Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඩොලරයෙන් බැට කන ඖෂධ මිළ

ලංකාවේ ඇති අර්බුදය කුමක්ද යන ප්‍රශ්නයට ඇත්තේ කෙටි පිළිතුරකි. ඒ ලංකාව තුළ ඩොලර් සංචිත නොමැතිවීම නිසා රුපියල අවප්‍රමාණය වීමයි. විදෙස් ශ්‍රමිකයන් මෙරටට මුදලේ එවීම අඩුවීම ද ඊට බලපා ඇත. ඊට බලපෑවේ රජය මඟින් පසුගිය සමය තුළ ගෙන ගිය අත්තනෝමතික සහ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති නිසා බව නොකියා බැරිය.

අද වන විට එහි ප්‍රතිඵල අපි භුක්ති විදිමින් සිටිමු. ආනයනය කරනු ලබන සියලූ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ඇතැම් භාණ්ඩ හා සේවා ලබා ගැනීමට දිගු පෝලිම්වල සිටීමට සිදුවී ඇත. සෑම දරුවෙකුටම උදෑසන ලබා දෙන කිරි වීදුරුව වෙනුවට තේ කහට කෝප්පයකින් සැනසීමට සිදුවී ඇත. ඇතැම් නිවෙස් වල තේ කහට එකක් සාදා ගැනීමට පවා ගෑස් නොමැත. මෙය අවාසනාවන්ත තත්වයකි. පසුගිය දිනක ඉන්ධන පෝලිමක සිය පියාගේ මරණයෙන් කම්පනයට පත් වූ පුතෙකු දක්වන ප්‍රතිචාරය රැගත් සංවේදී වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය විය.මේ වන විට ආනයනය මත පදනම්ව යම් තාක් දුරකට හෝ අඩාල නොවී පවතින එකම ක්ෂේත්‍රය වන්නේ ඖෂධ සැපයීමේ ක්ෂේත්‍රයයි. රාජ්‍ය අංශය මගින් සිදු කරනු ලබන ඖෂධ සැපයීම යම්තාක් දුරකට අකර්මණ්‍යව පැවතියත් පෞද්ගලික අංශයේ මැදිහත්වීම මත තවමත් ඖෂධ සැපයීමේ ගැටලුවකට ලංකාව මුහුණ දී නොමැත.

කෙසේ නමුත් එම ඖෂධ වල මිල පවා ඉහළ යමින් පවතී. ඊට ද බලපා ඇති ප්‍රධාන කරුණ වන්නේ විදේශ විනිමය අනුපාත වල ඉහළ යෑමයි. ඖෂධ ආනයනය කිරීමේදී සහ වෙළඳපලට නිකුත් කිරීමේදී සිදුවී තිබෙන උච්චාවචනය පදනම් කරගෙන එකී ඖෂධවල මිල ඉහළ දැමීමට අදාළ සමාගම්වලට සිදුව ඇත.එය තවදුරටත් පැහැදිලි කළහොත් ඖෂධ ආනයනය කිරීමේදී ණයවර ලිපි නිකුත් කිරීම සිදුවේ.ඒ සඳහා ගෙවීම් කළ යුත්තේ අදාල ණයවර ලිපියෙන් ආවරණය කරනු ලබන කාල සීමාවන් ඉක්මවා යාමෙන් අනතුරුවය. ගෙවීම් කළ යුත්තේ එකඟ වී ඇති විදේශ මුදලකින් වන අතර පවතින විදේශ විනිමය අනුපාතය මත ගෙවිය යුතු මුදල වෙනස් වේ.ඒ නිසා ඖෂධවල මිල ආනයනය කරනු ලැබූ දිනය මත නොව අදාල ඖෂධ වෙළඳපලට නිකුත් කළ දිනය මත වෙනස් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස එකම නිෂ්පාදිත දිනය සහ එකම කාණ්ඩ අංක සහිත ඖෂධ වල පවා මිල ඉහළ යා හැකිය. මෙසේ මිල ඉහළ ගිය ද ඖෂධ සමාගම විසින් මේ මොහොතේ සිදුකරමින් පවතින්නේ ජාතික කාර්ය භාරයකි. එසේම අමතක නොකළ යුතු තවත් කාරණයක් වන්නේ ඖෂධ සමාගම් වලට ඖෂධ වල මිල වැඩි කිරීමේදී අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියාවලියක් ඇති බවයි. අත්තනෝමතික ලෙස ඖෂධවල මිල වැඩි කිරීම ඔවුන්ට කිසිදු අවස්ථාවක් නොමැත. යම් ලෙසකින් ඉන්ධන හෝ ගෑස් මෙන් රජය මගින් සම්පූර්ණයෙන් ආනයනය සිදුවූයේ නම් මෙරට තුළ මානුශිය ඛේදවාචකයක් ඇතිවී තිබෙනු නොඅනුමානය. එසේ වූයේ නම් රට තුළ අද පවතින්නේ මීටත් වඩා එහා ගිය දරුණු ගණයේ අර්බුදයකි.

මෙම තත්වය යම්තාක් දුරකට හෝ සමනය කිරීමට විදේශ ශ්‍රමිකයන්ට ද වගකීමක් ඇත වර්තමානය වන විට පෙර පැවති අදූරදර්ශි ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට යම්තාක් දුරකට සාධනීය ප්‍රතිපත්ති ආචාර්ය නන්දලාල් වීරසිංහ ගේ පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරමින් සිටී. පසුගිය දිනවල එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල ශක්තිමත් වීම සිදුවිය. මෙම තත්ත්වය තවත් වැඩිදියුණු කිරීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ලබාදිය යුතුය. ඔබ විසින් එවනු ලබන සෑම ඩොලරයක් මගින් මෙරට ඖෂධවල මිල ගනන් අඩු වන බවත් ඩීසල් පෝලිම්, පෙට්‍රල් පෝලිම් ගෑස් පෝලිම් ආදිය අඩුවන බවත් වටහා ගත යුතුය. විවිධ නීති විරෝධී ක්‍රම මගින් මෙරටට මුදල් ලැබීමේදී ඔබට සුළු ලාභයක් ලැබුණද ඒ හරහා මෙරට ආර්ථිකයට සිදුවන විනාශය අති දැවැන්තය. එම නිසා ඔබ දන්නා හඳුනන සියලුම විදේශයන් වල සේවය කරන ශ්‍රී ලාංකිකයන් හට නියමිත ක්‍රමවේද හරහා ම පමණක් මුදල් මෙරටට එවන ලෙස ඉල්ලා සිටින්න.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook