Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ගයාන් මාත් එක්ක විවාහ වෙද්දි මට අවුරුදු විස්සක් විතර ඇති
ගයානුයි මායි ගොඩක් ආදරෙන් ජිවත් වුනා චතුරිකා නිසයි අපිට මෙහෙම වුනේ 

ගයාන් වික්‍රමතිලක කියල කියන්නේ ලංකාවේ කොයි කවුරුත් හදුනන දක්ෂ රංගන ශිල්පියෙක්. ඇත්තෙන්ම ඔහුට මේවෙනකොට විශාල ප්‍රේක්ෂකයන් පිරිසකගේ ආදරය සහ ගෞරවය දිනාගැනීමට හැකිව තිබෙනවා.

ඒ බව රහසක් නොවෙයි. කොහොම නමුත් ගයාන් විවාහවෙන්නේ මෙරට සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක සමගයි. ඇය තමයි චතුරිකා පීරිස්. ඉතින් චතුරිකා කියල කියන්නේ ගයාන්ගේ දෙවනි විවාහයේ බිරිඳයි

කොහොමහරි මේවෙනකොට ඔවුන් දෙදෙනාට ආදරණීය දියණියක සිටින අතර මේ තිදෙනා පිළිබඳ අපට සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා. කොහොම නමුත් මේ චතුරිකාගේද දෙවනි විවාහය වන අතර ඇය පළමු වරට විවාහවෙලා හිටියේ මෙරට මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු සමගයි.
ඔහු තමයි රොෂාන් පිලපිටිය. ඒ කොහොම උනත් ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන්වෙන අතර ඉන් අනතුරුව තමයි චතුරිකා ගයාන් සමගින් විවාහවෙන්නේ.

ඒ කොහොම උනත් ඔවුන් දෙදෙනාගේ විවාහයත් සමඟ ගයාන් වික්‍රමතිලක පිළිබඳව කතාබහට ලක්වෙන්නට පටන් ගන්නවා. ඒ ගයාන්ගේ පළමු බිරිඳ ෆර්ෂිනා ලතීෆ් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් සමගිනුයි.

ඉතින් ගයාන්ගේ පළමු විවාහයේ ඔහුට පුතුන් දෙදෙනෙකු සිටින බවයි ඇය කියල තිබුනේ. ඒ වගේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියල තිබුනේ මෙවැනි කතාවකුයි

“ගයාන් මාත් එක්ක විවාහ වෙද්දි මට අවුරුදු විස්සක් විතර ඇති.අපි දෙන්නා මුලින්ම හම්බවෙන්නෙ සිරස ටීවී එකේ විකාශය කරපු තරු මන්සල කියන program එක හරහා.මුස්ලිම් තරුණියක් වුණත් මාව විවාහ කරගන්න ගයාන් කැමති වුණා.ඇත්තටම අපි ඉතාම හොඳින් පවුල් ජීවිතය ගත කළා.

ගයාන් මට පුදුමාකාර ආදරයකින් හිටියේ. දරුවෝ දෙන්නටත් එහෙමයි. ටික කාලයක් යද්දි මට ගයාන්ගේ පොඩි පොඩි වෙනස්කම් දැනෙන්න ගත්තා.

එයා මාවයි දරුවන්වයි මගහරිනවා වගේ මට දැනුනා. පස්සේ මට ආරංචි වුණා ගයාන් චතුරිකා පිරිස් සමග සම්බන්ධයක් පවත්වනවා කියලා.

ඒ වෙනකොට චතුරිකා රොෂාන්ව marry කරලා හිටියේ. කුරුලු කූඩුවක් වගේ ආදරයෙන් හිටපු අපි දෙන්නගේ ආදරයට චතුරිකාගේ ඇස් වහ වැදුනා.

චතුරිකයි ගයානුයි එක්තරා ටෙලි ටෙලිනාට්‍යයකට රංගනයෙන් දායක වුණා. එතකොට තමයි මේ සම්බන්ධය පටන් අරගෙන තියෙන්නේ ” කියලයි.

එපමණක් නොවෙයි වැඩිදුරටත් අදහස් දක්වමින් ගයාන්ගේ පළමු බිරිඳ කියල තිබුනේ ඇයට දැනෙන දුක ගැන කියන්න වචන නැහැ කියලයි. ඒ වගේම මම ලංකාව අතහැරලා දරුවො දෙන්නව අම්මා ළඟ තියල විදෙස්ගත වුනා කියලයි ඇය කියන්නේ.

ඊට පස්සේ ගයාන් මගේ ලොකු දරුවාව එයයි චතුරිකයි ළඟට අරගෙන තිබුණා කියල කියපු ඇය කියන්නේ හැම පැත්තෙන්ම මට උනේ අසාධාරණකම් විතරයි කියලයි.

ඒ වගේම ඇය අවසාන වශයෙන් කියා සිටියේ දැන් එයා කොච්චර සතුටින් හිටියත් අපිට දීපු ගින්දර කවදහරි විදවන්න වේවී කියලයි.

ඒ කොහොම උනත් ගයාන්නම් ඇගේ මේ ප්‍රකාශය ගැන කිව්වේ වෙනස්ම කතාවක්. ඔහු කියන්නේ ඔහුගේ කලින් බිරිඳ සහ ඇයගේ දෙමව්පියන් ණය බරිතව සිටි අතර ඔහුගේ ආගමට බැඳෙන ලෙස නිරන්තරයෙන් කරදර කලා කියලයි.

ඒ වගේම දරුවන් දෙදෙනා තමන්ට බාර දුන්නේ ඇගේ දෙමව්පියන් බවයි ඔහු කියන්නේ. ඔවුන්ගේ මේ කතාව කොහොම වුනත් ගයාන් සහ චතුරිකා කියල කියන්නේ රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ කලා ශිල්පීන් දෙපලක්.

ඒ වගේම ඔවුන් මේවෙද්දී ලස්සන යුග දිවියක් ගත කරනවා. ඉතින් අපි ඔවුන්ගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.



Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook