දළදා වහන්සේට නිගා වන අයුරින් සමාජ මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කළේ යැයි සේපාල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහට සිරකරුවන් පිරිසක් පහර දුන් බවට පැමිණිලි කර ඇත.
ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා මානව හිමිකම් කොමිසන් සභාව විසින් විමර්ශන ආරම්භ කර ඇත.බන්ධනාගාරයේ සිටින සේපාල් අමරසිංහට එතුළදී හිංසා සිදු වුණ බවට ඔහුගේ ඥාතීන් පිරිසක් විසින් කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
ඔහුට පහරදීමක් සිදුවී ඇත්තේ දැයි ද පරීක්ෂණ කිරීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමුකර ඇතත් එවන් පහරදීමක් සිදුව නොමැති බව වෛද්‍ය වාර්තාවල සඳහන්ව ඇතැයිද වාර්තා වෙයි.
දළදා වහන්සේට අපහාස කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුව ගත් ඔහු එළඹෙන දහ වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කරන ලදී.