අරලියගහ මන්දිරය තුළ A/C කාමරයක් නිසා දෙපිරිසක් ගැටී 8කට තුවාල
අරලියගහ මන්දිරය තුළදී පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (12) අලුයම සිදුවූ එම ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් අතර කාන්තාවක් ද වන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.