Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ගින්දරී රගපාන්න කෙට්ටු වෙන්න පබෝදා කරපු දේ 

'ගින්දරී - 3' ෆිල්ම් එක මේ දිනවල ගින්දර වගේ කියලා තමයි නරඹන බොහෝ දෙනා කියන්නේ. මොන ප්‍රශ්න තිබුණත් ඒවා මොහොතකට පැත්තකට දාලා, ඇවිත් මිනිස්සු මේ ෆිල්ම් එක නැරඹීම ඊට හේතුවයි.

 මේ විදියට සාර්ථකව තිරගත වන 'ගින්දරී' ෆිල්ම් එක ෂූටිං කරද්දී ගින්දරීව, එහෙමත් නැත්නම් පබෝදා සංදීපනීට ප්‍රේක්ෂකයන්ගෙන් නම් ගැලවීමක් ලැබුණෙ නැහැ. මොකද මේ ෆිල්ම් එකේ වැඩි හරියක් දර්ශන රූගත කළේ කොටුව සහ කොළඹ නගරය ඇතුළතදීයි. මීට පෙර 'බහුභූතයෝ', 'ගින්දරී - 2' නරඹා සිටි ප්‍රේක්ෂකයින්ට පබෝදා කියන්නේ තවත් අලුත් රූපයක් නොවෙයිනෙ.
ඒ නිසා 'ගින්දරී - 3' මේ විදියට කොළඹ නගරයේ රූගත කිරීම් කරද්දී මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන උදයකාන්ත මෙන්ම නිෂ්පාදන කණ්ඩායම මුහුණ දුන්නේ දැඩි අසීරුතාවකටලු. ඒ කියන්නේ ෂූටිං පටන් ගත්ත හැටියෙ ගින්දරී කොටුවෙ පාරවල්වල යද්දි, මිනිස්සු වටකර ගත්තාලු 'ආනේ... මේ අපේ ගින්දරීනෙ' කියලා. එක අතකට මේ විදියට ගින්දරී ෂූටිං කරන අවස්ථාවේ ගින්දරී ඇතුළු නළු නිළි පිරිස දැක ගන්න මිනිස්සු පොදි ගැසීම සිනමාවේ රසිකත්වයේ සුබ ලකුණක්.

 සාමාන්‍යයෙන් චිත්‍රපටයක් නැරඹීමට මිනිස්සු පැමිණියද, ෂූටිං නරඹන්න එන්නේ ඉතාම සුළු පිරිසක්. ඒත් ගින්දරී ෂූටිං නරඹන්න නම් සෑහෙන පිරිසක් ඇවිත් තිබුණා. මේ සියලු දේ ගින්දරීට දැනෙන්නෙ මොන විදියටද? ඒ කියන්නේ පබෝදා සංදීපනී රංගන ශිල්පිනියට දැනෙන්නෙ කොහොමද? මේ පිළිසඳර පබෝදා එක්කයි.

පබෝදා, ගින්දරී කියනවට ආසද?

ඒක ඉතින් ෆිල්ම් එකනෙ.

'බහුබූතයෝ', ඊට පස්සේ ඒකෙ දෙක ලෙස ආ 'ගින්දරී' සහ දැන් 'ගින්දරී - 3' අතරින් පබෝදාට හොඳම මතකය තියෙන්නේ මොන රඟපෑමේදී ද?

මම හිතන්නෙ පළවැනි එකේ. 'බහුබූතයෝ' මගේ පළවැනි අත්දැකීමනෙ. ඒකෙ කවුරුත් මේ විදියට චරිත ගැන දැනගෙන හිටියේ නැහැනෙ. ඉතින් එදා ෂූටිං කරද්දි රෙද්ද හැට්ටය ඇඳගෙන පාරවල යද්දි මිනිස්සු ඔක්කෝම විපරම් කරන්න පටන් ගත්තා කවුද මේ විදියට පාරේ යන්නේ කියලා? මේ ගෑනු ළමයට පිස්සුද කියලා තමයි බැලුවෙ. ඉතින් ඒ නිසා එදා මාත් බොහොම අපහසුතාවයෙන් කළේ. 

කැමරාවක්වත් පේන්න නැතුව තමයි ෂූටිං කළේ. වෑන් එකෙන් බැහැල යන්න කිව්වාම ගියා. ඉතින් මිනිස්සු එදා හිතන්න ඇත්තෙ ඇත්තම කෙනෙක් කියලා වෙන්නැති.

'ගින්දරී - 3' රඟපාද්දි මතකයන් ගැන කියමු?

මෙහෙමයි. 'බහුබූතයෝ' සහ ඊට පස්සෙ ඒකෙ දෙවැන්න ලෙස 'ගින්දරී' ආවාම මිනිස්සු හැමෝම වගේ කවුද මේ ගින්දරී සහ ඒකෙ අනෙක් චරිත ගැන දැන ගත්තා. එතකොට අර පළවැනි එකේදී වගේ ෂූටිං නරඹන්න කුතුහලය තිබූ මිනිසුන්ට වඩා, වැඩි පිරිසක් ෂූටිං කරන හැටි නරඹන්න ආවේ චරිත ගැන දැනගෙනයි.

 එයාලා දන්න ශිල්පීන් දැක ගැනීමේ ආසාවෙන් තමයි ඒ විදියට එන්න ඇත්තෙ. ඒ නිසාම නිෂ්පාදන කණ්ඩායම අපහසුතාවට පත්වෙන්න ඇති. කොහොම වුණත් 'ගින්දරී' වටා වගේම සිනමාව වටා ප්‍රේක්ෂකයන් එක්වීම හොඳ දෙයක්.

පබෝදා මේකෙ ගීතය වෙනුවෙන් කොච්චර දවසක් ෂූටිං කළාද?

මට මතක විදියට දවස් දෙකක් විතර ඒ දර්ශන පෙළ ෂූට් කළා.

මුළු චිත්‍රපටය පුරාවටම රෙද්ද - හැට්ටය ඇඳගෙන ඉන්නෙ නේද?

ඔව්.

සැබෑ ජීවිතයේදී මගතොට යන එනකොට මිනිස්සු පබෝදා දිහා බලන්නෙත් තිගැස්මකින්ද?

'බහුබූතයෝ' චිත්‍රපටයෙන් පසුව කොහොමටත් මට ඒ විදියෙ ප්‍රතිචාර ලැබුණා. සමහරු එක පාරටම මා එක්ක කතා කරන්න බයෙන් වගේ ටික වෙලාවක් ඉඳලා තමයි කතා කරන්නේ. පුද්ගලික වාහනයක කොහෙ හරි ගමනක් යද්දි ඒ වාහනයේ එන අය ටික වෙලාවක් යනකල් කතා කරන්නේ නැහැ. 

බයෙන් ඉඳලා තමයි කතා කරන්නේ.

ඒ වගේ දේ නිසා 'ගින්දරී - 3' බාරගන්න චකිතයක් තිබුණෙ නැද්ද? එකම චරිතය නිසා?


ඒ ඒ කාලවලට අනුව ස්වරූපය සහ කතාව වෙනස් නිසා එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. යකින්න අම්මා කෙනෙකුත් වෙලානෙ දැන් ඉන්නේ. ඉතින් මේ චරිතය කරද්දි මට ලොකුම අභියෝගය වුණේ ඇඟ හදාගන්න එක. චිත්‍රපටයේ චරිතය ගැන කිව්වාම ඔන්න එතැන් සිට මම ආහාරපාන ගැන සැලකිලිමත් වෙන්න පටන් ගත්තා. ව්‍යායාම් තමයි වැඩිපුර කළේ. 

එහෙම නැතුව කෑම බීමවලින් මට ඇඟ පාලනය කර ගන්න නම් බැහැ. කෑමට වාරණ දාගෙන මට ඉන්න බැහැ.

පබෝදා අනුගමනය කරන විශේෂ කෑම වට්ටෝරුවක් තියෙනවද?

එහෙම විශේෂයක්ම නැහැ. ව්‍යායාම් කරන කාලයේදී ඒ අනුව හැඩ ගැහෙනවා.

දිගටම ව්‍යායාම් කරන්නෙත් නැද්ද?

එහෙම කරන්න බැහැ. වැඩත් එක්ක දිගටම කරන්න අමාරුයි. ව්‍යායාම් කළත් ගෙදරදි තමයි කරන්නෙ.

අද පබෝදා හඬකැවීම්වලට යන්නෙ නැද්ද? මොකද ඉස්සර පුංචි පබෝදා සංදීපනී කියන්නේ හඬකැවීම් නිර්මාණවලට නැතුවම බැරි චරිතයක්නෙ.

ඉස්සර වගේ අද බොහෝ දේ කරන්නෙත් නැහැ ඉස්සර නම් රූපවාහිනියෙ වගේම අනෙක් නාලිකාවල බොහෝ හොඳ වැඩසටහන් කළානෙ. අද ඒ ප්‍රමාණය අඩු වෙලා. ඒ නිසා මට කතා කරන්නෙ බොහෝ විට හොඳ නිර්මාණයකට.

රොඩ්නි, මහේන්ද්‍ර වගේ ශිල්පීන් එක්ක රඟපාද්දි හිනාව නවත්වාගෙන රඟපාන්න පහසුද? ඒ අත්දැකීම මොන වගේද?

හිනා යන අවස්ථා තියෙන බව ඇත්ත. ඒත් රඟපාද්දි ඒවා දැන් සුපුරුදු දේවල්. අනෙක් ශිල්පියාට අපහසුතාවක් ඇති නොවන විදියට රඟපාන්න අපි කවුරුත් වගබලා ගන්නවා. ඒත් ඉතින් සමහර තැන්වලදි අපට හිනා යන අවස්ථාත් තියෙනවා. දර්ශන තලයේදී ඒ විහිළු තහළු විඳිමින් තමයි අපි ඒ වැඩේ කරගෙන යන්නේ. ඒ සෑම දෙනෙකුගේම සහයෝගය රංගනයේදී එකිනෙකාට ලැබීම නිසාම තමයි චිත්‍රපටය මෙච්චර සාර්ථකව තිරගත වෙන්නෙත්. 

මගේ චරිතය ගැන කතා කළොත් මට අවශ්‍ය සියලු හැඩතල සහ වටපිටාව හදාගන්න අධ්‍යක්ෂවරයාගේ උපදෙස් සහ අනෙකුත් ශිල්පීන්ගෙ අවබෝධය එක්කයි. මොකද මේක ටීම් වර්ක් එකක්. ඒ කියන්නෙ කණ්ඩායමේම එකමුතුකම සහ අවබෝධය එක්ක කෙරෙන දෙයක්. අවුරුදු 20ක් තිස්සේ එකම චිත්‍රපටයක කණ්ඩායමක් මේ විදියට වැඩ කරනවා කියන්නෙම සතුටට කාරණයක්.

එදා 'බහුබූතයෝ' රඟපාද්දි තිබූ පෙනුමටත් වඩා පබෝදාගේ පෙනුම තවත් තුරුණු වෙලා. මොකක්ද රහස?

ඒක නම් දන්නෙ නැහැ. මහන්සි වෙලා වැඩ කිරීම නිසා වෙන්නැති.

විශේෂයෙන් ලස්සන වෙන්න කියලා රූපලාවන්‍ය එහෙම කරන්නෙ නැද්ද?

අනේ නැහැ. ඔහේ හිනාවෙලා ඉන්නවා. ඒක තමයි මගේ විදිය.

පබෝදාගෙ අම්මා ගීතා කාන්ති ප්‍රවීණ ශිල්පිනිය එක්ක රඟපෑ නිර්මාණ මොනවද?

ඉදිරියේදී අපි දෙන්නා රඟපෑ චිත්‍රපටයක් තිරගත වෙන්න තියෙනවා.

පබෝදා හොල්මන් විශ්වාස කරනවද?

ටිකක් විතර විශ්වාස කරනවා.

හොල්මන් දැකලා නැද්ද?

නැහැ.

යක්කුන්ට බයයිද?

යක්කු කියන්නෙ හොල්මන් නෙවෙයිනෙ. අපේ ආදිකාලීන ගෝත්‍රයක්. ඒත් හොල්මන් කියන්නෙ වෙනස් දෙයක්. මැරිච්ච ආත්මවලටනෙ බොහෝ විට හොල්මන් කියන්නෙ.

කොහොමද 'ගින්දරී'ට ප්‍රතිචාර?

ඉතාම හොඳයි. මොකද නිතරම හවුස් ෆුල්. ආසන නැතිකම නිසා සමහරු හිටගෙනත් ෆිල්ම් එක නරඹනවලු. 'බහුබූතයෝ' ෆිල්ම් එකේ සිට ආ ආකර්ශනය නිසා වෙන්නැති මේ තරම් ඉහළ ප්‍රතිචාර ලැබෙන්නෙ. මිනිස්සුන්ට ඒ විදිය කාවදින්න ඇති. එදා 'බහුබූතයෝ' හවුස් ෆුල් වෙලා ටිකට් නැතුව, නොමිලේම පෙන්නුව අවස්ථා තිබුණාය කියලා උදයකාන්ත මහතා කිව්වා.

 ඉතින් ඒ විදියට ආ ආකර්ශනය නිසා මේ ෆිල්ම් එක සාර්ථක වෙන්න ඇති. ඒ හැරත් ලෝකයේ එක දිගට චිත්‍රපටයක් කොටස් 1, 2, 3 විදියට නිර්මාණය වෙද්දී සමහර විට අසාර්ථක වෙනවා. ඒත් අපේ පුංචි ලංකාවේ සිනමාව පුංචි වුණත් මේ චිත්‍රපටය වඩ වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීම ඇත්තටම ලොකු සතුටක්. එක අතකට ඒක වාර්තාවක්. අපේ සිනමාවේ ඒ වගේ දේ සිදුවීමම හොඳ දෙයක්.

සඳුන් ගමගේ

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook