Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

දෙවසරට තෙල් දෙන්න රුසියාව අහයි
කොමිස් නැතිව සිපෙට්කෝ ලොක්කන් පස්සට අදී..

මාසිකව ඩොලර් මිලියන 300ක් වටිනා ඛනිජ තෙල්, වසර දෙකක ණය පදනමක් යටතේ ලෝක වෙළඳපෙළෙහි පවතින මිලට වඩා 15%-35%ක් අඩුවට ලබාදීම සඳහා රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර මේ වන විට සති තුනක කාලයක් ගත වී ඇතත් එම සංස්ථාවේ කොමිස් ගිලින නිලධාරීන් එම ව්‍යාපෘතියෙන් තමන්ට කොමිස් නොලැබෙන නිසා එය කඩාකප්පල් කිරීමට අරමුණු සහගතව කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කර සිටියි.

එහෙයින් තෙල් පෝලිම්වලදී විස්සකට අධික පිරිසක් මියගොස් ඇති මේ මොහොතේ, ඉහත කී නිලධාරීන්ට යට නොවී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වහා පියවර ගත යුතුව ඇති බව ද ඒ මහතා අවධාරණය කළේය.

අද(05) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමරවීර මහතා මෙසේ සඳහන් කළේය.
ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ ඩොලර් හිඟය හා සමගාමීව පැනනැගුණු තෙල් හිඟය අද පවතින සෑම ගැටළුවකම මූලය බවට පත්ව ඇති බවත් පාසල්, රජයේ සේවය යථා පරිදි පවත්වාගෙන යාම, කර්මාන්ත, කෘෂිකර්මාන්තය පවත්වාගෙන යෑම ආදියට ඒ හේතුවෙන් බාධා ඇතිවීමෙන් අද රටම ඔත්පල වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ත්‍රීරෝද රථ, පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි තෙල් නොලැබීම, QR ක්‍රමය යටතේ වුවද පිරවුම්හල් වෙත නිසි කලට තෙල් නොලැබීම ආදී ගැටළු තවමත් තිබෙන බව ද ඔහු කීය. අගෝස්තු 15 වැනිදායින් පසු තෙල් නැවක් ශ්‍රී ලංකාවට එන දිනයක් කීමට පවා බලධාරීන්ට නොහැකිව ඇති බවත් තෙල් හිගයට තවමත් රට තුළ තිරසාර විසඳුමක් නැති බවත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙරට තෙල් හිඟයට තිරසාර විසඳුමක් රුසියානු සමාගමක් මගින් ඉදිරිපත් කර තිබෙන්නේ එවැනි තත්ත්වයක් තුළ බවත් ඒ සඳහා පටු දේශපාලන වාසි නොතකා තම පක්ෂ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මූලිකත්වය ගත් බවත් ඒ මහතා අනාවරණය කර සිටියේය. පළමුව මෙරට දිගුකාලීන මිත්‍රයකු මෙන්ම ලොව ප්‍රමුඛතම තෙල් නිෂ්පාදකයකු වන රුසියාව නව වෙළෙඳපොළක් සොයමින් සිටි මොහොතක ඒ පිළිබඳව එවකට ජනාධිපතිවරයාව දැනුම්වත් කරමින් ද ශ්‍රී ලංකාවට රුසියාවෙන් තෙල් ලබා ගැනීම සඳහා මෙරට රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කරමින් ද ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ පක්ෂ 10 එකමුතුව ඇරඹූ වැඩපිළිවෙළ, එතැනින් නතර නොකොට ඉදිරියට ගෙන යෑමට තම පක්ෂය සතු ජාත්‍යන්තර සබඳතා යොදාගත් බව ද මෙහි දී සමරවීර මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

එම ක්‍රියාමාර්ග අනුව රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම මෙරට තෙල් ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට ඉදිරිපත් වන බව තම පක්ෂ නායකවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් පසුගිය ජූලි 07 වැනිදා එම තෙල් සමාගමේ සභාපතිවරයා හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඒ මහතා වැඩිදුරටත් කීය. ඒ පිරිස පිළිගෙන ඔවුන්ට එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකර, මහ බැංකු අධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ඉඩප්‍රස්ථා සලසා දීමට මෙහිදී වීරවංශ මහතා කටයුතු කළ බව ද සමරවීර මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එම සාකච්ඡා සාර්ථක වූ බවත් ඉහත කී ආකාරයට ශ්‍රී ලංකාවට තෙල් ලබා දීමට එම සමාගම පසුගිය ජූලි 15 වැනිදා අවබෝධතා ගිවිසුමක් ද ඒවා ඇති බවත් ජයන්ත සමරවීර මහතා මෙහිදී පැවසීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,

ජාතික නිදහස් පෙරමුණ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook