ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
පවතින තත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කවුරුන් විසින් රජයක් පිහිටවූවත් එම රජයට ජනතාවගේ ආශිර්වාදය හෝ සහයෝගය නොලැබෙන නිසා මෙසේ භාරකාර රජයක් අගවිනිසුරුවරයා යටතේ පත්කර මාස තුනක් තුළ මැතිවරණයකට යායුතු බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.
මෙවැනි අර්බුදකාරී වාතාවරණයන් හමුවේ මෙසේ අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් භාරකාර ආණ්ඩු පිහිටුවීම වෙනත් රටවල ද සිදුකර ඇති බව සිහිපත් කරන හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදෙස් නිරීක්ෂකයින්ගේ ද සහාය ලබාගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව හිමිවන බවයි.