්න ආදරේ තර්ම් ටෙලි නාට්‍යයේ ‘ස්නේහාගේ’ චරිතයෙන් සහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන හීනයකි මේ ආදරේ හි ‘පාරමී’ ලෙසින් මුණ ගැසෙන ඇය මෙවර සිරිකත කවරය හැඩ කරන්නීය.

ඉතින් කොහොමද ජීවිතේ?

වසර 2023 ට පය තිබ්බෙම පුංචි මදුරුවෙක් දුන්න ලොකු තෑග්ගක් එක්ක. ඩෙංගු විතරයි හැදිලා නොතිබුණේ. ඒකත් හරි දැන්. 2023 අලුත් අවුරුද්ද උදා වෙනකොට ඩෙංගු හැදිලා ඇඳේ තමයි ඉන්න වුණේ. දවස් 8 ක් රෝහලේ හිටියා.

ගෙදර ඇවිල්ලත් සති කීපයක් විවේකීව ඉන්න කියලා වෛද්‍යවරු උපදෙස් දුන්නා. ඒ නිසා සියලුම වැඩ පොඩි කාලෙකට නතර කරන්න වුණා. දැන් නැවත සුපුරුදු පරිදි ටෙලි නාට්‍ය රූගතකිරීම්වලට දායක වෙනවා. මේ දවස්වල ටිකක් නෙමෙයි ගොඩක්ම කාර්ය බහුලයි. කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය සහ හීනයකි මේ ආදරේ රූගත කිරීම්වලට අමතරව අක්ෂි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරනවා. එය ලබන මාසේ සිට විකාශය ආරම්භ වෙනවා. ඒ නිසා වෙන අවුරුදුවලට වඩා මේ අවුරු්ද්ද පටන් ගනිද්දීම ටිකක් කාර්ය බහුල වුණා.

මේ වෙනකොට ස්නේහා - නිර්වාන් ආදර කතාව තීරණාත්මක තැනක ඉන්නේ. ප්‍රේක්ෂකයින්ට සුබවාදී පිළිතුරක් ලැබේවිද?

කියාදෙන්න ආදරේ තරම් කියන්නේ මෑත කාලයේ ප්‍රේක්ෂකයින් අසීමිතව ඇඳබැඳගත් ටෙලි නාට්‍යයක්. මේ වෙනකොට කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ අවසානයට ළඟාවෙමින් තිබෙනවා. ළඟදීම ප්‍රේක්ෂකයින්ගේ හිතේ තියෙන ප්‍රශ්න විසඳේවි කියලා හිතනවා.

ඔබ ස්නේහාගේ චරිතයට සමුදුන්නා කියන්නෙ ඇත්තක්ද?

මම නැතුව ස්නේහා කොහොමද ජීවත් වෙන්නේ. චරිතයෙන් ඉවත් වෙලා නැහැ. ඒවා ගොසිප්. ඇත්තටම වුණේ දිගැසි මගේ බෙල්ල මිරිකත සීන් යන දවස්වල තමයි මට ඩෙංගු හැදුනේ. 

ඒකත් එක්ක මට ටික දවසක් විවේක ගන්න වුණා. ගොඩක් අය හිතුවා මම චරිතයෙන් අයින් වුණා කියලා. විවාහයත් එක්ක මම කලාවෙන්ම ඉවත් වෙලා කියලත් සමහර ගොසිප් නාලිකා දාලා තිබුණා.

ඇත්තටම ඒක එහෙම වෙනවාද?


හොරෙන් නම් බඳින්නේ නැහැ. හැමෝටම කියලා තමයි බඳින්නේ. දැනට කලාවෙන් ඉවත් වෙන්න කිසිම විදියක තීරණයක් අරගෙන නැහැ. කාලේ අනුව සමහර තීරණ වෙනස් වෙන්න පුළුවන්. අවශ්‍ය වෙලාවේදී විවාහය ගැන මම කියනවා.

‘අක්ෂි’ වෙනස්ම විදියකින් ශලනිට දකින්න ලැබෙන නිර්මාණයක්. ඒ ගැනත් කියමු. නවක අධ්‍යක්වයෙක් වන ශාන් ජයරත්නගේ ‘අක්ෂි’ ටෙලා නාට්‍ය කියන්නේ මට කාලෙකට පස්සේ ලැබුණු සුවිශේෂ පිටපතක්. එහි මගේ චරිතය වෙන්නේ ‘පෑලියගොඩ පරෙවි ආදි’.

කෙල්ලෙක් විදිහට ඉපදුනාට කොල්ලෙක් වගේ ජීවත්වෙන චරිතයක් මේක. වෙනස්ම හරිම ලස්සන වැඩක්. ළඟදීම පෑලියගොඩ පරෙවි ආදි’ එක්ක මුණ ගැහෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ශලනිට සිනමාවේ ඉඩක් තාම ලැබිලා නැද්ද?

සිනමාවෙ ලැබෙන අවස්ථා අඩුයි. මම අධ්‍යක්ෂවරුන්ට කතා කරලා වැඩ ඉල්ලගෙන යන කෙනෙක් නෙමෙයි. චිත්‍රපටි නොකළෙ නැහැ. චිත්‍රපටි කීපයක් කළා. කරපු චිත්‍රපටි 3 ක් විතර තියෙනවා ඉදිරියේදී තිරගත වෙන්න. ඊට අමතරව මේ අවුරුද්දේ අලුත් චිත්‍රපටි දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. 

හැබැයි සිනමාවේ කරනවාට වඩා දෙයක් පුංචි තිරයේ ප්‍රෙක්ෂකයාට දැනෙන නිර්මාණ කරන්න මට ලැබුණා. ඒ නිසා සිනමාවේ මඟ හැරුණු තැන් ගැන මම දුක්වෙන්නේ නැහැ. මට කලා ජීවිතේ තවත් මඟ හැරුණු තැනක් තමයි වේදිකාව. මට වේදිකාවට ගොඩවෙන්න බැරි වුණා. පුංචි තිරයේ නිර්මාණ එක්ක කාර්ය බහුල වුණු නිසා වේදිකාව මඟ ඇරුණත් වේදිකා නාට්‍ය මිස් නොකර මම බලනවා.

‘පතිනි’ ටෙලි නාට්‍යයෙන් ආරම්භ කරපු ගමන මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා හිතුවාද?

මගේ පටන් ගැන්ම ආරම්භ වෙන්නේ 2007 සිරස කුමරි කරගාවලියෙන්. රඟපානවා කියන දේ මගේ තුන්හිතකවත් තිබුණු දෙයක් නෙවෙයි. නිළියක් වුණේ මගේ ආසාවට නෙමෙයි. සිරසෙන් කරපු ආරාධනය අහක දාන්න බැරි නිසා තමයි මම ‘පතිනි’ ටෙලි නාට්‍යයේ රඟපාන්න ආවේ. 

රඟපාන්න මෙලෝ දෙයක් දන්නේ නෑ. ඔහේ දෙබස් ටික කියලා එනවා. එතකොට මට අවුරුදු 17 යි. උසස් පෙළ කරනවා. මාස 2 ක් විතර රඟපානකොට මට එපා වුණා. එහෙම නතර කරලා ඉන්නකොට අවුරුද්දකට විතර පස්සේ ෂර්ලි පී දෙලංකාවල මහතා පුජාසනය ටෙලි නාට්‍යයට ආරාධනා කරනවා. පූජාසනය එක්ක තමයි මම පූර්ණකාලීනව කලාවට එකතු වෙන්නේ.

දැන් කලාවට ඇවිත් අවුරුදු 15 ක්. මේ ගතවුණු වසර 15 තුළ විවිධ චරිත රැසක් මට කරන්න ලැබුණා. ඒක මගේ වාසනාවක්. අධ්‍යක්ෂවරු මං ගැන තබපු විශ්වාසයට ඔවුන්ට මම ස්තූති කරනවා. අද මම ගෙවන ජීවිතේ ගැන ගොඩක් සතුටුයි. මේ ගමන එද්දි කැපිලි කෙටිලි බාධක ඕනෑ තරම් තිබුණා. මේ හැමදේම අතෑරලා දාලා යන්න හිතුණු අවස්ථා අනන්තයි.

 ප්‍රශ්න ආවාම අපිව ශක්තිමත් කරන මිනිස්සුන්ට වඩා ඉන්නේ අපිව වට්ටන මිනිස්සු. මම ආපු කාලේ කැපිලි කෙටිලි තිබුණේ අඩුවෙන්. ඉහළට යන්න යන්න මේ ක්ෂේත්‍රය ඇතුළෙ කැපිලි කෙටිලි වැඩියි. අදටත් ඒ කැපිලි කෙටිලිවල අඩුවක් නැහැ. ළඟම ඉන්න අයගෙන් පවා එන බාධක කැපිලි අදටත් එමටයි. 

ඒවා උපේක්ෂාවෙන් බලලා දරාගෙන එයාලාගේ ගල්වලින් මම මගේ මාලිගාව හදාගෙන යනවා.

මම වැටුණු හැම තැනකදීම මගේ ඔළුව හදාගන්න ශක්තිමත්ව නැගිටින්න උදව් කළේ මගේ අම්මා තාත්තා ඇතුළු මගේ පවුල.

මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්නේ ‘ආදරය’... ශලනිට දැනුණු ආදරය කොයිවගේද?

ආදරය ගැන මගේ ජීවිතේ එක එක කාලවලදී එක එක අත්දැකීම් ලබලා තියෙනවා. ආදරය නිසා දුක් විඳලා තියෙනවා. ආදරය නිසා සතුට විඳලා තියෙනවා. ආදරය කියන දේ ඇතුළේ මම පාඩම් ගොඩක් ඉගෙනගෙන තියෙනවා. හැබැයි මම කිසිම කෙනෙක් එක්ක තරහා නෑ. 

මගේ දීර්ඝකාලීන ආදර කතාව නතර වෙලා අවුරුදු 08 ක්. හැබැයි අදටත් අපි හොඳම යාළුවෝ. ආදරේ කියන්නේ පරිත්‍යාගයක්. සිනහවෙන් ළඟට ගන්න දේවල් සිනහවෙන්ම අතහරින්න පුළුවන් මට්ටමට අපි හිත හදාගන්න ඕනෑ.

ආදරේ බලෙන් හිරකරලා තියාගන්න බැහැ. එයාට නිදහස දෙන්න ඕනේ. ඒ නිදහස ඇතුළෙත් මං ගාවම එයා රැඳෙනවා නම් ඒක තමයි ආදරේ.

එහෙම ආදරයක් මේ වෙනකොට ඔබ විඳිනවාද?

ආදරේ ආදරයක් වෙන්නේ හරිම කෙනා ලැබුණදාට. ඒ වගේ ආදරයක් මම දැන් විඳිනවා.

ජීවිතේ ඔබ අද සතුටින්ද?

ඇත්තටම ඔව්. නිළියක් විදියට මම මගේ ජීවිතේ යන්න ඕනෑ ඉහළටම දැන් ඇවිත් තියෙන්නේ. පොඩි වයසකදි ජනප්‍රිය නිළිය, හොඳම නිළිය සම්මාන දෙකම එකම වේදිකාවේ ලැබීම මම ලබපු ලොකු ජයග්‍රහණයක්. 

අවුරුදු 17 ක් පුරාවට මට කන්න අඳින්න, වාහනයක්, ගෙයක් මේ හීන සියල්ල සැබෑ කර ගත්තේ කලාවෙන්. ඒකට මම කලාවට හැමදාමක් පිං දෙනවා. ජීවිතේ සතුට මට දුන්නේ කලාව.

යම් තැනකදි කලාව අත්හරින්න වුණොත්?

මේ ක්ෂේත්‍රයට එද්දිම මම දාගෙන ආපු නීතියක් තමයි විවාහ වුණාට පස්සේ කලාවෙන් අයින් වෙනවා කියන එක. විවාහවෙලා ළමයි හදාගෙන පවුල් ජීවිතයක් ගත කරන්න. 

ඒ වගකීම ගන්න මම කැමතියි. විවාහයත් එක්ක යම් දවසක සමුගන්න වුණොත් මට සතුටින් සමුගන්න පුළුවන්. පසුතැවීමක් දුකක් නැහැ.

නදීෂා අතුකෝරාල

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook