කෝටිපති ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය වංචා සිදු කිරීමට තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලි නමැත්තිය හට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියට අදාළව ඇප මත සිටි බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ පසුගියදා (ජන. 11) වරෙන්තු නිකුත් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව පසුගිය 11 අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් විය.මෙම නඩුවේ අනෙක් සැකකරුවන් වන තිලිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, ඉසුරු බණ්ඩාර යන අය ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.