සමිතා මුදුන්කොටුව කියන ගායන ශිල්පිනියව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට වුවමනා නැහැ. මතකයේ රැඳුනු ගීත ගොන්නකම හිමිකාරිය වූ ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් සක්‍රීය චරිතයක්.
මේ දක්ශ ගායන ශිල්පිනිය හෙවත් සමිතා මුදුන්කොටුව 1973 වසරේ ජනවාරි 07 වෙනි දින හොරන ප්‍රදේශයේ උපත ලබා තිබෙනවා.
ප්‍රේමදාස මුදුන්කොටුවගේත් කුමාරි බෝතොටගේත් එකම දරුවා වන්නේ සමිතා මුදුන්කොටුවයි. මියුරු හඬකට උරුමකම් කියන ඇගේ හඬට ආදරේ කරන අයගේද අඩුවක් නෑ.සමිතා මුදුන්කොටුව විවාහ වුනේ අතුල අධිකාරී සමගයි. ඔහුත් අපේ සංගීත ක්ශේත්‍රයේ ගොඩක් දක්ශ ගායකයෙකු වශයෙන් කටයුතු කරනවා. කොහොම වුනත් ඔවුන් දෙදෙනා පසුව දික්කසාද වනවා.
සමිතා ඉන්පසුව චිරන්ත ගුණවර්ධන සමග විවාහ වනවා. සමිතාට මේ වෙනකොට දියණියක් සහ පුතෙකු සිටිනවා. සමිතාගේ දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරී කියල කියන්නේ. කාවින්ද්‍යා අධිකාරී අපේ කලා ක්ශේත්‍රයේ දක්ශ නිවේදිකාවක් වශයෙන් සහ දක්ශ ගායිකාවක් වශයෙන් කටයුතු කරනවා. සමිතා කියල තිබුනෙ, සමිතා සහ චිරන්ත මේ වෙනකොට ගොඩක් සතුටින් ඉන්නව කියලයි.
කොහොම නමුත් මෙරට ගායන ක්ෂේත්රයේ අතිශය ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුව මහත්මිය අද සිය උපන්දිනය සමරනවා.
ඇගේ උපන්දිනය වෙනුවෙන් සුභ පැතුම් එක් කළ දහස් දෙනා අතරේ ඇගේ සැමියා වන චිරන්ත ගුණවර්ධන ඔහුගේ සමාජ මාධ්‍ය ජාලාවල ඇයට සුබ පතා ආදරණීය සුබපැතුම් එක්කර තිබුණා.
"Happy Birthday මගේ පන... ඔයාවම හැම ආත්මයකම මටම ලැබෙන්න ඕනි. ..මගේ විතරමයි මගේ පන... Love you"