දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙන් පසුගියදා ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් නව සන්ධානයක් එළිදැක්වීම සිදු කරනු ලැබින
‘ජනතා නිදහස් සන්ධානයෙන්’ ඉවත් වීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් ඇති බව වාර්තාවේ.
ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරග කිරීමට එම පක්ෂය සූදානම් වෙමින් සිටී.
නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට අවස්ථාව නොලැබීම හා එම සන්ධානයේ ඇතැම් මන්ත්රීවරුන් සම්බන්ධයෙන් පාක්ෂිකයන්ගෙන් එල්ලවී ඇති විරෝධය ඇතුළු කරුණු මත ශ්රීලනිපය මෙම තීරණය ගැනීමට යයි.
මේ පිලිබද තීරණාත්මක සාකච්චාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි.