Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කවුද මේ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ  - ඔහු ගැන ඔබ මේ කරුණු දැනසිටියා ද ?

1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික විධායක ජනාධිපති ධුරය සඳහා අද (20) තේරී පත්විය.

1949 මාර්තු 24 වැනිදා කොළඹ කුරුඳුවත්තේදී උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

1970 වසරේ මැද භාගයේදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය ආරම්භකළ රනිල් වික්‍රමසිංහ මහතා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්කෙරුණි.
නීතීඥවරයෙකු ලෙස සිය වෘත්තිය ජීවිතය ඇරඹූ ඒ මහතා 1977 මහ මැතිවරණයට බියගම ආසනයෙන් තරග වදිමින් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේය.

එම මැතිවරණයෙන් ජයගෙන ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඒ මහතා ජේ. ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා විය.

ජේ. ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස යන ජනාධිපතිවරුන්ගේ ආණ්ඩුවල නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස මෙන්ම කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා සුවිශාල කාර්යභාරයක් ඉටුකළේය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන කොමිසම පිහිටුවීමට පෙරමුණ ගත් ඒ මහතා කාර්මික සංවර්ධන පනත ගෙනඑමින් කර්මාන්ත ශාලාවලට පස් අවුරුදු බදු සහන දීම, කාර්මික කොමිසම පත්කිරීම ආදී පියවර රැසක් ගත්තේය.

1989 මාර්තු 06 සිට 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේද කටයුතු කළ වික්‍රමසිංහ මහතා 1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ කටයුතු කළේය.

ප්‍රථම වතාවට 1993 මැයි 7 වනදා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරි පත්වූ අතර 1994 අගෝස්තු 19 වනදා දක්වා එම තනතුර හෙබවීය.

වික්‍රමසිංහ මහතා, දෙවන වරට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 02 දක්වාත්, තෙවන වරට 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 21 දක්වාත්, සිව්වන වරට 2015 අගෝස්තු 24 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත්, පස්වන වරට 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව පසුගිය මැයි මස 09 දින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා එම මස 12 වනදා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත්වී එම ධුරයේ කටයුතු කරමින් සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පසුගිය (14) දා සිට වැඩබලන ජනාධිපති ධුරයට ද පත්විය.

දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ රට අස්ථාවරවෙමින් පැවති අවස්ථාවක ඉකුත් මැයි මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇරයුමෙන් යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

අද (20) දින පාර්ලිමේන්තුවේ පැවති නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේදී ඡන්ද විමසීමෙන් මහජන නියෝජිතයින් අති බහුතරයක මනාපය දිනාගත් රනිල් වික්‍රමසිංහ මහතා, හෙට ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.

ඒ අනුව මෙවර රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගන්නේ බරපතළ ආර්ථික අර්බුදයකට සහ දේශපාලන අස්ථාවරත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඉන් මුදාගෙන සුරක්ෂිත කිරීමේ භාරදූර අභියෝගයක්ද සමගින් බව දේශපාලන විචාරකයෝ පවසති.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook