BOC සභාපති දූෂිත බවත් ඔහු ධූරයෙන් ඉවත් කරන ලෙසත් බල කරමින් දිවයින පුරා බැංකු සේවකයෝ වීදි බසිති
ලංකා බැංකුවේ වත්මන් සභාපති කාංචන රත්වත්තේ මහතා බැංකුව තුල මහජන මුදල් අවභාවිතා කරමින් දූෂිත ක්‍රියා සිදුකරමින් පවතින බව ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කරයි.මෙම සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කර බැංකුව තුල සිදුකර ඇති දූෂිත ක්‍රියා සම්බන්ධව වෝහාරික විගණනයක් සිදුකරන ලෙස බලකරමින් දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක වල ප්‍රධාන නගර වල දහවල් 12.30 සිට 1.30 දක්වා උද්ඝෝෂණ ව්‍යාපර දියත් කර ඇත.
මෙම උද්ඝෝෂණ සඳහා දිවයින පුරා බැංකු සේවකයින් විශල පිරිසක් සහභාගීවී ඇති අතර ලබන 26 සිකුරාදා දිනයේදී කොළඹ ලේක් හවුස් වටරවුමේදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවද ලංකා බැංකු සේවක සංගමය පවසයි.
තවදුරටත් මහජන මුදල් අවභාවිතා කරමින් බැංකුව අවධානමට ලක් කරන මෙම දූෂිත සභාපතිවරයා ධූරයෙන් ඉවත්කිරීමට සහ වෝහාරික විගණනයක් පැවැත්වීම සඳහා වගකිව යුත්තන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මුළු බැංකු පද්ධතියම අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාමාර්ග ගැනීමට ලංකා බැංකු සේවක සංගමය කටයුතු කරන බව එම සංගමයේ නායකයින් ප්‍රකාශ කරයි.
එමෙන්ම ලංකා බැංකුව විසින් ගණුදෙනුකරුවන්ගේ ණය මුදල් සඳහා ඉහල පොලී අනුපාත අයකිරීමට සිදුවී ඇත්තේද සභාපතිවරයාගේ දූෂිත ක්‍රියාකලාපය හේතුවෙන් බව එම සංගමය ප්‍රකාශ කරයි.