Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මැහුම් 52ක් යොදා ජිවිතය රැකුණු “පිහි ඇනුම ගැන” ගැන ඩිලාන් සේනානායක කියන කතාව 

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඩිලාන් සේනානායකට පිහියෙන් ඇන තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (දෙසැ. 26) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් අපරාධය සිදු කිරීමට භාවිත කළ පිහි දෙකක් සහ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගත් බව ය.

සැකකරුවන් දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය සහ බොරැල්ල ප්‍රදේශවල පදිංචි 44ත් සහ 28ත් අතර පසුවන අය වෙති.පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් ගාලු මුවදොර විරෝධතා පැවති කාල සීමාවේදී දිනපතා එහි යාමට පුරුදු වී සිට ඇති බව ය.

එහිදී සිද්ධියේ ප්‍රධාන සැකකරු සමග මිත්‍රත්වයක් ඇති කරගත් තරුණියකට ඩිලාන් සේනානායක විසින් “සමච්චල්” කරනු ලැබ ඇති යැයි පැවසේ.

පසුව තුවාලකරු විසින් ඔහුගේ කමිසයේ කොලරයෙන් අල්ලා “තර්ජනය කිරීමකට පලි ගැනීමක් වශයෙන්” මෙලෙස පිහියෙන් ඇන තුවාල සිදු කර ඇතැයි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයන් තවදුරටත් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සැකකරුවන් මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත භාර දීමට නියමිත බව පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

දෙසැම්බර් 14 වන දින මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ඩිලාන් සේනානායකගේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි නිවසට පැමිණ මෙම පිහි ඇනුම සිදු කර තිබිණි.


කෙසේ නමුත් ඩිලාන් සේනානායක පවසන්නේ මෙවැනි කතාවකි.


ජූලි මාසයේ සිදු වූ සමච්චලයකට දෙසැමබර් මාසයේ පි$හියෙන් ඇනු$ම් 7ක්
පි$හි ඇනු$ම් 7ක්
මැහුම් 52ක්
දින එක හමාරක් මූ$ත්‍රා කිරීමට නොහැකිව සිටියා
දින 4ක් ම$ල පහ කිරීමට නොහැකිව රෝහල් ඇඳේ සිටියා.
මේ තිබෙන්නේ එම පහරවල් වල දිග පලල සහ ස්ථානය.
එසේම අවසාන රූපයේ තිබෙන්නේ බීන් බෑග් එක මත ඉඳගෙන සිටි මට අපරාධකරුවන් දෙදෙනා පි$හි පහර එල්ල කල ආකාරයයි.

මෙතරම් දින ගනනක් නිහඩව සිටියේ පොලිස් පරීක්ශණ සිදුවන බැවිනි. නිහඩ බව නිසාම රටේ පිලි ගත් පොලීසිය නිකුත් කලා යැයි කියන සැකකරුගේ කට උත්තරයේ තිබෙන්නේ මහා පරස්පරයකි. එන්ම් ජූලි මාසයෙදී අරගල භූමියේදී මා විසින් ගෑනු ලමයෙක්ට විහිලු කල බවත් මට පහර දුන් සැකකරු ඊට විරුද්ධ වූ විට මම ඔහුගේ කොලරයෙන් ඇල්ලු බවත් ඒ නිසා ඇති වූ ලැජ්ජාවට ජූලි මාසයේ සිට තරහ හිතේ තබාගෙන දෙසැමබර් මාසයේදි මෙම ඔබ දකින මැහුම් 52ක් දැමූ අමානුශීය පහර දීම
සිදු කලා යැයි කියයි. හාස්‍යයට කරුන නම් මතක ඇති කාලයක කිසිදු කෙනෙකුගේ කොලරයෙන් ඇල්ලු බව තියා ජූලි මාසයේ තියා අරගල භූමිය තුලදී කිසිදු කාන්තාවකට සමච්චල් කරනවට වඩා අපිට වැඩ තිබුනු බව මතකය. අඩුම තරමේ කාන්තාවක් සම්බන්ධව තියා වෙනත් හේතුවකටවත් කොලරවලින් අල්ලා ගෙන රන්ඩු කරන්න තරම් නිහීනයෙක් නොවේ.
 
ඉතින් පොලිස් පරීක්ශන තව දුරටත් සිදු කරන්නේ නම් මම කැමති දැන ගන්න කවුද ඒ කාන්තාව කියලත්. ඒ වගේම ඇයට මම කලා යැයි කියන සමච්චලය මොකක්ද ? එම සමච්චලය කරන විට ලග හිටියේ කෞද ? ආදී වශයෙන් කට උත්තරය මොකක්ද කියලත් දැන ගන්න කැමති.

හරි ඒක දුන්න කට උත්තරය එයමයි කියමුකො.

එම කට උත්තරය මාධ්‍යයට ලබාදීම පොලීසියේ වගකීමකි. එම වගකීම ඉටු කරමින් ඔවුන් නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට පෙර සමහර මේ රටේ වග කිව යුතු ජනමාධ්‍ය ආයතන වාර්ත කර ඇති ආකාරය පසුව කියන්නම්. මොකද ඔවුන්ට පොලීසියෙන් තව දේවල් කියා ඇත. නමුත් පොලීසියෙන් ඇහුවම කියන්නේ එය ජනමාධ්‍යට එවන් දෙයක් නොකියූ බවයි. ලෑස්ති වෙලා ඉන්න.



Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook