දිනිති වල්ගම කියන්නේ පුංචි තිරය ඔස්සේ අපිට නිතරම දැක බලා ගන්න පුලුවන් කෙනෙක්. ඒ වගේම ඇය මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතා කරන කෙනෙක් වෙලා.ඒ ඇය වැඩසටහනකට පැමිණ කියූ දෙයක් ගැනයි. ඉතින් ඇය පිලිබදව ගොඩක් දෙනා විවේචනය කරන්න පටන් ගත්තා.
දිනිති මුලින්ම රංගනයට පැමිණෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුනු “හාර කෝටිය” ටෙලිනාට්‍ය හරහා. පළමු ටෙලිනාට්‍ය රංගනය තුලින්ම රටේම ආදර දිනාගන්නට තරම් ඇයට හැකියාව ලැබුනා. වාසනාවන්ත වුනා. ඉන් පස්සේ කළා නිර්මාණ බොහොමයක වගේම වෙළඳ දැන්වීම් වලත් දකින්නන ලැබුණු දිනිති. සිරස වොයිස් වැඩසටහන තුල නිවේදිකාවක් වශයෙනුත් දැකගන්න ලැබුනා.
කලාක්ෂේත්රයේ වගේම අධ්‍යාපනය අතිනුත් ගොඩක් ඉහලටම ගිය කෙනෙක් ඇය. ඒ එක්කම පසුගිය කාලයක දිනිති ගැන වැඩි වැඩියෙන් කතාබහ වෙන්නට පටන් ගත්තේ පසුගිය දිනක වැඩසටහනකට සහභාගී වූ ඇයගෙන් නිවේදකයා අපූරු ප්රශ්නයක් විමසනු ලැබුවා එහිදී ඔහු දිනිති ගෙන් අසා සිටියේය ඇයගේ වැඩිමහල් සහෝදරයාගේ දරුවන්ට සැර කරන්නේ ඇයිදැයි යනුවෙනි.
කොහොම නමුත් ඇය අනාගතය ගැන හිතන බව නම් ඇය ඊයේ සමාජ මධ්‍ය වෙත මුදා හැර තිබු විඩීයෝවකින් දැක ගන්නට ලැබුනා. එම වීඩියෝවට තිබුනේ ඇය එළවළු වගා කරන අයුරු සහ ඇය වගා කර තිබූ එලවලු නෙලන අයුරුත් අපට දැක ගන්නට ලැබුනා. ඉතින් එහි ඇය මේ විදිහේ අපුරු සටහනකුත් එකතු කර තිබුනා.අපි වවමු රට හදමු.තල වපුරන්නෝ තල නෙලති. වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය නැති අය “තල කෝ” කියා comment කිරීමෙන් වලකින්න.