Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සෙනාලි ෆොන්සේකා හොර රහසේම විවාහ වුනා ද?

ෆොන්සේකා පරපුරෙන් රංගනයට එකතු වූ සෙනාලි ෆොන්සේකා මෑත කාලයේ ජනතාවට ඉතාම සමීප වූයේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සුදු චූටිගේ චරිතය හරහායි.

නාඩගම්කාරයෝ හි සුදු චූටි කෙතරම් ජනප්‍රියද වූවාද කියනවා නම් මේ ටෙලි නාට්‍යය විකාශනය වුණ අවුරුද්දේ ඇය ජනප්‍රිය නිළිය බවටත් පත්වෙනව.

 එංගලන්තයේ ජීවත් වන නිසා නිරන්තරයෙන් රංගනය තුළ ඇයව දකින්න ලැබෙන්නේ නැහැ. හිටිහැටියේම ලංකාව දාල ගිය සෙනාලි ගැන පසුගිය කාලයේ විවිධ කතා පැතිරෙන්න පටන්ගත්තා. ඔන්න දැන් ආයෙමත් සෙනාලි ලංකාවට ඇවිත්.

 ඇය පිළිබඳව පැතිර ගිය කතා ගැන වගේම අලුත්ම තොරතුරුත් ඇය මීවිතට නොසඟවා පැවසුවා.

සෙනාලි කවදද ලංකාවට ආවෙ?

දැන් ටික දවසක් වෙනව. මම පුංචි කාලෙ ඉඳලම හැදුණෙ වැඩුණෙ එංගලන්තයේ වුණාට ලංකාවට තමයි කැමති. ඒ නිසා කෙටි කාලයකට වුණත් මම එංගලන්තයට ගියාට ආයෙත් බලන් ඉන්නෙ කවදද ලංකාවට එන්නෙ කියල. මගේ පෞද්ගලික වැඩකටයුතුවලට තමයි රට ගියේ.

 ඒ වැඩකටයුතු අවසන් වුණ ගමන් ලංකාවට ආවා.

ලංකාවට ආපුගමන් ගාඩි බලන්න ගියා?

ඔව්” ගාඩි චිත්‍රපටය ආදරණීය ප්‍රසන්න මාමාගේ චිත්‍රපටයක්. ඔහුගේ චිත්‍රපටවලට මම ඉස්සර ඉඳන්ම ප්‍රිය කරනවා. ඔහු සිනමාව ගොඩනගන විදිහට මම හරි කැමතියි. 

ගාඩි චිත්‍රපටය රූගත කරල දැන් ටික කාලයක් වෙනව. මංගල දර්ශනය දවසේ මට සහභාගී වෙන්න ලැබුණ එක ගැන ඇත්තටම සතුටුයි.

ප්‍රසන්න මාමා සෙනාලි දුවට අවස්ථාවක් දුන්නේ නැහැ?

ප්‍රසන්න මාමාගේ බිරිඳ වෙන්නෙ මගේ නැන්දණිය. අපේ පවුලේ නිළි රැජනගේ පටන් රඟපාන කිහිප දෙනෙක්ම ඉන්නවානෙ. නමුත් ඔහු අදාළ චරිතයට තෝරා ගන්නෙ ඊට ගැළපෙනම කෙනාව පමණයි. අපි නෑයන් වුණ පලියට කිසිම කෙනෙක්ව සම්බන්ධ කරගන්නෙ නැහැ. 

එහෙම වුණා නම් අපේ පොඩි නැන්දා හැම චිත්‍රපටයකම වගේ ඉන්න තිබුණනෙ. නමුත් එහෙම වෙන්නෙ නැහැ. ඇයව වුණත් ගැලපෙන චරිතයකට පමණයි තෝරා ගන්නෙ. 

මට පුංචි කාලෙ කියල තියෙනව මම බලාගෙන ඉන්නෙ ඔයා දිහා කියල. මම හිතනව මට ගැලපෙන චරිතයක් ලැබුණොත් ප්‍රසන්න මාමාගෙන් ආරාධනයක් ලැබෙයි කියල.

සජිතගේ රංගනය ගැන කිව්වොත්?

සජිත ඇන්තනී කියන්නෙ අපි කවුරුත් දන්න විදිහට දක්‍ෂ නළුවෙක්. ගාඩි චිත්‍රපටයට කලින් පුංචි තිරයේ ඔහුගේ දක්‍ෂතා මැනවින් පෙන්වල තියෙනව. මෑත කාලයේ මාත් එක්ක රඟපෑ සරාගේ චරිතයෙනුත් අපිට ඔහුගේ දක්‍ෂතා දකින්න පුළුවන් වුණා. 

ඒ වගේම දැන් ඔහු විජයගේ චරිතය හරහා තවත් දක්‍ෂතා පෙන්වනවා. නාඩගම්කාරයෝ රූගතකරන කාලයේ සජිත අයියා කියල තියෙනව ගාඩි රූගතකිරීවලදී සිදු වුණ දේවල්. චිත්‍රපටය බලද්දි මට ඒ කතා මතක් වුණා.

සුදු චූටිට තවමත් ජනතාව ආදරෙයි?

ඔව්නේ… නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය ඉවර වුණාට පස්සෙ මම හිතුවෙ මාව ගොඩක් දෙනෙක්ට මාව අමතක වෙයි කියල. මොකද අද කාලේ ගොඩක් චිත්‍රපට ටෙලි නාට්‍ය දකින්න ලැබෙනවනෙ. ඒ වගේම අලුත් නළු නිළියොත් ඉන්නව. මම මාස හයක කාලයක් කොහේවත් පෙනෙන්න හිටියෙ නැහැ.

 දැනටත් පෙනෙන්න නැහැ. නමුත් පාරෙ බැහැල යනකොට ගොඩක් දෙනෙක් අහන්නෙ නාඩගම්කාරයෝ 2 එන්නෙ නැද්ද කියල වගේම සුදු චූටි ආයෙත් දකින්න ලැබෙන්නෙ නැද්ද කියල.

අලුත් නිර්මාණ භාරගත්තෙ නැද්ද?

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය නිසා මට ආරාධනා ගොඩක් ලැබුණ. මම මුලින්ම කලාවට එන්නෙ සිනමාවෙන්. අවුරුද්දකට එක වතාවක් මෙගා ටෙලි නාට්‍යයක හෝ ටෙලි නාට්‍යයක පෙනී ඉන්නව. පසුගිය අවුරුදු එකහමාරක කාලය නාඩගම්කාරයෝ නිසා කාර්යබහුල වුණා. ඉතිං මම හිතුව ටික කාලයක් පුංචි තිරයෙන් අයින්වෙලා ඉන්නව කියල. 

නමුත් මේ දිනවල ඉසුරු වීරසිංහමුදලිගේ අධ්‍යක්‍ෂණය කරන ‘ජෝර්ජියා. ටෙලි නාට්‍යයේ රූගතකිරීම්වලට සහභාගී වෙනව. ඒක සීමිත කොටස් ප්‍රමාණයක නිර්මාණයක්. ඒකේ මම චරිත දෙකක් නිරූපණය කරනවා. පොඩි බ්‍රේක් එකක් ගන්න හිතුවෙ නිතර දෙවේලෙ දැක්කොත් එපාවේවි කියල හිතුන නිසයි. නමුත් සිනමාවෙන් හෝ කලාවෙන් ඈත් වෙලා නැහැ.

හොරෙන්ම කසාද බැඳල ලංකාව දාල ගියා කියලත් කතාවක් පැතිරුණා?

එහෙම නැහැ. කාලෙන් කාලෙට පොඩි පොඩි කතන්දර පැතිරෙනවා. මේ වගේ කතන්දර මම කිහිප වතාවක්ම අහලත් තියෙනව. නමුත් මම සාම්ප්‍රදායික විදිහට හිතන කෙනෙක් නෙමෙයි.

ඒ කතාව බොරුවක්?

ඔව්” එහෙම දෙයක් නැහැ. රංගනයේ යෙදුනා කියල හැමදාම රඟපාන්න බැහැ. හැමතැනකම පෙනෙන්න ඉන්න ඕන කියල වගේම හැමතිස්සෙම ටීවී එකේ පෙනෙන්න ඉන්න ඕනෑ කියල දෙයක් නැහැ. මට ඕන වෙනස් විදිහේ චරිත කරන්න වගේම එක දෙයකට කොටු නොවී ඉන්න.

 ඒ දේවල් නිසා තමයි පොඩි බ්‍රේක් එකක් ගත්තෙ. ඒක පෞද්ගලික ජීවිතයේ අනිවාර්යයෙන්ම ගත යුතු බ්‍රේක් එකක්.

නැවත එංගලන්තයට යන්නද අදහස?

යන්න එන්න සිද්ධ වෙනවා. මොකද ගෙවල් එහේනෙ. නමුත් මම හිතන්නෙ වැඩි කාලයක් ලංකාවේ ඉඳීවි. මේ දවස්වල මගේ අම්මිත් ගොඩක් අසනීපෙන් ඉන්නෙ. 

ඒ නිසා ඇය ළඟම ඉන්න තියෙන වුවමනාවත් එක්ක එංගලන්තයට යන්න ටිකක් අපහසුයි. ගියත් ඉක්මණට එන්න වෙනවා.

ජනප්‍රියම කාලෙ ඔබ ලංකාව දාලා යනව?

ඇත්තටම ඒ ගැන දුකක් දැණුනෙ නැහැ. ජනප්‍රියත්වයට හානියක් වේවි කියල හිතුණෙත් නැහැ. මගේ මුල්ම චිත්‍රපටය වන සිරිපැරකුම් තිරගතවෙලා ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්න කාලෙත් ලංකාව දාල යන්න සිදු වුණා. ඒ කාලෙ නම් පුංචි දුකක් දැණුනා. නමුත් ඒ කාලෙට මම හොඳින් මුහුණ දුන්නා. 

වැටුණොත් ආයෙත් නැගිටිනවා. එහෙමයි මම ජීවිතයට මුහුණ දෙන්නෙ. ප්‍රේක්‍ෂකයන් වගේම මාධ්‍යයත් මාව කවදාවත් වැට්ටුවේ නැහැ.

නාඩගම්කාරයෝ 2 නිර්මාණය වුණොත් ඒ ආරාධනය භාර ගන්නවාද?

ඔව්” අපේ කලින් ටීම් එක වගේම කලින් චරිත කරපු අයම ඉන්නවා නම් මම ඒ ආරාධනය භාර ගන්නවා. ඒක තනි පුද්ගලයෙක් නිසා ජනප්‍රිය වුණ නිර්මාණයක් කියල මම හිතන්නෙ නැහැ. 

ඒකට ගොඩක් චරිත හේතු වුණා. ඒ හැමෝගෙම එකතුව තිබුණොත් මමත් එතැන ඉඳීවි.

මහේෂ් එදිරිසිංහ
දිවයින පුවත් පතේ පලවූ ලිපියක් ඇසුරෙණි

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook