Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අද රාත්‍රියේ ත් විදුලිය කැපිල්ලක්

අද (දෙසැ. 22) සවස 6.00 සිට රාත්‍රී 9.30 දක්වා අතර කාලය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යංශය පවසයි.

නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන දෝෂයක් හේතුවෙන් දිනකට විනාඩි 45ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරමින් තිබේ.

විදුලි බල අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම අලුත්වැඩියාව සිදු කර යන්ත්‍ර යථා තත්ත්වයට පත් කරන තුරු දින කිහිපයක් මෙම විදුලි කප්පාදුව සිදු වනු ඇති බවයි.

සවස හයත් පස්වරු රාත්‍රී 9.30 අතර කාලයේදී මෙම විදුලි කප්පාදුව අවශ්‍යතාවය මත සිදුකිරීමට නියමිතය.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සභාපති සෞම්‍ය කුමාර මානවඩු මහතා සඳහන් කරන්නේ මෙම දෝෂය හටගෙන ඇති ජනන යන්ත්‍රයෙන් දිගින් දිගටම තෙල් කාන්දුවක් සිදු වන බවයි.

එමගින් විදුලි නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා තිබෙන නිසා පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට විදුලිය විසන්ධි වීමක් සිදුවිය හැකි බවද ඔහු පැවසීය.

තවත් වසර 5-6 කාලයක් වත් නොරොච්චෝලේ යන්ත්‍රය මෙසේ අක්‍රීය වනු ඇති බවත් එය නැවැත්විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ, හෙට දිනයේදී දෙවන ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බව ත් එසේ වුවහොත් විදුලි විසන්ධි වීමක් සිදු නොවනු ඇති බව ත් ය.

කෙසේ වෙතත්, මේ මොහොතේ ඒ පිළිබඳව නිශ්චිතව තහවුරු කළ නොහැකි බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook