Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් දුර්වල කරන "පසු - කොවිඩ් තත්ත්වය" ගැන ඔබ දන්නවාද?

කොවිඩ්-19 රෝගයට ගොදුරු වූ පුද්ගලයින් එම රෝගය වැළඳුණු කාල සීමාව තුළ මෙන් ම ඉන් සුව වූ පසු ද යම් යම් සංකූලතාවන්ට පත් වන බවට වාර්තා වෙයි.

මෙම තත්ත්වය "පසු කොවිඩ් තත්ත්වය" යනුවෙන් හඳුන්වන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

පසු කොවිඩ් තත්ත්වය යනු කුමක් ද?

කොවිඩ්-19 රෝගය වැළඳෙන ඇතැම් පුද්ගලයින් දින කිහිපයකින් ද බොහෝ දෙනෙකු සති කිහිපයක් ඇතුළත ද නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වන නමුත් සමහර ආසාදිතයින්ට යළි සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මසකටත් වඩා ගත වන අවස්ථා දක්නට ලැබේ. මෙම තත්ත්වය, පසු කොවිඩ් සංකූලතා තත්ත්වයන් (Post COVID Conditions) ලෙසින් හැඳින්වේ.

මෙම තත්ත්වය කොරෝනා ආසාදනය වූ සියලු දෙනාට ම ඇති වනවා ද?

කොරෝනා ආසාදනයෙන් දරුණු ලෙස රෝගී තත්ත්වයට පත්වූ පුද්ගලයන් මෙන් ම ඉතා සුළු රෝග ලක්ෂණ දැක්වූ හා කිසිදු රෝග ලක්ෂණයක් නොදැක්වූ පුද්ගලයන්ට පවා මෙම තත්ත්වය ඇති වීමේ ඉඩකඩක් පවතී.

පසු කොවිඩ් තත්ත්වයේදී බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවා ද?

⦿ හුස්ම ගැනීමේ අපහසුතාව

⦿ තෙහෙට්ටුව

⦿ අවධානය පවත්වාගෙන යාමේ අපහසුතා

යනාදිය මේ අතර සුලබව ම දක්නට ලැබෙන අතර ඊට අමතරව,

⦿ ශාරීරික හෝ මානසික වෙහෙසීමකින් පසු අපහසුතාව වැඩිවීම

⦿ කැස්ස

⦿ විටින් විට වේගවත් වන හෘද ස්පන්ධනය

⦿ පපුවේ හෝ උදරයේ වේදනාව

⦿ හිස කරකැවිල්ල

⦿ මාංශ පේශි හා හන්දිපත් වේදනාව

⦿ නින්ද යාමේ අපහසුතා

⦿ ගඳ සුවඳ දැනීමේ වෙනස්කම්

යනාදී විවිධ රෝග ලක්ෂණ ගණනාවක් මේ වන විට පසු-කොවිඩ් තත්ත්වයට අදාළව වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

කොවිඩ් ආසාදනය වී සුව වූ පසුවත්, නොයෙක් ශාරීරික සහ මානසික අපහසුතා පැවතීම රෝගය වැළඳුණු පුද්ගලයින් අතරේ දැකිය හැකි තත්ත්වයක් වන බවත් බොහෝ විට මෙම රෝග ලක්ෂණ කාලයත් සමග ක්‍රමයෙන් අඩු වී යන බවත් ඔවුහු සඳහන් කරති.

මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවා ද?

මෙහිදී ඉතාමත් ම වැදගත් වන්නේ හැකි උපරිමයෙන් විවේක ගැනීමය. අනවශ්‍ය ලෙස ශරීරය හා මනස වෙහෙස කිරීම රෝග ලක්ෂණ වැඩි වීමට හේතුවක් විය හැක. අපහසුවක් නොමැතිව, කළ හැකි පමණින් එදිනෙදා වැඩ කටයුතුවලට ක්‍රම ක්‍රමයෙන් පිවිසීම කළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කරයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, බර වැඩවල නිරත වූ අයෙකු පවා, එක්වර ම එයට යොමු නොවී පියවරෙන් පියවර තම ක්‍රියාකාරකම්වල තීව්‍රතාව වැඩි කරමින්, තමන්ට දරාගත හැකි මට්ටමෙන් පමණක් වෙහෙස වීමට ප්‍රවේශම් විය යුතු බවය.

මෙම කාලය හැකි පමණ විවේකයෙන් සිත සැහැල්ලුවෙන් ගත කිරීම ඉක්මනින් ශරීර සෞඛ්‍යය යථා තත්ත්වයට පත් වීමට උපකාරී වන බව ද ඔවුහු පවසති.

මෙම රෝග ලක්ෂණ කොවිඩ්-19 හේතුවෙන් ම ඇති වන ඒවා ද?

මෙම රෝග ලක්ෂණ කොවිඩ්-19 තත්ත්වයට අදාළ නොවන වෙනත් රෝග නිසා ද ඇති විය හැක.

පසු කොවිඩ් රෝග ලක්ෂණ ඇති වූ අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙසේ ද?


එවැනි තත්ත්වයක් පවතී දැයි තමන්ට තනිව ම හඳුනා ගැනීම අපහසු වීමට ද ඉඩ තිබේ. කොවිඩ් රෝගය සුව වීමෙන් පසුව, ඉහත රෝග ලක්ෂණ හෝ වෙනත් අපහසුතා තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය.

තව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 දුරකතන අංකය මේ වෙනුවෙන් පැය 24 පුරාවට විවෘතව පවතී.

මෙම තත්ත්වයන් තරුණ ප්‍රජාවටත් බලපාන්නේ ද?

වයෝවෘද්ධ පුද්ගලයන්ට මෙන් ම කොරෝනා ආසාදනයෙන් දරුණු රෝග ලක්ෂණ නොපෙන්වූ තරුණයින් අතරේ ද මෙම පසු-සංකූලතා දක්නට ලැබෙන බවට සාක්ෂි ඇත. එන්නත ලබා ගැනීම මගින් මෙම පසු කොවිඩ් සංකූලතා ඇති වීමේ අවදානම බොහෝ දුරට අඩු වන බවත් මේ වන විට තහවුරු කරගෙන ඇති බව ඔවුහු පවසති.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කරන්නේ, කොවිඩ් ආසාදනය හේතුවෙන් දිවි අහිමි වූ ශ්‍රී ලාංකිකයින් අතරින් වයස 30 ට අඩු පුද්ගලයින් ගණන 100කට ආසන්න බවය.

එය ප්‍රතිශතයක් ලෙසට කුඩා වූවත් රෝගය දරුණු වීමේ සම්භාවිතාවක් එම වයස් කාණ්ඩයටත් පවතින නිසාත්, ආසාදනය සුව වූ පසු මෙවැනි පසු සංකූලතා ඇති විය හැකි නිසාත්, එවැනි අපහසුතා හැකි තාක් අවම කර ගැනීමට තරුණ ප්‍රජාව පවා එන්නත ලබා ගැනීම ඉතාමත් ම වැදගත් බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

කාංචනා විජයබණ්ඩාර - mawbima

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook