Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ආණ්ඩුවට රජයේ සේවක පඩි ගෙවන්නවත් සල්ලි නෑ - ‌ගෙවපු හැටි මෙන්න

දෙසැම්බර් රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනිමටත් නොහැකි තත්වයක් උදා වි ඇතැයි වාර්තා වෙයි.

මේ මාසයට රජයේ සේවක වැටුප් ගෙවීම සඳහා මුදල් ලබා ගෙන ඇත්තේ ගොවි ජනතාවට අලෙවි කරන ලද පොහොර වලින් ලබාගත් මුදල් වලින් යයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබේ.

එම අමාත්‍යංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය අමරවීර මහතා මේ බව හෙළි කර ඇත්තේ රජයේ සේවකයන්ගේ මාසික වැටුප් ගෙවා ගැනීමට නොහැකි දුෂ්කර තත්වයකට රට පත්ව තිබෙන බව පැහැදිලි කරමිනි.

කෘෂිකර්ම උපදේශකවරුන් වෘත්තීය අරගල යෙදෙමින් ඇත්තේ තමන්ට ලැබෙන ඉන්ධන දීමනා ඇතුළු ඇතැම් සේවා දීමනා වැඩි කර දෙන ලෙස ඉල්ලමිනි.

ඒ සම්බන්ධයෙන් ඇමතිවරයා පවසා ඇත්තේ ආණ්ඩුව එවැනි දීමනා වැඩි කර දීමට මේ මොහොතේ හැකියාවක් නොමැති බවයි.

කෙසේ නමුත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් තමා තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද කියා තිබේ.

සේවක දීමනා වැඩි කරනවා තබා රජයේ සේවක වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බවත් මේ මාසයට රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට මුදල් භාණ්ඩාගාරයට ලබාුන්නේ ගොවීනට පොහොර අලෙවි කර උපයාගත් මුදල් බවත් හෙතෙම කියා ඇත.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook