ගාලු මුවදොර අරගල භූමියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
ඉන් තුවාලකරුවන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
මෙලෙස තුවාල ලබා ඇත්තේ, වයස අවුරුදු 15, 16, 17 වියේ පසු වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
අද (ජූලි 13) උදෑසන කාලයේදී තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ සිරුරෙහි කැපුම් තුවාල තිබූ බව එම රෝහල් ප්‍රකාශකයා වැඩිදුරට ත් පැවසීය.